මාර්තු 31 සිට කප්පාදු කිරීමට තීරණය කර ඇති JobSeeker දීමනාව යළි ඉහළ නංවයි? (SBS සිංහල/ වාර්තා)

How to handle your finance after the end of jobseeker and JobKeeper

Source: AAP

ඔස්ට්‍රේලියාවේ JobSeeker සුබ සාධන දීමනාව දිගුකාලීනව ඉහළ නංවන ලෙස ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම සමාජ සේවා කණ්ඩායම නැවතත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් ඉල්ලා සිටී.

ඒ අනුව අවම වශයෙන් දිනකට ඩොලර් 25 ක වැඩි කිරීමක් සිදුකරන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


JobSeeker සුබ සාධන දීමනාව ඉහළ දැමීම

එළඹෙන අප්‍රේල් මාසයේ සිට දැනට ගෙවනු ලබන JobSeeker සුබ සාධන දීමනාව පැරණි අගයට පමුණුවන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසර අග භාගයේදී ප්‍රකාශ කළේය.

ඒ අනුව එළඹෙන අප්‍රේල් මාසයේ සිට එය දිනකට ඩොලර් 40 ක් වනු ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

දැනට JobSeeker දීමනාව දෙසතියකට ඩොලර් 150 කින් ඉහළ නංවා තිබේ.

"2021 අප්‍රේල් 01 වන දින සිට ඔබේ JobSeeker දීමනාව සාමාන්‍ය දීමනාව බවට පත්වනු ඇත." යනුවෙන් Services Australia වෙබ් අඩවියේ සඳහන් කර තිබේ.

එම වෙබ් අඩවියට අනුව විරැකියාවෙන් පෙළෙන ළමුන් නොමැති තනිකඩ ඔස්ට්‍රේලියානුවන් හට දෙසතියකට $565.70 ක් අප්‍රේල් මාසයේ සිට හිමිවීමට නියමිතය.
coronavirus payments, jobseekers, welfare payments
Source: AAP

JobSeeker දීමනාව ද මදි බව කියයි

JobSeeker දීමනාව දෙසතියකට ඩොලර් 150 කින් ඉහළ දැමුවද එම මුදලද සැහීමකට පත්විය නොහැකි මුදලක් බව සමාජ සේවා පිළිබඳ ඔස්ට්‍රේලියානු සභාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක Charmaine Crowe පැවසුවාය.

කොරෝනා වසංගතය ආරම්භයේ පටන් JobSeeker දීමනාව ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් ඇය රජයට ප්‍රශංසා කළාය.

කොරෝනා වසංගතය නිසා මෙම දීමනාව දෙසතියකට ඩොලර් 550 කින් ඉහළ දැමීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේ දී තීරණය කළේය.

එවකට මෙම ගෙවීම ප්‍රමාණවත් නොවූයේ නම්, මේ එළඹෙන අප්‍රේල් මාසයේදී ද එය ප්‍රමාණවත් නොවන බව Charmaine Crowe පැවසුවාය.

අප්‍රේල් සිට තමන්ට තමන්ගේ නිවසේ වාසය කිරීමට හැකිවේදැයි මෙන්ම ආහාර පාන, බිල්පත්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය දේ සඳහා වන වියදම් තවත් කප්පාදු කිරීමට සිදුවේදැයි JobSeeker දීමනාව ලබන මිලියන ගණනක පිරිස දෙගිඩියාවෙන් පසුවන බව ද ඇය පැහැදිලි කළාය.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය JobSeeker දීමනාවේ දිනක මූලික අනුපාතය අවම වශයෙන් ඩොලර් 25 කින් ඉහළ දැමිය යුතු බවත් ඒ හරහා අදාළ දීමනාව ලබන්නන් ට තමන්ගේ මූලික අවශ්‍යතාවන් සපුරාගෙන තම ජීවිත යළි ගොඩනගා ගත හැකි බවත් ඔස්ට්‍රේලියානු සභාවේ ජ්‍යෙෂ්ඨ උපදේශක Charmaine Crowe පැවසුවාය.

නමුත් මෙම යෝජනාවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තම විරෝධය පළ කර තිබේ.

JobSeeker දීමනාවේ මූලික අරමුණ විරැකියාවෙන් සිටින නමුත් රැකියා සොයන පුද්ගලයින් රැකියා සොයාගැනීමට උනන්දු කරවීම නිසා මෙම දීමනාව ඉහළ දැමීමෙන් එහි මූලික අභිප්‍රාය නැතිවී යන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.

Share
Published 19 January 2021 5:30pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends