ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි සදහා ඔබ පෙර සුදානම් වන්නේ කෙසේද?

ඔස්ට්‍රේලියාවේ බොහෝ වනාන්තර වල බහුලව දැකිය හැකි ශාකයක් වන යුකැලිප්ටස් හෙවත් Gum Tree නිසාද ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි බහුලව ඇතිවේ.

Bushfire warning for Victoria, South Australia & Western Australia

Source: AAP

ග්‍රීෂ්ම කාලයේදී ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්ත වල ලැව් ගිනි හටගැනීම සුලබ සිදුවීමකි.

පරිසර හානි මෙන්ම මෙය බොහෝ විට දේපළ මෙන්ම ජීවිත හානිද සිදු කරයි.

වාර්ෂිකව හටගන්නා මෙම ලැව් ගිනි සඳහා සූදානම් විය යුතු ආකාරය පිළිබඳ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පරිසර විද්‍යා පර්යේෂිකා ආචාර්ය නිරෝෂා රණවක මහත්මිය සමග SBS සිංහල සිදු කල සාකච්චාවක් ඇසුරෙන් මෙම ලිපිය සැකසේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ පවතින වියළි සහ උණුසුම් දේශගුණික තත්ත්වය සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇතිවීමට ප්‍රධානතම හේතුව වේ.
  • Fire Danger Ratings හරහා ඔබගේ ප්‍රදේශයේ ඇති ලැව් ගිනි අවදානම වර්ණ මගින් ශ්‍රේණිගත කර තිබේ.
  • ඔබේ ප්‍රදේශයේ අවට ඇතිවී තිබෙන ලැව් ගිනි පිළිබඳ දැනගැනීමට Fires Near Me App එක හරහා හැකියාව ලැබේ.

01. ලැව් ගිනි ඇතිවන්නේ කෙසේද?

ලැව් ගිනි ඇතිවීම ස්වභාවික සංසිද්ධියකි.

ඔස්ට්‍රේලියාවේ පවතින වියළි සහ උණුසුම් දේශගුණික තත්ත්වය සෑම වසරකම ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි ඇතිවීමට ප්‍රධානතම හේතුව වේ.

ග්‍රීෂ්ම සෘතුවේදී මේ තත්ත්වය තවත් තීව්‍ර වී ලැව් ගිනි ඇතිවීමේ අවදානම තවත් ඉහළ යයි.

ඔස්ට්‍රේලියාවේ බොහෝ වනාන්තර වල බහුලව දැකිය හැකි ශාකයක් වන යුකැලිප්ටස් හෙවත් Gum Tree නිසාද ඔස්ට්‍රේලියාවේ ලැව් ගිනි බහුලව ඇතිවේ.

මන්ද එහි පත්‍ර ඉතා වියළි වන අතර එනිසාම වහා ගිනි ඇවිලෙන සුළුය.

එසේ ඇතිවන ලැව් ගිනි වඩා ශීග්‍රයෙන් පැතිරී යාමට පහත සඳහන් හේතු ප්‍රධාන ලෙස බලපායි.

  • Fine Fuel (කුඩා ලී කොට, අතු කැබලි, වියළී ගිය කොළ)
  • සුළගේ වේගය
  • කඳුකර පරිසරය (බෑවුමකට වඩා කන්දක උඩ දෙසට ලැව් ගින්නක් ඉතා වේගයෙන් පැතිරේ)
Eucalyptus tree
Eucalyptus tree Source: Pixabay/ KathyB-Photos

02. ලැව් ගින්නක් තම ප්‍රදේශයේ ඇති බවට කලින් දැනගන්නේ කෙසේද?

සෑම වසරකම ලැව් ගිනි සමයේදී ලැව් ගිනි පිළිබඳ ජනතාව දැනුවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙන්ම ප්‍රාන්ත රජයන් ද විවිධ පියවර ගෙන තිබේ.

Fire Danger Ratings

Fire Danger Ratings හරහා ඔබගේ ප්‍රදේශයේ ඇති ලැව් ගිනි අවදානම වර්ණ මගින් පහත පරිදි ශ්‍රේණිගත කර තිබේ.

  • රතු සහ කළු ඉරි: Catastrophic (මෙය දුලබ අවස්ථාවක් වන අතර වහාම අදාළ ප්‍රදේශ වලින් පිටවිය යුතුය)
  • රතු: Extreme (මෙහිදී ද අදාළ ප්‍රදේශ වලින් පිටවීමට බලධාරීන් උපදෙස් දෙයි)
  • තැඹිලි: Severe (ලැව් ගින්නෙන් ආරක්ෂා වීමේ ඔබේ සැලසුම ක්‍රියාත්මක කිරීමට හැකිනම් පමණක් මේ තත්ත්වයේ දී රැදී සිටිය හැකිය. නමුත් ප්‍රධාන ලෙස උදෙස දෙන්නේ අදාළ ප්‍රදේශ වලින් ඉවත්වීමටය.)
  • කහ: Very High (ලැව් ගින්නෙන් ආරක්ෂා වීමේ ඔබේ සැලසුම ක්‍රියාත්මක කිරීමට හැකිනම් පමණක් මේ තත්ත්වයේ දී රැදී සිටිය හැකිය.)
  • නිල්: High (ලැව් ගින්නෙන් ආරක්ෂා වීමේ ඔබේ සැලසුම ක්‍රියාත්මක කිරීමට හැකිනම් පමණක් මේ තත්ත්වයේ දී රැදී සිටිය හැකිය.)
  • කොළ: Low-Moderate (ලැව් ගින්නෙන් ආරක්ෂා වීමේ ඔබේ සැලසුම ක්‍රියාත්මක කිරීමට හැකිනම් පමණක් මේ තත්ත්වයේ දී රැදී සිටිය හැකිය.)

 

SBS සිංහල සේවය

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


Fires Near Me App එක

ලැව් ගිනි අවදානම් ප්‍රදේශයක ඔබ වාසය නොකළද Fires Near Me App එක download කරගෙන තිබීම ඉතා ප්‍රයෝජනවත්.

ඔබේ ප්‍රදේශයේ අවට ඇතිවී තිබෙන ලැව් ගිනි පිළිබඳ දැනගැනීමට මේ App එක හරහා ඔබට හැකියාව ලැබේ.

මෙම App එක විවෘත කළ විට ත්‍රිකෝණාකාර සංකේත 3 ක් මගින් Fire Alerts Levels තුනක් අපට දක්නට ලැබේ.

  1. කහ පැහැ ත්‍රිකෝණය - Advice: ලැව් ගින්නක් ආරම්භ වී ඇති නමුත් දරුණු තත්ත්වයක් නොවේ.
  2. තැඹිලි පැහැ ත්‍රිකෝණය - Watch & Act: ලැව් ගිනි අවදානම වැඩි වෙමින් පවතියි. එනිසා ආරක්ෂාකාරී වීමට ක්‍රියාත්මක වෙන්න.
  3. රතු පැහැ ත්‍රිකෝණය - Emergency: ලැව් ගිනි අවදානම ඉතාමත්ම ඉහළය. එනිසා හැකි ඉකමණින් ආරක්ෂාකාරී වීමට ක්‍රියාත්මක වෙන්න.
A fire danger rating sign set to catastrophic on the outskirts of Wandandian south of Nowra, Tuesday, Jan. 8, 2013.
A fire danger rating sign set to catastrophic on the outskirts of Wandandian south of Nowra, Tuesday, Jan. 8, 2013. Source: AAP Image/Dean Lewins

03. ලැව් ගින්නක් සඳහා සූදානම් වන්නේ කෙසේද?

  • ලැව් ගින්නක් ඇතිවුවහොත් ක්‍රියා කරන ආකාරය පිළිබඳ පවුලේ සාමාජිකයින් සමග සාකච්ඡා කර Bushfire Survival Plan එකක් නිර්මාණය කරගැනීම.
  • එම සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වීම.
  • පවතින ලැව් ගිනි අවදානම් පිළිබඳ දැනුවත් වීම.
  • ලැව් ගිනි පිළිබඳ දැනුවත් වීමට ඇති මාර්ග ළඟ තබාගත යුතුය (Fires Near Me App එක, ප්‍රදේශයේ ගිනි නිවන ඒකකයේ දුරකතන අංක)
පිටුවට පිවිස ඔස්ට්‍රේලියාව පිළිබඳ නවතම තොරතුරු දැනගන්න.

Share
Published 10 February 2021 11:13am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends