ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයත් වැස්සට සේදෙයි. ලංකාවේ ලෝක කුසලාන ඉදිරි ගමන කෙබඳුද : 2019 ක්‍රිකට් ලෝක කුසලානය

ICC Cricket World Cup 2019

Source: Getty Images

2019 ලෝක කුසලාන තරගාවලිය: ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයත් වැස්සට සේදෙයි. ලංකාවේ ලෝක කුසලාන ඉදිරි ගමන කෙබඳුද?

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (11/06) පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය.

Bristol ක්‍රීඩාංගනයට ඇදහැළුණු වැසි නිසා තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර පැය හතරකට පමණ පසුව පිටිය පරීක්ෂා කළ විනිසුරුවන් පන්දුවාර ප්‍රමාණය අඩුකර හෝ තරගය පැවැත්වීමට නොහැකි බව තීරණය කරමින් තරගය අතහැර දැමීමට තීරණය කළේය.

මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ බංග්ලාදේශයට ප්‍රසාද ලකුණු 01 බැගින් හිමි විය.

අද තරගය ශ්‍රී ලංකාවට කෙතරම් වැදගත් ද සහ වර්ෂාව බාධා වූ අයුරු පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැහැදිලි කළේ මේ අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: ICC/Facebook

ශ්‍රී ලංකාවේ ඊළඟ තරග?

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය ඔස්ට්‍රේලියාව සමග එළඹෙන ජුනි 15 වන දින පැවැත්වේ.

එතැන් පටන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව ඇත්තේ එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් යන ලොව ප්‍රබලතම කණ්ඩායම් සමගය.

ඒ අනුව ශ්‍රී ලංකාවට තිබූ පාකිස්තාන සහ බංග්ලාදේශ යන තරග දෙකම වැස්සට සේදී යාම හේතුවෙන් ශ්‍රී ලංකාවට හිමිවුයේ එක් ප්‍රසාද ලකුණ බැගිනි.

මේ තත්ත්වය ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමේදී ශ්‍රී ලංකාවට බලපාන්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පවසා සිටියේ මෙවැන්නක්....
ICC Cricket World Cup 2019
Source: ICC/Facebook

ප්‍රසාද ලකුණු සටහන සහ ඉදිරි තරග වලට වර්ෂාවේ බලපෑම

අද වන විට ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන දැක්වෙන්නේ පහත අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: Google
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ පැවැත්වීමට තිබුණේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ 16 වන තරගයවේ.

තවත් පළමු වටයේ තරග 29 ක් ඉතිරිව පවතී.

එම තරග වලටද මෙම වර්ෂාව බලපෑමක් එල්ල කළහොත් ලෝක කුසලාන තරගාවලියේ අවසාන ප්‍රතිඵලයට එය කෙසේ බලපායිද?

SBS සිංහල සේවයට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න එය පැහැදිලි කළේ මේ අයුරිනි.


ශ්‍රී ලංකාව මීළඟට තරඟ වදින්නේ ඔස්ට්‍රේලියාව සමඟයි. එය මෙම ජුනි 15 වන දා ඕස්ට්‍රේලියානු (නැගෙනහිර සම්මත - AEST) වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි. එම තරඟය අවසන්වූ සැනින් තරඟය පිලිබඳ සමස්ත සමාලෝචනයක් අපගේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සුදානම්.

පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese

නැතිනම් අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Share
Published 12 June 2019 12:46am
Updated 12 June 2019 4:23pm
By Madhura Seneviratne


Share this with family and friends