ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්ත හා ටෙරිටරිවල මෙවර පැවැත්වෙන ප්‍රධාන Anzac දින සැමරුම් මෙන්න (SBS සිංහල/ වාර්තා)

කොරෝනා නීති නිසා ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරිටරි වල පැවැත්වෙන Anzac දින සැමරුම් අන් වසර වලට වඩා මෙවර වෙනස් වී ඇත.

Here are the Anzac Day 2021 dawn services and commemorations across Australia

Here are the Anzac Day 2021 dawn services and commemorations across Australia Source: AAP

සමස්ත ඔස්ට්‍රේලියාවම අභිමානයෙන් සමරන Anzac දිනය අප්‍රේල් 25 දිනට (ඉරිදා) යෙදී තිබේ.

1914 දී ඇරඹි පළමු ලෝක යුද්ධයේ පටන් මේ දක්වා පැවති සියලු යුද්ධ වලදී සහ යුධ මෙහෙයුම් වලදී සේවය සැපයු සහ මිය ගිය සියලු ඔස්ට්‍රේලියානු විරුවන් අනුස්මරණය කරන ප්‍රධාන දිනය ලෙස මෙම Anzac දිනය හැඳින්වේ.

නමුත් සාමාන්‍ය අයුරින් Anzac දින පාගමන සහ Anzac දින සැමරුම් මෙවරද සිදු කිරීමට හැකියාවක් නොලැබෙනු ඇත.

කොරෝනා වසංගතය පාලනය කිරීමට බලාත්මක කර ඇති කොරෝනා නීති ඊට හේතුව වී තිබේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ එක් එක් ප්‍රාන්ත හා ටෙරිටරි වල පැවැත්වෙන Anzac දින සැමරුම් අන් වසර වලට වඩා මෙවර වෙනස් වී ඇත.

ඔබේ ප්‍රාන්තයේ හා ටෙරිටරියේ මෙවර Anzac දින සැමරුම් සිදු කරන අයුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
People wave flags as an ANZAC Day parade marches by in Sydney, Australia, Saturday, April 25, 2015.
Source: AP Photo/Rob Griffith

Australian Capital Territory

COVID-19 හේතුවෙන් Australian Capital Territory හි මෙවර සාම්ප්‍රදායික Anzac පාගමන කැන්බරා නුවර නොපැවැත්වෙන බව වාර්තා වේ.

දහස් ගණනක් සහභාගී වන මෙම Anzac පාගමන පසුගිය වසරේද පැවැත්වූයේ නැත.

නමුත් කැන්බරා හි පිහිටි ඔස්ට්‍රේලියානු යුද අනුස්මරණ ස්මාරකය දෙසට පුද්ගලයින් 200 ක් පමණක් සහභාගී විය හැකි කුඩා පාගමනකට මෙවර අවසර දී තිබේ.

එමෙන්ම එම ස්ථානයේ පැවැත්වෙන Anzac දින සැමරුමට උපරිම වශයෙන් පුද්ගලයින් 7,200 ක් පමණක් සහභාගී විය හැකිය.

මේ අතර කැන්බරා නුවර පැවැත්වෙන Anzac දින උදා සේවාව සඳහා වූ ප්‍රවේශ පත්‍ර සියල්ල මේ මස මුලදීම අලෙවි වී හමාරය.

එනිසා ප්‍රවේශ පත්‍රයක් නොමැතිනම් මෙම සැමරුම පැවැත්වෙන ස්ථානයට නොපැමිණෙන ලෙස ඔස්ට්‍රේලියානු යුද අනුස්මරණ ස්මාරකයේ සහකාර අධ්‍යක්ෂ  Anne Bennie ABC පුවත් සේවයට පැවසුවාය.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

සිඩ්නි නුවර නිල වශයෙන් පැවැත්වෙන Anzac දින උදා සේවාව අප්‍රේල් 25 වන දින අලුයම 4.30 ට Martin Place හි Cenotaph ස්මාරකය අසළ පැවැත්වේ.

මෙවර Anzac දින උදා සේවාව කොරෝනා නීති වලට අනුකූලව පැවැත්විය යුතු නිසා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇත.

සිඩ්නි නුවර Anzac දින පා ගමන අප්‍රේල් 25 දින පෙරවරු 9 ට ආරම්භ වේ.

Anzac දින සැමරුම් නිසා සිඩ්නි නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ග එදින අලුයම 2 සිට පාගමන අවසන් වනතෙක් වසා දමනු ලැබේ.

Anzac දින පාගමනට සහභාගී වන පුද්ගලයින් Martin Place සහ Elizabeth Street මංසන්ධියට පැමිණිය යුතු අතර Elizabeth වීදිය ඔස්සේ Hyde Park දක්වා පාගමන ගමන් කරනු ලැබේ.

සිඩ්නි Anzac දින පාගමන සඳහා 10,000 ක උපරිම පිරිසකට සහභාගී විය හැකිය.
A bugler plays during the Anzac Day dawn service at the Shrine of Remembrance in Melbourne, Thursday, April 25, 2019
A bugler plays during the Anzac Day dawn service at the Shrine of Remembrance in Melbourne, Thursday, April 25, 2019 Source: AAP

වික්ටෝරියා ප්‍රාන්තය

වික්ටෝරියා ප්‍රාන්තයේ Anzac දින ප්‍රධාන උදා සේවාව මෙල්බර්න් නුවර Shrine of Remembrance ස්ථානයේ පැවැත්වෙන අතර පුද්ගලයින් 1,400 කට පමණක් එයට සහභාගී විය හැකිය.

ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර ඇති හෙයින් සහභාගී වීමට නොහැකි වික්ටෝරියානුවාසීන්ට අලුයම 5.40 සිට එය රූපවාහිනියෙන් නැරඹිය හැකිය.

Anzac දින පාගමනට පුද්ගලයින් 5,500 ක් උපරිම වශයෙන් සහභගී විය හැකිය.

Anzac දින පාගමන Shrine of Remembrance ස්ථානයෙන් අවසන් වූ වහාම එම ස්ථානයේදී වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන Anzac දින සැමරුම ආරම්භ කෙරේ.

Northern Territory

Northern Territory හි ප්‍රධාන Anzac දින උදා සේවාව ඩාර්වින් නුවර Cenotaph යුධ ස්මාරකය අසළ අප්‍රේල් 25 වන දින පෙරවරු 6 ට පැවැත්වේ.

ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් David Hurley ද සහභගී වීමට නියමිතය.

Knuckey වීදියේ Esplanade අන්තයේ සිට එදින පෙරවරු 9 ට ඩාර්වින් නුවර Anzac දින පාගමන ආරම්භ වේ.

මේ අතර Palmerston නගරයේ Anzac දින උදා සේවාව Memorial Park හි පෙරවරු 6 ට ආරම්භ කෙරෙන අතර Anzac දින පාගමන පැරණි Bunnings රථ ගාලේ සිට පෙරවරු 9 ට ආරම්භ වේ.
A young girl lays a poppy on the Darwin cenotaph following the Anzac Day dawn service at the Bicentennial Park in Darwin, Saturday, April 25, 2015.
A young girl lays a poppy on the Darwin cenotaph following the Anzac Day dawn service at the Bicentennial Park in Darwin, Saturday, April 25, 2015. Source: AAP/Neda Vanovac

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ප්‍රධාන Anzac දින සැමරුම බ්‍රිස්බේන් නුවර මූලිකකොටගෙන පැවැත්වේ.

ඒ අනුව බ්‍රිස්බේන් නුවර Anzac දින උදා සේවාව අප්‍රේල් 25 දින අලුයම 4.28 ට Shrine of Remembrance ස්ථානයේදී ආරම්භ වේ.

ඒ සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කර නොමැති අතර ඕනෑම පුද්ගලයෙකු හට සහභාගී විය හැකිය.

නමුත් එහිදී කොරෝනා නීති වලට අනුකූලව හැසිරිය යුතු බව ක්වීන්ස්ලන්ත බලධාරීන් කියා සිටී.

George සහ Elizabeth වීදි හමුවන ස්ථානයේ සිට Anzac දින පාගමන එදින පරවරු 10 ට ආරම්භ කෙරේ.

එම පාගමන Adelaide වීදිය ඔස්සේ Creek වීදිය දක්වා ගමන් කරනු ඇත.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන Anzac දින සැමරුම ඇඩිලේඩ් නුවර පැවැත්වේ.

මෙහි උදා සේවාව North Terrace හි පිහිටි ජාතික යුධ ස්මාරකය අසළ අලුයම 5.30 ට ආරම්භ කෙරෙන අතර ඒ සඳහා සහභාගී විය හැකි පිරිස 2,500 කට සීමා කර තිබේ.

මෙයට නොමිලයේ සහභාගී විය හැකි අතර ඒ සඳහා පෙරාතුව අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතුය.

Anzac පාගමනද එම ස්ථානයේ සිට පෙරවරු 9.30 ට ආරම්භ කිරීමට නියමිතය.
The Last Post is played at the Anzac Day dawn service in Adelaide
The Anzac Day dawn service in Adelaide has been told there is no glory in war, only loss and grief. (AAP) Source: AAP

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ප්‍රධාන Anzac දින සැමරුම පර්ත් නුවර මූලිකකොටගෙන පැවැත්වේ.

ඒ අනුව පර්ත් නුවර Anzac දින උදා සේවාව අප්‍රේල් 25 දින පෙරවරු 6 ට Kings Park හි ප්‍රාන්ත යුධ ස්මාරකය අසලදී ආරම්භ වේ.

ඒ සඳහා සහභාගී විය හැකි පිරිස 10,000 කට සීමා කර තිබේ.

St George's Terrace ස්ථානයේ සිට Anzac දින පාගමන එදින පරවරු 9 ට ආරම්භ කෙරේ.

මේ සෑම කටයුත්තකටම සහභාගී වීමට පෙර ඒ සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතුය.

ටස්මේනියා ප්‍රාන්තය

ටස්මේනියා ප්‍රාන්තය පුරා මෙවර  Anzac දින සැමරුම් 140 ක් පමණ පැවැත්වෙන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ටස්මේනියා ප්‍රාන්තයේ ප්‍රධාන Anzac දින සැමරුම හෝබාර්ට් නුවර පැවැත්වේ.

මෙහි උදා සේවාව හෝබාර්ට් නුවර Cenotaph අසළ පෙරවරු 6 ට ආරම්භ කෙරෙන අතර ඒ සඳහා සහභාගී විය හැකි පිරිස 3,000 කට සීමා කර තිබේ.

මෙයට නොමිලයේ සහභාගී විය හැකි අතර ඒ සඳහා පෙරාතුව අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි විය යුතුය.

Anzac පාගමන Macquarie වීදියෙන් පෙරවරු 11.00 ට ආරම්භ කෙරෙන අතර Cenotaph අසළින් අවසන් කෙරේ.



Share
Published 23 April 2021 11:48am
By Madhura Seneviratne

Share this with family and friends