අඩු ප්‍රතිශක්තිකරණයක් ලැබීම නිසා ඇස්ට්‍රසේනිකා කොරෝනා එන්නත ලබා දීම දකුණු අප්‍රිකාව නතර කරයි, ඔස්ට්‍රේලියාව කුමක් කරයිද?

In this photo illustration the medical syringe is seen with AstraZeneca company logo displayed on a screen in the background (Photo by Rafael Henrique / SOPA Images/Sipa USA)

Australia's medical regulator has given the AstraZeneca vaccine a green signal for use. Source: AAP

දකුණු අප්‍රිකාව විසින් ඇස්ට්‍රසේනිකා එන්නත තම රට තුල භාවිතය නවතා දැමීමට තීරණය කිරීම හරහා ඔස්ට්‍රේලියාව තුල එය භාවිතයට ගන්නේද යන්න පිළිබඳව තීරණය කිරීමට ඉක්මන් නොවන බව සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසයි.
දකුණු අප්‍රිකාවෙහි හටගත් නව කොරෝනා වෛරස ප්‍රභේදය සඳහා ඇස්ට්‍රසේනිකා එන්නත තුලින් සැපයෙනුයේ අවම ප්‍රතිශක්තිකරණයක් බවට සොයාගැනීමෙන් අනතුරුව එය දකුණු අප්‍රිකාවේ දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩපිළිවෙල සඳහා යොදා ගැනීම අත්හිටුවීමට එරට බලධාරීන් තීරණය කොට තිබේ.
එහෙත් ඕස්ට්‍රේලියාවේ එන්නත් වැඩසටහන සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවත්, තවමත් ඇස්ට්‍රසේනිකා එන්නත පිළිබඳව විශ්වාසයෙන් පසුවන බවත් මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පවසයි.


SBS සිංහල සේවය 

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයින්ට හෝටල් නිරෝධායනයේ වැඩි කාලයක්

විදේශයන්හි සිට මෙරටට ආපසු පැමිණෙන පුද්ගලයින් සඳහා වන හෝටල් නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් සමාලෝචනය කිරීම සඳහා පියවර ගැනේ.
විදේශයක සිට නිව් සවුත් වේල්ස් කරා ආපසු පැමිණුන පුද්ගලයෙකු, අනිවාර්ය හෝටල් නිරෝධායනයක දෙසතියක් ගත කිරීමෙන් පසුව COVID-19 සඳහා ධනාත්මක බවට හෙලිවීමේ සිදුවීමෙන් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත්ව තිබේ.
ඒ අනුව, විදේශ වල සිට ආපසු පැමිනෙන පුද්ගලයින් වැඩි කාලයක් හෝටල් නිරෝධායනයේ රඳවා තබා ගනිමින් 16 වන දින යේදී නැවත කොරෝනා පරීක්ෂාවට ලක් කළ හැකි ප්‍රතිපත්තියක් සියලු ප්‍රාන්ත සහ ටෙරටරි විසින් හඳුන්වා දිය යුතු බවට අගමැති ස්කොට් මොරිසන් යෝජනා කර තිබේ.
නිරෝධයනයෙන් අනතුරුව මෙලෙස කොරෝනා වැළඳුනු මෙම පුද්ගලයා ඉලවාරා, වුලොන්ගොන්ග් සහ දකුණු සිඩ්නි ප්‍රදේශයේ පිහිටි අවන්හලකටද ගොස් තිබේ. ඒ හේතුවෙන් මෙම කලාප කොරෝනා වෛරසයට නිරාවරණය වුනු අවධානම් කලාප ලෙසට නම් කොට ඇත.


SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


නොදර්න් ටෙරටරිය මෙල්බර්න් උප නගර 3 ක් කොරෝනා මර්මස්ථාන ලෙස නම් කරයි

නොදර්න් ටෙරටරිය විසින් තම ටෙරටරි වාසීන් සඳහා මෙල්බර්න් හි උප නගර 3ක් කොරෝනා අවධානම් කලාප ලෙසට නම් කරයි.
Maidstone, Sunshine and Taylors Lakes, එම උප නගර 3න වෙයි. සතියක් ගතවීමටත් පෙර මෙල්බර්න් හෝටල් නිරෝධායන සේවයෙහි යෙදී සිටි දෙවන නිලධාරියා හටද කොරෝනා වෛරසය ආසාදනය වීම සැලකිල්ලට ගෙන මෙම නිවේදනය නිකුත්ක්ට තිබේ.
50 හැවිරිදි වියෙහි පසුවන හෝටල් නිරෝධයනයෙහි සේවය කල මෙම නිලධාරිනිය හොලිඩේ ඉන් හෝටලයේ සේවයෙහි නියුක්තව සිටි අයෙකි.
ඇය සම්බන්දව පසුගිය සතියේදී සිදුකරන ලද පරීක්ෂණ වලදී ඇය කොරෝනා සඳහා ඍණ ප්‍රථිපල පෙන්වා තිබුනද, ගෙවී ගිය සති අන්තයේදී නැවතත් කොරෝනා සඳහා ධනාත්මක බවට හෙළිව තිබේ.

පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 9 February 2021 11:19am
Updated 9 February 2021 11:24am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends