රෝග ලක්ෂණ පෙන්නුම් නොකරම කොරෝනා වයිරසය ආසාදනය වීම පිළිබද අලුත්ම හෙළිදරව්වක් (SBS සිංහල/ වාර්තා)

COVID-19

Source: Getty Images

COVID-19 හෙවත් නව කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඇතිවිය හැකි රෝග ලක්ෂණ පිළිබඳ මේ වන විට බොහෝ දෙනෙකු දැනුවත්.


 

සවන්දෙන්න SBS සිංහල සේවයට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකර කොරෝනා වයිරසය ආසාදනය වූ පිරිස්ද සොයාගැනීමත් සමග රෝග ලක්ෂණ හරහා වයිරසය ආසාදනය වී ඇත්දැයි නිර්ණය කිරීම පිළිබඳ ප්‍රශ්න මතුවෙමින් පවතී.
Covid-19 (Pixabay)
Source: Pixabay

රෝග ලක්ෂණ පෙන්නුම් නොකර වයිරසය ආසාදනය වීම

උන, උගුරේ අසීරුතා, කැස්ස, මහන්සිය, ශ්වසන අපහසුතා, නාසයෙන් දියර ගැලීම්, හිසරදය වැනි රෝග ලක්ෂණ කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් ඇතිවිය හැකි රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරුන් මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ.

නමුත් රෝග ලක්ෂණ රහිතව මෙම වයිරසය ආසාදනය වීම් පිළිබද රටවල් කිහිපයකින් වාර්තා වන බවට ප්‍රධාන පර්යේෂණ දෙකකින් හෙළිවී තිබේ.

ඒ ආකාරයේ රෝගීන් අයිස්ලන්තය, ජපානය, චීනය මෙන්ම ඔස්ට්‍රේලියාවෙන්ද වාර්තා වන බව සඳහන්.
COVID-19
Source: AAP

රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර සහ පෙන්නුම් නොකරන සම්ප්‍රේෂණය

pre-symptomatic හෙවත් පූර්ව රෝග ලක්ෂණ අවධිය සහ asymptomatic හෙවත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන විට ඇතිවන සම්ප්‍රේෂණය අතර වෙනස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් පැහැදිලි කර තිබේ.

පූර්ව රෝග ලක්ෂණ  අවධිය යනු වයිරසයට නිරාවරණය වූ නමුත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර අවධිය වේ.

නමුත් රෝග ලක්ෂණ නොමැතිව වුවද වයිරසය ආසාදනය වීමට ඉඩක් ඇත.

කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට 1-3 දිනකට පෙර ඒ සඳහා පරීක්ෂාවන්ට භාජනය වූ පුද්ගලයින්ට වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන විට ඇතිවන සම්ප්‍රේෂණය යනු රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයෙකු ගෙන් වයිරසය තවත් අයෙකුට සම්ප්‍රේෂණය වීමය.
COVID-19
Source: Getty Images

නවතම අධ්‍යන වලට අනුව විශේෂඥයින් පවසන්නේ කුමක්ද?

COVID-19 සමඟ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන (අසමමිතික) හා පූර්ව රෝග ලක්ෂණ ආසාදනය බහුලව පවතින බවට සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඇති බව Kirby ආයතනයේ ජෛව ආරක්ෂණ වැඩසටහනේ ප්‍රධානී මහාචාර්ය Raina MacIntryre පවසයි.

වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන වල සහ අනෙක් පැතිරීම් පිළිබඳ සලකන කල කොරෝනා වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ පිරිස් වලින් 50% ක් පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ බව ඇය පෙන්වා දෙයි.

මැයි මස මුලදී, මෙල්බර්න් උප නගරයක් වන Bacchus Marsh හි පිහිටි  Grant Lodge නමැති  වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයේ සේවකයෙකු හට රෝග ලක්ෂණ පෙන්නුම් නොකරද වයිරසය ආසාදනය වී ඇති බව පරීක්ෂණ වලින් තහවුරු විය.

එනිසා තමන්ගේ පවුලේ අයෙකුට හෝ සමීපතමයෙකු හට හෝ වයිරසය ආසාදනය වී ඇත්නම් රෝග ලක්ෂණ පෙන්නුම් නොකලා හෝ පරීක්ෂාවන්ට භාජනය වීම වැදගත් බව මහාචාර්ය Raina MacIntryre පවසයි.
COVID-19
Source: Pixabay

ඇතැම් විශේෂඥයින්ට රෝග ලක්ෂණ පෙන්නුම් නොකර ආසාදනය වූ COVID-19 රෝගීන් පිළිබඳ එතරම් විශ්වාසයක් නැත

සංජය සේනනායක යනු ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳ විශේෂඥයෙකි.

ඔහු චීනයේ සිදුකළ අධ්‍යනයක් පිළිබඳ අවධානය යොමු කර ඇත.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකර ආසාදනය වූ COVID-19  රෝගීන් හුදකලා නොකළ යුතු ලෙස එම අධ්‍යනයේ කර්තෘවරුන් පවසා තිබේ.

මන්ද ඔවුන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන නිසා.

නමුත් එවැනි පුද්ගලයින්ගෙන් තවත් පුද්ගලයින්ට සම්ප්‍රේෂණය වුවා දැයි අදාළ පර්යේෂකයෝ සොයාබලා නොමැති බව සංජය සේනනායක පවසයි.

කොරෝනා පරීක්ෂාවන් සිදු කර අවසන් වන විට රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ රෝගීන් ගේ රෝග ලක්ෂණ වර්ධනය වූ බව ඉකුත් පෙබරවාරි මස  ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනය ඒකාබද්ධව සිදුකළ මෙහෙයුමක වාර්තාවක් පෙන්වයි.

රෝග ලක්ෂණ නොමැතිව කොරෝනා පරීක්ෂාවන්ට භාජනය වූ අයිස්ලන්තයේ ජනයාගෙන් 50% කට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවත් ජපානයේ එම ප්‍රතිශතය 30.8% ක් බවත් සඳහන්.

චීනයේ එය 80% ක් ලෙස දැක්වේ.

එනිසා කුමක් නිවැරදිද කුමක් වැරදිද කියා පැවසීම තවමත් ඉතා අසීරු වී තිබේ.
COVID-19
Source: Pixabay

සෑම කොරෝනා රෝගියෙකුම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින් සිව් දෙනෙකු බිහි කරයි

මහාචාර්ය Ivo Mueller යනු Walter and Eliza Hall වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වසංගත රෝග විද්‍යාඥයෙකි.

රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයින්ගෙන් මෙම වයිරසය සම්ප්‍රේෂණය වීම පිළිබඳ අවබෝධ කර ගැනීමෙන් මෙම වසංගතය ඉදිරි මාස වල වර්ධනය විය හැකි අයුරු පිළිබඳ අදහසක් ගත හැකි බව ඔහු පැහැදිලි කරයි.

ඒ හරහා කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇතිවීම මෙන්ම විශාල ලෙස මරණ වළක්වා ගැනීමටත් හැකියාවක් ඇති බව ඔහු විශවාස කරයි.

සෑම වයස් ඛාණ්ඩයකම රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන වාහකයන්ගේ සැබෑ ආසාදනය සඳහා ඉක්මන් ප්‍රමුඛතාවක් දිය යුතු බව මහාචාර්ය Ivo Mueller පවසයි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 3 June 2020 9:27am
Updated 12 August 2022 3:21pm
By Madhura Seneviratne, Ahmed Yussuf
Source: SBS Insight

Share this with family and friends