වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලය දිගු කරනවා ද යන්න පැවසීමට තවම කල් වැඩියි: ප්‍රාන්ත අගමැති Daniel Andrews

Victoria to end lockdown.

Financial and other support for COVID-19 in Victoria Source: AAP Image/Erik Anderson

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබා දීම පෙබරවාරි 22 සිට

ඔස්ට්‍රේලියාව ඇණවුම් කළ Pfizer කොරෝනා එන්නතේ පළමු තොගය ඊයේ දිනයේදී සිඩ්නි නුවරට ළඟා වී තිබේ. ඒ අනුව මේ මස 22 වන දින සිට ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත් ලබා දීමේ ක්‍රියාවලිය ආරම්භ වේ.

ඊයේ දිනයේදී මෙලෙස පැමිණි එන්නත් තොගයෙන් මාත්‍රා 142,000 කට අධික සංඛ්‍යාවක් සිඩ්නි නුවර නිමවා තිබෙන විශේෂ අධි ශීතකරණ වල තැන්පත් කිරීමට රැගෙන ගොස් ඇත. එසේම ඉදිරි දිනවලදී, මෙම එන්නත් තොගය ප්‍රවාහනයේදී සිදුව ඇති හානි සහ එහි ණාත්මකභාවය පිලිබඳ තක්සේරු කෙරේ.

පැමිණි එන්නත් වලින් 80,000 ක ප්‍රමාණයක් ලබන සතියේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි රජයන් වෙත නිකුත් කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt ප්‍රකාශ කළේය.

එම එන්නත් ප්‍රාන්ත හා ටෙරිටරි වල හෝටල් නිරෝධායනයේ යෙදී සිටින සේවකයින් හට, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින්ට, aged care මධ්‍යස්ථාන වල වෙසෙන වියපත් පුද්ගලයින්ට හා ඒවායේ සේවකයින්ට ලබාදීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කොට සිටියේය. එන්නත ලබා දීමේදී හෝටල් නිරෝධායනයේ යෙදී සිටින සේවකයින් ඉහළම ප්‍රමුඛතාව ගන්නා පිරිස බව සඳහන්.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown කාලය දිගු කරනවා ද යන්න පැවසීමට තවම කල් වැඩියි: ප්‍රාන්ත අගමැති Daniel Andrews

වික්ටෝරියා ප්‍රාන්තයේ දැනට පනවා තිබෙන lockdown කාලය හෙටින් අවසන් වීමට නියමිතව තිබුනද, එය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් පවතීද යන්න සඳහන් කිරීමට තවමත් නොහැකි බව ප්‍රාන්ත අගමැති Daniel Andrews පවසා සිටී.

lockdown කාලසීමාව තුලදී ඊයේ දිනයේදී එක් නව අසාදිත පුද්ගලයෙකු පිළිබඳව වාර්තා විය. හොලිඩේ ඉන් කොරෝනා පොකුර හටගැනීමට හේතුවුණු හෝටල් නිරෝධායන සේවකයා පෙබරවාරි 6 දා සහභාගී වුනු උත්සවයක සිටි කාන්තාවක් මෙලෙස ඊයේ දිනයේදී හමුවූ නව කොරෝනා ආසාදිතයා ලෙසට හඳුනාගෙන තිබේ. මේ අනුව හොලිඩේ ඉන් නිරෝධායන හෝටලය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරෙන් මේ වන විට හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 17කි.

තත්වය මෙසේ තිබියදී හෙට (17/02) දිනයේදී අවසන්වීමට නියමිතව ඇති දින 5 ක lockdown කාලය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවක් පවතීද නැද්ද යන්න පිළිබඳව තවම නිශ්චිතවම ප්‍රකාශ කල නොහැකි බව වික්ටෝරියා ප්‍රාන්ත අගමැති Daniel Andrews කියා සිටී.

මේ අතර ජල කාන්දුවක් හේතුවෙන් මෙල්බර්න් හි Flinders Lane Holiday Inn නිරෝධායන හෝටලයේ රැඳී සිටින පිරිස් ඉවත් කිරීමට තීරණය කෙරේ. කෙරේ.

මෙම හෝටලයේ රැඳී සිටින COVID-19 සඳහා ධනාත්මක බවට තහවුරු වී ඇති විදේශයන් හි සිට ආපසු පැමිණි සංචාරකයින් අද දිනයේදී වෙනත් ස්ථානයකට රැගෙන යාමට නියමිතයි.


SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


නිව් සවුත් වේල්ස් සංචාරකයින් ට අනිවාර්ය නිරෝධායනය වීමේ නීතිය බටහිර ඔස්ට්‍රේලියාව ඉවත් කරයි

තම ප්‍රාන්තයට පැමිණෙන නිව් සවුත් වේල්ස් සංචාරකයින්ට, පැමිණීමෙන් පසු නිරෝධායනය වීමේ අනිවාර්ය නීතිය ඉවත් කිරීමට බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තය තීරණය කරයි.

මේ අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තය සඳහා දැඩි සීමා කිරීම් වලට යටත් කරනු ලබා ඇති තම ප්‍රාන්ත දේශ සීමා නීති, වික්ටෝරියා ප්‍රාන්තයේ lockdown තත්වය නිමා වන තුරු එලෙසම ක්‍රියාත්මක බව බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් වැඩිදුරටත් පවසයි.


පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.


හෝටල් නිරෝධායන ක්‍රියාවලි අධීක්ෂණය කිරීමට ජාතික ස්වාධීන අධීක්ෂණ සේවාවක්

හෝටල් නිරෝධායන මෙහෙයුම් අධීක්ෂණය කිරීම සඳහා ජාතික ස්වාධීන අධීක්ෂණ සේවාවක් සඳහා ඉල්ලීම් ඉදිරිපත් ව තිබේ.

මෙම කර්තව්‍ය සඳහා මේ වන විට ප්‍රමුඛ මහජන සෞඛ්‍ය විශේෂඥයින් දෙදෙනෙකු වන මහාචාර්ය ටෝනි බ්ලැක්ලි සහ මහාචාර්ය පීටර් කොලිග්නන්ගේ සහාය ලබා ගැනේ.

නිරෝධායන මධ්‍යස්ථාන වල ක්‍රියාදාම නිරීක්ෂණය, ප්‍රමිතිය තක්සේරු කිරීම ආදිය තීරණය කිරීම සඳහා නිරෝධායන විගණකවරයෙකු ගේ සහය ලබාගැනීම අත්‍යවශ්‍ය බවට මහාචාර්ය ටෝනි බ්ලැක්ලි මහතා යෝජනා කරයි.

Share
Published 16 February 2021 9:36am
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS News

Share this with family and friends