2019 ලෝක කුසලාන තරගාවලිය: ශ්‍රී ලංකා - පාකිස්තාන තරගය වැස්සට සේදීම ශ්‍රී ලංකාවේ ඉදිරි තරග වලට බලපාන්නේ කෙසේද?

ICC Cricket World Cup 2019

Source: ICC/Facebook

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඊයේ (07/06) පැවති තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළේය.

Bristol ක්‍රීඩාංගනයට ඇදහැළුණු වැසි නිසා තරගය ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර පසුව පැය පහමාරකට පසුව පිටිය පරීක්ෂා කළ විනිසුරුවන් පන්දුවාර ප්‍රමාණය අඩුකර හෝ තරගය පැවැත්වීමට නොහැකි බව තීරණය කරමින් තරගය අතහැර දැමීමට තීරණය කළේය.
ICC Cricket World Cup 2019
Source: Facebook
මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට සහ පාකිස්තානයට ප්‍රසාද ලකුණු 01 බැගින් හිමි විය.

මේ තත්ත්වය ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යාමේදී ශ්‍රී ලංකාවට බලපාන අයුරු ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: Twitter

ශ්‍රී ලංකාවේ ඊළඟ තරග?

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය බංග්ලාදේශය සමග එළඹෙන ජුනි 11 වන දින පැවැත්වේ.

බංග්ලාදේශය එක් දින ශ්‍රේණිගත කිරීම් හි 7 වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාව 9 වන ස්ථානයේ පසුවෙයි.

නමුත් මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකාව තරග 3 කදී ප්‍රසාද ලකුණු 03 ක් ලබා 3 වන ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය තරග 2කට සහභාගී වී ප්‍රසාද ලකුණු 2 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 8 වන ස්ථානයේ පසුවෙයි.

ඒ අනුව එම තරගයට සහ ඉදිරි තරග වලට මුහුණ දීමට ශ්‍රී ලංකාව කෙසේ සූදානම් විය යුතුද? ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න පැහැදිලි කළේ මේ අයුරිනි.

සමස්ත ප්‍රසාද ලකුණු සටහන

ඒ අනුව ඊයේ (07/06) වන විට 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
ICC Cricket World cup 2019 Point Table
Source: Facebook
මේ අතර එංගලන්තය සහ බංග්ලාදේශය අතර මෙන්ම නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර තරග අද (08/06) පැවැත්වීමට නිය
ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Share
Published 8 June 2019 1:57am
Updated 8 June 2019 8:47am
By Madhura Seneviratne

Share this with family and friends