ඔස්ට්‍රේලියාවේ Skilled Migration රැකියා ලැයිස්තු වලින් රැකියා 11ක් ඉවත් කිරීමට යෝජනා වෙද්දී අළුත් රැකියා 4ක් එකතු කිරීමට යෝජනා වෙයි (SBS සිංහල/ වාර්තා)

Western Australia announced 2022-23 Migration Program changes with the new Occupation List

Large Group of Diverse People with Different Occupations Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුවේ මාර්තු මස සිදු කළ සංශෝධන වල අවසන් තීන්දු පිළිබඳ නිවේදනය නිකුත් කිරීම ප්‍රමාද කර තිබේ.


සවන්දෙන්න SBS සිංහල සේවයට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 කොරෝනා වසංගතය හේතුවෙන් මෙම ප්‍රමාද වීම සිදුවන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
Skilled Migration Occupation Lists
Source: Department of Home Affairs

වසර මැද නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තු සමාලෝචනය

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු සෑම මුල්‍ය වර්ෂයකම මැද බාගයේදී සමාලෝචනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගනී.

ඒ අනුව එම රැකියා ලැයිස්තු වල අඩංගු රැකියා සහ වෘත්තීන් වත්මන් ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළට සහ ආර්ථිකයට ගැලපෙනවද යන්න එහිදී මූලික වශයෙන් නිරීක්ෂණය කරනු ඇත.

මෙම සමාලෝචනයෙන් අනතුරුව ඒ ඒ රැකියා ලැයිස්තු වලට සිදුකරන සංශෝධන වල අවසන් තීන්දු පිළිබඳ මාර්තු මාසයේදී සාමාන්‍යයෙන් නිවේදනය කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පියවර ගනී.

නමුත් කොරෝනා වසංගතය හේතුවෙන් මෙවර එම සංශෝධන නිවේදනය කිරීම කල් යනු ඇති බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුවේ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
Skilled Migration Occupation Lists
Source: SBS

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තු ප්‍රධාන වශයෙන් තුනකි.

එම රැකියා ලැයිස්තු පහත පරිදි වේ.

  • Short-term Skilled Occupation List (STSOL)
  • Medium and Long-term Strategic Skills List (MLTSSL)
  • Regional Occupation List (ROL)
මෙම රැකියා ලැයිස්තු වල අඩංගු රැකියා හා වෘත්තීන්ගෙන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයේ කෙටි කාලීන සහ මධ්‍ය/ දිගු කාලීන අවශ්‍යතා සපුරා ගැනෙයි.
Skilled Migration Occupation Lists
Source: Flickr

2020 -21 මුල්‍ය වර්ෂය සඳහා යෝජිත වෙනස්කම්

2020 -21 මුල්‍ය වර්ෂයට බලපාන අයුරින් ඉහත රැකියා ලැයිස්තු ත්‍රිත්වය සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් යෝජිත වෙනස්කම් කිහිපයක් මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තම්න්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි.

එයට අනුව Short-term Skilled Occupation List හෙවත් STSOL ලැයිස්තුවේ දැනට ඇති වෘත්තීන් 11 ක් 2020 -21 මුල්‍ය වර්ෂයේදී ඉවත් කිරීමට යෝජනා වී තිබේ.

එමෙන්ම තවත් වෘත්තීන් 17 ක් STSOL, MLTSSL සහ ROL අතරේ මාරු කිරීමට යෝජනා වී ඇත.

මීට අමතරව තවත් වෘත්තීන් 4 ක් අලුතින් hort-term Skilled Occupation List හෙවත් STSOL ලැයිස්තුවට එකතු කිරීමටද යෝජනා වී තිබේ.

2020 -21 මුල්‍ය වර්ෂය සඳහා STSOL, MLTSSL සහ ROL වලට යෝජිත සියලු වෙනස්කම් පහත පරිදි වේ.
Skilled Migration Occupation Lists
Source: SBS Sinhala

රැකියා ලැයිස්තු වලින් ඉවත් කිරීමට යෝජනා වී ඇති වෘත්තීන්

Image

රැකියා ලැයිස්තු අතර මාරු කිරීමට යෝජනා වී ඇති වෘත්තීන්

Image

රැකියා ලැයිස්තු වලට එකතු කිරීමට යෝජනා වී ඇති වෘත්තීන්

Skilled Migration Occupation Lists
Source: SBS Sinhala
Sinhalese
Source: SBS Sinhala

Share
Published 1 June 2020 3:20pm
Updated 1 June 2020 5:42pm
By Madhura Seneviratne

Share this with family and friends