වික්ටෝරියානුවන්ට ප්‍රාන්තය පුරා භාවිත කිරීමට හැකි නව Dining වවුචර වැඩසටහනක් (SBS සිංහල/ වාර්තා)

වික්ටෝරියානු ප්‍රාන්ත රජය මගින්, ප්‍රාන්ත ව්‍යාපාරවලට සහාය වීම සඳහා ඩොලර් මිලියන 200 ක පැකේජයක් ප්‍රකාශයට පත් කළේය. මේ ඔස්සේ වික්ටෝරියානුවන් හට වික්ටෝරියා ප්‍රාන්තය පුරා ඔවුන්ගේ ප්‍රියතම ආහාර සහ ආගන්තුක සත්කාර අත්දැකීම් භුක්ති විඳීමට හැකියාව හිමි වේ. පැකේජය මෙම මස සිට ක්‍රියාත්මක වේ.

Here how you get vouchers from the $ 200 million business boosting package in Victoria

Source: Pexels / Andrea Piacquadio

 


Highlights

  • Melbourne Dining වවුචර 
  • ප්‍රාන්තය පුරා භාවිත කිරීමට හැකි වවුචර 
  • විනෝදාත්මක කටයුතු සඳහා වන වවුචර 
  • වික්ටෝරියානුවන් සඳහා සහ ජ්‍යෙෂ්ඨ වැසියන් සඳහා වන සංචාරක වවුචර
  • Ventilation උපකරණ සඳහා කුඩා ව්‍යාපාර වලට වන වවුචර
  • කුඩා ව්‍යාපාර, ඩිජිටල් වෙත මාරු කිරීම සඳහා වන වැඩසටහන
  • ව්‍යාපාර ප්‍රතිසාධන සහ උපදේශන වැඩසටහන
  • වික්ටෝරියාවේ රැකියා සොයන්නන් සඳහා වන අරමුදල් 

Melbourne Dining වවුචර

‘Melbourne Money’ වැඩසටහන අතිරේක ඩොලර් මිලියන 10 ක අරමුදල් සහිතව නැවතත් හඳුන්වා දී තිබේ. මේ අනුව, මෙල්බර්න් මහ නගර සභාව තුළ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා ආහාර ගැනීම සඳහා ඩොලර් 40 සිට ඩොලර් 500 දක්වා වියදම් කරන සෑම අවස්ථාවකදීම ආහාර ගැනීමේ පිරිවැයෙන් සියයට 25ක් ආවරණය කිරීමට මෙම වවුචර මගින් හැකියාව හිමි වේ.

Melbourne Money මගින්, ආහාර සහ dinein ව්‍යාපාර වෙත යොමු වීමට වික්ටෝරියානුවන් දිරිමත් කරයි. එමෙන්ම මෙම වැඩසටහන Melbourne City Revitalisation Fund හරහා City of Melbourne සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන මේ වනවිට ක්‍රියාත්මක වන අතර අරමුදල් අවසන් වනතෙක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සඳහා City of Melbourne හි Melbourne Money page වෙත පිවිසෙන්න.

ප්‍රාන්තය පුරා භාවිත කිරීමට හැකි වවුචර

සමස්ත වික්ටෝරියා ප්‍රාන්තයම ආවරණය වන පරිදි නව ඩොලර් මිලියන 30 ක ආහාර වවුචර වැඩසටහනක් හඳුන්වා දීමට නියමිතව තිබේ.

ඒ ඔස්සේ සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දින වලදී අහාර සඳහා ඩොලර් 40 ත් 500 ත් අතර වියදම් සිදු කරන විට එම වියදම් වලින් සියයට 25 ක් ආවරණය කරයි.
Cafe worker Nepali
Representative image Source: Davide Baraldi/Pexels
මෙය මෙල්බර්න් ප්‍රදේශයෙන් පිටත ප්‍රාදේශීය වික්ටෝරියා සහ මෙට්‍රොපොලිටන් පළාත් පාලන ප්‍රදේශවල ආහාර සඳහා සහ dining සඳහා වන වියදම් වලට අදාළ වේ.

මෙම වැඩසටහන 2022 මාර්තු 29 වන දින විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

විනෝදාත්මක කටයුතු සඳහා වන වවුචර

වික්ටෝරියානුවන් හට, විනෝදාත්මක කටයුතු සඳහා වන වියදම් වලින් යම් ප්‍රතිශතයක් ආවරණය කිරීමට ඩොලර් මිලියන 30ක වවුචර යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

මේ ඔස්සේ,

  • සිනමා ශාලා සඳහා
  • නාට්‍ය 
  • සජීවී සංගීත ප්‍රදර්ශන 
  • සම්මන්ත්‍රණ 
  • වෙනත් විනෝදාත්මක කටයුතු
ආවරණය කෙරේ.

මෙම වැඩසටහන 2022 මාර්තු 29 වන දින විවෘත කිරීමට බලාපොරොත්තු වේ.

වික්ටෝරියානුවන් සඳහා සහ ජ්‍යෙෂ්ඨ වැසියන් සඳහා වන සංචාරක වවුචර

ඔබ සුදුසුකම් ලත් සංචාරක සහ සංචාර ආශ්‍රිත සේවාවන් සඳහා අවම වශයෙන් ඩොලර් 400ක් වැය කරන විට ඔබට ඩොලර් 200ක වවුචරයක් වෙත ප්‍රවේශ විය හැක.

සංචාරක, ආකර්ෂනීය ස්ථාන සහ events සඳහා වැඩි වශයෙන් වික්ටෝරියානුවන් දිරිගැන්වීමට "කලාපීය සහ නගර සංචාරක වවුචර" යෝජනා ක්‍රමය පුළුල් කිරීම සඳහා ඩොලර් මිලියන 30ක් වෙන් කොට තිබේ.

වික්ටෝරියානු සංචාරක වවුචර යෝජනා ක්‍රමය 2022 මාර්තු 23 බදාදා පස්වරු 2 ට විවෘත වේ.

 


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

වික්ටෝරියානු ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අමතර වවුචර 10,000ක් වෙන් කෙරෙන අතර එය ඡන්දයකින් අනතුරුව නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මේ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන සංචාරක වවුචර යෝජනා ක්‍රමයේ ඡන්ද පත්‍රිකා මගින් අප්‍රේල් 8 සහ මැයි 27 අතර සිදුවන ගමන් ආවරණය කරන අතර, මෙය මාර්තු 15 අඟහරුවාදා පෙරවරු 11 ට විවෘත වේ.

Ventilation උපකරණ සඳහා කුඩා ව්‍යාපාර වලට වන වවුචර

වායු පවිත්‍රකාරක, Ventilation උපකරණ සහ අනෙකුත් COVIDSafe නඩත්තු කිරීම් සඳහා ව්‍යාපාරවලට සහාය වීම සඳහා ඩොලර් 500ක වවුචර ලබාදීමට නියමිතව තිබේ. මේ ඔස්සේ ඔවුන්ගේ ව්‍යාපාරය COVIDSafe බවට විශ්වාසයක් ලබා දීම සිදු වේ.

මෙම වැඩසටහන් මගින් අදාල කුඩා ව්‍යාපාර ස්ථාන තුල වාතාශ්‍රය වැඩි දියුණු කිරීම සඳහා වන උපකරණ සඳහා ඩොලර් 5,000ක් ලබාදෙන අතර මේ සඳහා ඩොලර් මිලියන 60ක් වෙනකොට තිබේ.

මෙම වැඩසටහන 2022 මාර්තු අගදී විවෘත වේ.

කුඩා ව්‍යාපාර, ඩිජිටල් වෙත මාරු කිරීම සඳහා වන වැඩසටහන

මේ ඔස්සේ ව්‍යාපාර මෙහෙයුම් නවීකරණය කිරීමට උපකාර වන ඩිජිටල් මෙවලම් සඳහා ප්‍රවේශ වීමට එම ව්‍යාපාර වෙත ඩොලර් 1,200 ක වට්ටම් ලබාදේ.

  • Online ඇනවුම් පද්ධති
  • ඩිජිටල් බිල්පත් 
  • කොටස් සහ ව්‍යාපාර කළමනාකරණ මෙවලම්
  • වෙබ් අඩවි වැනි දෑ
මෙමගින් ආවරණය වේ.

මෙම වැඩසටහනේ පළමු වට දෙකෙහි සාර්ථකත්වය මත ඇස්තමේන්තුගත ව්‍යාපාර 5,000 ක් සඳහා ඩිජිටල් ව්‍යාපාරික මෙවලම් වලට ප්‍රවේශ වීමට උපකාර ලබාදේ.

මෙම වැඩසටහන 2022 අප්‍රේල් 4 වන දින විවෘත වේ.

ව්‍යාපාර ප්‍රතිසාධන සහ උපදේශන වැඩසටහන

COVID-19 මගින් ඇතිවන අභියෝග හේතුවෙන් ව්‍යාපාර හිමිකරුවන්ට සහ කාර්ය මණ්ඩලයට සහාය වීමට පැය දෙක බැගින් සැසි වාර හතරක් දක්වා වන උපදේශන සේවා සඳහා ප්‍රවේශ විය හැක.
Federal Election, Income Support payments, Small Business,  Filipino News
Starting up a small business in Australia Source: Getty Images/Michael H
මෙම වැඩසටහන වික්ටෝරියානු වානිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ ක්‍රියාත්මක වන අතර මේ ඔස්සේ මේ දක්වා ව්‍යාපාර 5,500කට අධික සංඛ්‍යාවක් සඳහා උපදේශන සැසි 11,000කට අධික සංක්‍යාවක් සිදු කොට තිබේ.

මෙම වැඩසටහන මේ වනවිට විවෘතව පවතී.

වික්ටෝරියාවේ රැකියා සොයන්නන් සඳහා වන අරමුදල්

මෙම වැඩසටහන ඔස්සේ රැකියා සොයන වික්ටෝරියානුවන් 1,500 ක් ආගන්තුක සත්කාර, ගබඩා සහ සැපයුම්, සංචාරක සහ ආහාර සැකසුම් යන ක්ෂේස්ත්‍ර වල ව්‍යාපාර සමඟ සම්බන්ධ කිරීම සිදු කරයි.

ශ්‍රම බලකායේ හිඟය පියවා ගැනීමට සහ රැකියා විරහිත වික්ටෝරියානුවන්ට රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමට මෙය උපකාරී වේ.

Jobs Victoria අරමුදලෙන් මේ වනවිට පවතින අරමුදල්වලින් ඩොලර් මිලියන 34.2 ක් මෙම ක්‍ෂේත්‍රවල ශ්‍රම බලකා හිඟයට සහාය වීම සඳහා භාවිත කෙරේ.

එමෙන්ම මේ ඔස්සේ රැකියා අපේක්ෂකයින්ට උපදේශක සහ වෘත්තීය උපදේශන සේවා ලබාදීමද සිදු වේ.

මෙම වැඩසටහන 2022 අප්‍රේල් සිට විවෘත වේ.

Share
Published 14 March 2022 2:57pm
Updated 18 March 2022 4:38pm
By Nipuna Dodangoda

Share this with family and friends