Breaking

කාන්තාවන් 13 ක් සමග සමස්තය 25 ක් වූ ඔස්ට්‍රේලියානු නව රජයේ කැබිනට් මණ්ඩලය මෙන්න (SBS සිංහල/ වාර්තා)

මෙම කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත වන අතර එයින් 13 දෙනෙකුම කාන්තාවන් වීම විශේෂත්වයකි.

Australian Prime Minister Anthony Albanese addresses fellow Labor colleagues during a Labor Party Caucus at Parliament House in Canberra, Tuesday, May 31, 2022. (AAP Image/Lukas Coch) NO ARCHIVING

Australian Prime Minister Anthony Albanese addresses fellow Labor colleagues during a Labor Party Caucus at Parliament House in Canberra, Tuesday, May 31, 2022. Source: AAP

ඔස්ට්‍රේලියාවේ 31 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දුන් කම්කරු පක්ෂ නායක Anthony Albanese සිය නව කම්කරු රජයේ කැබිනට් මණ්ඩලය ප්‍රකාශයට පත් කළේය.

මීට සුළු මොහොතකට පෙර අගමැති Albanese විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව දැනුම් දුන්නේය.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


කම්කරු රජයේ නව කැබිනට් මණ්ඩලය

පසුගිය මැයි 21 වනදා පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් කම්කරු පක්ෂය පාර්ලිමේන්තු ආසන 77 ක් මේ වන විට ලබාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව තමන්ට බහුතරයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමට හැකියාව ලැබෙන බව කම්කරු පක්ෂය පවසයි.

නව කම්කරු රජයේ කැබිනට් මණ්ඩලය පහත පරිදි වන බව අග්‍රාමාත්‍ය Anthony Albanese අද ප්‍රකාශ කළේය.

  1. නියෝජ්‍ය අගමැති Richard Males - ආරක්ෂක අමාත්‍ය
  2. Penny Wong - විදේශ කටයුතු පිළිබඳ ඇමතිනි
  3. Jim Chalmers - භාණ්ඩාගාරික අමාත්‍ය
  4. Katy Gallagher - මුල්‍, රාජ්‍ය සේවා සහ කාන්තා කටයුතු පිළිබඳ ඇමතිනි
  5. Tony Burke - සභා නායක සහ රැකියා, සේවා ස්ථාන සබඳතා හා කලා කටයුතු පිළිබඳ අමාත්‍ය
  6. Mark Butler - සෞඛ්‍ය සහ Aged care පිළිබඳ අමාත්‍ය
  7. Chris Bowen - දේශගුණික විපර්යාස හා බලශක්ති අමාත්‍ය
  8. Tanya Plibersek - පරිසර හා ජලය පිළිබඳ අමාත්‍ය
  9. Catherine King - යටිතල පහසුකම්, ප්‍රවාහන හා ප්‍රාදේශීය සංවර්ධන සහ පළාත් පාලන කටයුතු පිළිබඳ ඇමතිනි
  10. Linda Burney - ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ කටයුතු පිළිබඳ ඇමතිනි
  11. Amanda Rishworth - සමාජ සේවා ඇමතිනි
  12. Bill Shorten - NDIS සහ රාජ්‍ය සේවා ඇමති
  13. Mark Dreyfus - නීතිපති
  14. Brendan O'Connor - නිපුණතා සහ පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය
  15. Jason Clare - අධ්‍යාපනය අමාත්‍ය
  16. Julie Collins - නිවාස, නිවාස නොමැතිකම පිළිබඳ සහ කුඩා ව්‍යාපාර පිළිබඳ ඇමතිනි
  17. Michelle Rowland - සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමතිනි
  18. Madeline King - සම්පත් සහ උතුරු ඔස්ට්‍රේලියාව පිළිබඳ ඇමතිනි
  19. Murray Watt - කෘෂිකර්ම, ධීවර හා වන විද්‍යා සහ හදිසි කළමනාකරණ අමාත්‍ය
  20. Ed Husic - කර්මාන්ත හා විද්‍යා අමාත්‍ය
  21. Clare O'Neil - ස්වදේශ කටයුතු සහ සයිබර් ආරක්ෂණ කටයුතු පිළිබඳ ඇමතිනි
  22. Andrew Giles - ආගමන, පුරවැසිභාවය සහ බහු සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය
  23. Anne Aly - මුල් ළමාවිය අධ්‍යාපන කටයුතු සහ තරුණ කටයුතු පිළිබඳ ඇමතිනි
  24. Anika Wells - Aged Care සහකාර ඇමතිනි සහ ක්‍රීඩා කටයුතු පිළිබඳ ඇමතිනි
  25. Kristy McBain - කර්මාන්ත සංවර්ධන හා ටෙරිටරි පිළිබඳ ඇමතිනි

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


කම්කරු කැබිනට් මණ්ඩලයේ සුවිශේෂීතා

මෙම කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 25 දෙනෙකුගෙන් සමන්විත වේ.

එයින් 13 දෙනෙකුම කාන්තාවන් වීම විශේෂත්වයකි.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයක ප්‍රධාන අමාත්‍යංශයක් දරන ඉතිහාසයේ පළමු මුස්ලිම් කාන්තාව ලෙස Anne Aly වාර්තා වේ.

මෙම නව කැබිනට් මණ්ඩලය ජුනි 01 වනදා දිවුරුම් දීමට නියමිතය.



Share
Published 31 May 2022 7:16pm
Updated 31 May 2022 7:18pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends