පෙබරවාරි 16: වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් තවත් නව කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් හමුවෙයි

Victorian Premier Daniel Andrews addresses the media in Melbourne as he announces a five-day lockdown on Friday, 12 February.

Victorian Premier Daniel Andrews addresses the media in Melbourne as he announces a five-day lockdown on Friday, 12 February. Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයෙන් ඊයේ (15/02) දිනයේදී සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා නව කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු සොයාගෙන තිබේ.

ඉන් දෙදෙනෙකු ප්‍රජාව තුළින් ද සෙසු දෙදෙනා හෝටල් නිරෝධායනයේ යෙදී සිටි සංචාරකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වේ.

ප්‍රජාව තුළින් හමුවූ ආසාදිතයින් දෙදෙනා මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතයෙකු ගේ නිවසේ සාමාජිකයින් බව සඳහන්.

ඒ අනුව මෙල්බර්න් Holiday Inn හෝටලය ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර අද (16/02) උදෑසන වන විට 19 දක්වා ඉහළ ගොස් ඇත.

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඊයේ දිනයේදී කොරෝනා පරීක්ෂණ 23,950 ක් සිදුකර ඇති බවද වාර්තා වේ.


Share
Published 16 February 2021 9:19am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends