Pfizer කොරෝනා එන්නතට ඔස්ට්‍රේලියාවේ අනුමැතිය, පෙබරවාරි අග සිට එන්නත් ලබා දීම ඇරඹේ (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ චිකිත්සක භාණ්ඩ පරිපාලනය ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා Pfizer-BioNTech COVID-19 එන්නත තාවකාලිකව අනුමත කර ඇත.

Prime Minister Scott Morrison speaks to the media during a press conference.

Prime Minister Scott Morrison speaks to the media during a press conference. Source: AAP

ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය නියාමක ආයතනය වන Therapeutic Goods Administration (TGA) හෙවත් චිකිත්සක භාණ්ඩ පරිපාලනය විසින් ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා Pfizer කොරෝනා එන්නත තාවකාලිකව අනුමත කර තිබේ.

ඒ අනුව එහි පළමු මාත්‍රා තොගය ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබන මස අග භාගයේදී ලබා දීම ආරම්භ කෙරෙනු ඇත.


 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA

නැතිනම්  රූපවාහිනියේ channel 38


 

මේ අනුව Pfizer කොරෝනා එන්නතේ සුරක්ෂිතභාවය, තත්ත්වය හා කාර්යක්ෂමතාව පිළිබඳ සිදුකළ ඇගයීමෙන් පසුව එය  ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට වැඩි පුද්ගලයින් සඳහා ලබා දීමට චිකිත්සක භාණ්ඩ පරිපාලනය (TGA) අනුමැතිය පළ කළේය.

"මෙම එන්නත පිළිබඳ TGA සමාලෝචන ක්‍රියාවලිය දැඩි හා ඉහළම ප්‍රමිතියකින් යුක්ත වූ බව ඔස්ට්‍රේලියානුවන්ට විශ්වාස කළ හැකියි." යනුවෙන් TGA නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

Highlights

  • ඔස්ට්‍රේලියාවේ භාවිතය සඳහා Pfizer කොරෝනා එන්නතට තාවකාලික අනුමැතිය හිමිවේ.
  • අවම වශයෙන් දින 21 ක හෝ පරතරයක් සහිතව මෙම එන්නතෙන් මාත්‍රා දෙකක් ලබාගත යුතු වේ.
  • ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩසටහන පෙබරවාරි අගදී ආරම්භ කිරීමට නියමිතය.

Pfizer කොරෝනා එන්නත සඳහා වසර 2 කට අනුමැතිය

Pfizer කොරෝනා එන්නත ට මේ අනුව වසර 2 ක කාලයක් අනුමැතිය ලබා දී තිබේ.

අවම වශයෙන් දින 21 ක හෝ පරතරයක් සහිතව මෙම එන්නතෙන් මාත්‍රා දෙකක් ලබාගත යුතු වේ.

Aged care හා disability care ස්ථාන වල වෙසෙන පුද්ගලයින්ට සහ එම ස්ථාන වල සේවයේ නියුතු පුද්ගලයින්ට, කොරෝනා වයිරසය සමග ප්‍රධාන වශයෙන් ගැටෙන ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ නිරෝධායන ක්‍රියාවලියේ හා දේශ සීමා ආරක්ෂණයේ යෙදෙනෙ පුද්ගලයින්ට මෙම එන්නත පළමුව ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සඳහන් කළේය.
කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාව ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියේ විශාල සන්ධිස්ථානයක් ලෙස මෙම Pfizer කොරෝනා එන්නත අනුමත කිරීම හැඳින්විය හැකි බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

මෙය හදිසි අනුමත කිරීමක් නොව TGA හි සාමාන්‍ය ක්‍රියාවලිය යටතේ ලබාදුන් අනුමැතියක් බවත් ඔහු අවධාරණය කළේය.

"මෙම කොරෝනා එන්නත් පිළිබඳ අපගේ ලෝක මට්ටමේ ආරක්ෂක නියාමකයා විසින් ගනු ලබන ගැඹුරු හා ප්‍රවේශම්කාරී ප්‍රවේශය පිළිබඳව ඔස්ට්‍රේලියානුවන් විශ්වාසය තැබිය යුතුයි." යනුවෙන්ද අග්‍රාමත්‍ය Scott Morrison ප්‍රකාශ කළේය.

"අපගේ ප්‍රමුඛතාවය සැමවිටම ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂාකාරීව තබා ගැනීම සහ ඔවුන්ගේ ජීවිත හා ජීවනෝපායන් ආරක්ෂා කිරීමයි. අද දින මෙම Pfizer කොරෝනා එන්නත අනුමත කිරීම අපගේ ප්‍රජාව සඳහා තවත් විශාල ඉදිරි පියවරක්, විශේෂයෙන් අපගේ වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයින්ගේ ආරක්ෂාව සඳහා." යනුවෙන් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
Pfizer's COVID-19 vaccine is the first to be approved for use in Australia.
Pfizer's COVID-19 vaccine is the first to be approved for use in Australia. Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩසටහන පෙබරවාරි ඇරඹේ

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩසටහන පෙබරවාරි අගදී ආරම්භ කිරීමට නියමිත බව අද (25/01) දිනයේදී අනාවරණය විය.

මීට පෙර එය පෙබරවාරි මැද දී ආරම්භ කිරීමට සැලසුම් කළද ජාත්‍යන්තර නැව්ගත කිරීම් හෝ නිෂ්පාදනයේ ප්‍රමාදවීම් හේතුවෙන් එය පෙබරවාරි අගට කල් ගොස් ඇත.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් වැඩසටහන මේ වසරේ ඔක්තෝබර් මාසය වන විට අවසන් කිරීමට ද මධ්‍යම රජය අපේක්ෂා කරයි.

මේ අතර ආරම්භක අදියරේදී සෑම සතියකම මාත්‍රාවන් 80,000 ක් ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.

ඇතැම් විට එම අගය තවත් වැඩිවනු ඇතැයිද ඔහු පැවසුවේය.

ඔස්ට්‍රේලියාව තුළ කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීම ආරම්භ වූ විගස එම ප්‍රමාණය සතියකට මිලියනයක් දක්වා ඉහළ දැමිය හැකි බවත් ඔහු සඳහන් කළේය.

විදේශ රටක නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතක් මත පමණක් ඔස්ට්‍රේලියාව යැපෙන්නේ නැති බවට අප පසුගිය වසරේ අගෝස්තු මාසයේදී තීරණය කළා. ඒ අනුව අපටම කොරෝනා එන්නතක් ඔස්ට්‍රේලියාව තුළ නිපදවීමට අප කටයුතු ආරම්භ කළ අතර දැන් එය සිදුවෙමින් පවතිනවා." යනුවෙන් අග්‍රාමත්‍ය Scott Morrison ප්‍රකාශ කළේය.

Oxford - Astrazeneca කොරෝනා එන්නත සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මූලික ගෙවීමක් කර ඇති බවත් මෙල්බර්න් නුවර එය නිෂ්පාදනය කරන බවත් ඔහු වැඩිදුර සඳහන් කළේය.

Share
Published 25 January 2021 1:57pm
By Madhura Seneviratne


Share this with family and friends