නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සමස්ත ඔස්ට්‍රෙලියාවටම යළි කොරෝනා අනතුරු ඇඟවීම් (SBS සිංහල/ වාර්තා)

සිඩ්නි හෝටලයක නිරෝධායනය වූ කොරෝනා ආසාදිතයින් නිසා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් සමස්ත ඔස්ට්‍රෙලියාවටම යළි කොරෝනා අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

NSW Premier Gladys Berejiklian

NSW Premier Gladys Berejiklian Source: AAP

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් ඔස්ට්‍රේලියාවේ සෙසු ප්‍රාන්ත වලට කොරෝනා අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

සිඩ්නි නුවර නිරෝධායන හෝටලයක සිටි කොරෝනා ආසාදිතයින් නිසා මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත.


Highlights

  • කොරෝනා වයිරසය වැළදී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙකු මේ මස මුලදී සිඩ්නි නුවර Mercure හෝටලයේ 10 වන මහලේ එකිනෙකට සම්බන්ධිත කාමර වල නවාතැන් ගෙන තිබුණි.
  • අප්‍රේල් 7 සිට 12 දක්වා කාලය තුළ සිඩ්නි නුවර Mercure හෝටලයේ 10 වන මහලේ නැවතී සිටි ඕනෑම පුද්ගලයෙකු වහාම කොරෝනා පරීක්ෂාවන් සිදුකර ගත යුතු බවටත් නිරෝධායනයෙන් ඉවත්ව දින 14 ක් යනතෙක් හුදකලා වන ලෙසටත් දන්වා ඇත.
  • මෙලෙස වයිරසය පිටතට සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න පිළිබඳ බලධාරීන් පරීක්ෂණ පවත්වන බව සඳහන්.

සිඩ්නි කොරෝනා අනතුර

විදෙස්ගතව සිඩ්නි නුවරට පැමිණ සිඩ්නි නිරෝධායන හෝටලයක නිරෝධායනය වෙමින් සිටි සංචාරකයින් තිදෙනෙකු දකුණු අප්‍රිකානු කොරෝනා වයිරස ප්‍රභේදයට ගොදුරු වීමෙන් පසුව තවත් පුද්ගලයින් සිව් දෙනෙකු සොයා ගැනීමට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් හදිසියේ උත්සහ දරමින් සිටී.

කොරෝනා වයිරසය වැළදී ඇති බවට හඳුනාගෙන ඇති පුද්ගලයින් තිදෙනාගෙන් දෙදෙනෙකු මේ මස මුලදී  සිඩ්නි නුවර Mercure හෝටලයේ 10 වන මහලේ එකිනෙකට සම්බන්ධිත කාමර වල (connecting rooms) නවාතැන් ගෙන සිටි පවුලේ සාමාජිකයන් බව NSW Health ඊයේ (21/04) රාත්‍රියේ පැවසුවේය.

ඒ අතර තුන්වෙනි පුද්ගලයා වෙනත් යාබද කාමරයක නැවතී සිටි බවද වාර්තා වේ.

අදාළ ආසාදිතයින් නිසා ඔස්ට්‍රේලියාවට පැමිණ එම හෝටලයේ නිරෝධායනය වෙමින් සිටි සංචාරකයින් 40 ක් පමණ සහ එහි සේවය කළ සේවකයින් විශාල සංඛ්‍යාවක් කොරෝනා වයිරසයට නිරාවරණය වී ඇති බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant ප්‍රකාශ කළාය.

ආශ්‍රිතයින් 40 දෙනාගෙන් 36 දෙනෙකු මේ වන විට සොයාගෙන ඇති නමුත් පුද්ගලින් සිව් දෙනෙකු පිළිබඳ හා ඔවුන් සම්බන්ධ කරගැනීමට තොරතුරු ඉක්මනින් සෙවීමට නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් උත්සහ දරමින් සිටී.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පැමිණි කොරෝනා අනතුරු ඇඟවීම

සිඩ්නි නුවර Mercure හෝටලයේ අදාළ දිනවල සිටි අමුත්තන් ගණනාවක්ම වෙනත් ප්‍රාන්තවලට සහ ටෙරිටරි වලට ගොස් ඇති අතර නිව් සවුත් වේල්ස් රජය විසින් ඒවායේ බලධාරීන්ව මේ පිළිබඳ දැනුවත් කර ඇත.

අදාළ ආසාදිතයින්ට නිරාවරණය වූ සේවකයින් හට හුදකලා වන ලෙස දන්වා තිබේ.

එමෙන්ම අප්‍රේල් 7 සිට 12 දක්වා කාලය තුළ සිඩ්නි නුවර Mercure හෝටලයේ 10 වන මහලේ නැවතී සිටි ඕනෑම පුද්ගලයෙකු වහාම කොරෝනා පරීක්ෂාවන් සිදුකර ගත යුතු බවටත් නිරෝධායනයෙන් ඉවත්ව දින 14 ක් යනතෙක් හුදකලා වන ලෙසත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය දන්වා සිටී.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


කොරෝනා වයිරසය ආසාදිතව සිඩ්නි නුවරට නිරෝධායනය සඳහා පැමිණි සංචාරකයින් තිදෙනා අප්‍රේල් 3 වනදා එකම ගුවන් යානයකින් පැමිණි බව වාර්තා වේ.

කෙසේවෙතත්, ගුවන් යානයේදී හෝ ගුවන් තොටුපොළේ දී හෝ කොරෝනා වයිරසය ඔවුන්ට සම්ප්‍රේෂණය වීමට ඉතාමත් අඩු සම්භාවිතාවක් ඇති බවත් එසේ පැමිණි සියලුම පුද්ගලයින් නිරෝධායනයේ දෙවන දිනයේදී සිදුකළ කොරෝනා පරීක්ෂාවෙන් ඍණාත්මක ප්‍රතිඵල ලබාගත් බවත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Kerry Chant ප්‍රකාශ කළාය.

මෙලෙස වයිරසය පිටතට සම්ප්‍රේෂණය වූයේ කෙසේද යන්න පිළිබඳ බලධාරීන් පරීක්ෂණ පවත්වන බව සඳහන්.

මේ අතර නිව් සවුත් වේල්ස් Town Hall හි Adina හෝටලයේ හෝටල් කාමර අතර කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වීමේ සිදුවීම පිළිබදවද මේ වන විට පරීක්ෂණ පැවැත්වෙමින් පවතින බව වාර්තා වේ.

ගතවූ පැය 24 තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු වාර්තා නොවී ඇති අතර නිරෝධායනයේ සිටි පුද්ගලයින් 7 දෙනෙකු හට අලුතින් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සඳහන්.

සිඩ්නි නුවරටත් මහා පරිමාණ එන්නත්කරණ මධ්‍යස්ථාන

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පළමු මහා පරිමාණ කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථානය Homebush  හි සිඩ්නි Olympic උද්‍යානයේ ස්ථාපනය කරන බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාන්ත අගමැති Gladys Berejiklian නිවේදනය කළාය.

එය එළෙඹෙන මැයි මස මැදදී ආරම්භ කිරීමටත් ඒ හරහා සෑම සතියකම එන්නත් 30,000 ක් පමණ ලබාදීමටත් ඇය අදහස් කළාය.

"මගේ දැනුමට අනුව මෙය කිසි විටෙකත් කනැහැ." යනුවෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය ඇමති Brad Hazzard පැවසීය.

Share
Published 22 April 2021 3:11pm
By Madhura Seneviratne
Source: AAP, SBS


Share this with family and friends