ඔස්ට්‍රේලියාවට එන විදුලි, ජලනල, වායු සමීකරණ හා ශීතකරණ කාර්මිකයින්ට සුබ පණිවිඩයක් (SBS සිංහල/ වාර්තා)

ඔස්ට්‍රේලියාවේ COVID-19 නීති හා සීමා කිරීම් හේතුවෙන් VETASSESS ආයතනය හට 2020 වසරේ මුලදී Offshore ප්‍රායෝගික ඇගයීම් අවලංගු කිරීමට සිදු විය.

Good news for electricians, plumbers, air-conditioning or refrigeration mechanics waiting to arrive in Australia

Source: Photo by Mikael Blomkvist from Pexels

VETASSESS ආයතනය licensed trade occupations හෙවත් වෘත්තීය පුහුණු අයදුම්කරුවන් සඳහා offshore ප්‍රායෝගික කුසලතා ඇගයීම් නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

මෙය 2022 මැයි මාසයේදී ආරම්භ කරන බව VETASSESS ආයතනය නිල වශයෙන් නිවේදනය කර ඇත.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ COVID-19 නීති හා සීමා කිරීම් හේතුවෙන් VETASSESS ආයතනය හට 2020 වසරේ මුලදී Offshore ප්‍රායෝගික ඇගයීම් අවලංගු කිරීමට සිදු විය.
  • ඇගයීම් නැවත ආරම්භ වීමත් සමග දිගු කාලයක් බලා සිටින අයදුම්කරුවන්ට පළමුව අවස්ථාව පිරිනමනු ලබන බවද VETASSESS ආයතනය පවසයි.
  • විදුලි කාර්මික, ජලනල කාර්මික, වායු සමීකරණ හෝ ශීතකරණ කාර්මික වෘත්තීන් හි අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිණිස තමන්ගේ වෘත්තියෙහි කුසලතා තක්සේරුවක් සඳහා practical assessment හෙවත් ප්‍රායෝගික ඇගයීමක් සමත් වීම අවශ්‍ය වේ.

Offshore ප්‍රායෝගික කුසලතා ඇගයීම් VETASSESS යළි අරඹයි

Offshore ප්‍රායෝගික කුසලතා ඇගයීම් VETASSESS යළි ආරම්භ කරන බවට නිවේදනය කිරීමත් සමග ඇතැම් රටවලට ඒ සඳහා ආරම්භක දින ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව එක්සත් රාජධානියේ සිට යොමු කරන කුසලතා ඇගයීම් පරීක්ෂා කිරීම මැයි මාසයේ සිටත් දකුණු අප්‍රිකාව සඳහා ජුනි සහ ජූලි මාසත් යෝජනා කර ඇත.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


VETASSESS ආයතනය තවත් දිනයන් ඉක්මනින් තහවුරු කිරීමට බලාපොරොත්තු වන අතර මෙම වසර අගදී වෙනත් රටවල ප්‍රායෝගික ඇගයීම් නැවත ආරම්භ කිරීමට ද කටයුතු කරමින් සිටී.

විදුලි කාර්මික, ජලනල කාර්මික, වායු සමීකරණ හෝ ශීතකරණ කාර්මික වෘත්තීන් හි අයදුම්කරුවන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීම පිණිස තමන්ගේ වෘත්තියෙහි කුසලතා තක්සේරුවක් සඳහා practical assessment හෙවත් ප්‍රායෝගික ඇගයීමක් සමත් වීම අවශ්‍ය වේ.
ඔස්ට්‍රේලියාවේ COVID-19 නීති හා සීමා කිරීම් හේතුවෙන් VETASSESS ආයතනය හට 2020 වසරේ මුලදී Offshore ප්‍රායෝගික ඇගයීම් අවලංගු කිරීමට සිදු විය.

ඇගයීම් නැවත ආරම්භ වීමත් සමග දිගු කාලයක් බලා සිටින අයදුම්කරුවන්ට පළමුව අවස්ථාව පිරිනමනු ලබන බවද VETASSESS ආයතනය පවසයි.
Tradie jobs
Source: Getty Images

VETASSESS ප්‍රායෝගික ඇගයීම් පිළිබඳ වැදගත් තොරතුරු

විදුලි කාර්මික, ජලනල කාර්මික සහ වායු සමීකරණ හෝ ශීතකරණ කාර්මික අයදුම්කරුවන්ට ප්‍රායෝගික ඇගයීමක් මෙන්ම තාක්ෂණික සම්මුඛ පරීක්ෂණයක් (technical interview) අවශ්‍ය වේ.

වෙනත් වෘත්තීන් සඳහා අවශ්‍ය වන්නේ online හරහා පවත්වනු ලබන තාක්ෂණික සම්මුඛ පරීක්ෂණයක් පමණි.

VETASSESS වෙත අයදුම්පතක් යොමු කර ඇති සහ ප්‍රායෝගික ඇගයීමක් අවශ්‍ය වන අයදුම්කරුවන්ව ඔවුන්ගේ ඇගයීම් සිදුකෙරෙන ස්ථාන වෙත යොමු කෙරේ.


 

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


 

ඔස්ට්‍රේලියාවේ සුදුසුකම් ලත් වෘත්තීය පුහුණු කාර්මිකයින් සඳහා දැඩි ඉල්ලුමක් පවතින අතර වෙනත් රටවල අයදුම්කරුවන් ඇගයීම සිදු කිරීම පිණිස අවශ්‍ය නව ස්ථාන සඳහා නොකඩවා සාකච්ඡා කරන බව VETASSESS හි විධායක අධ්‍යක්ෂ Rob Thomason පැවසීය.

VETASSESS යනු ඔස්ට්‍රේලියානු රජය විසින් අනුමත කරන ලද කුසලතා සම්බන්ධව ඔස්ට්‍රේලියාවේ විශාලතම ඇගයීම් සපයන්නා වේ.

VETASSESS ආයතනය හරහා ඇගයීම් කරන වෘත්තීන් පිළිබඳ තොරතුරු වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.



Share
Published 5 May 2022 3:46pm
Updated 5 May 2022 3:48pm
By Madhura Seneviratne

Share this with family and friends