ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ඉංජිනේරුවන් සඳහා Engineers Australia ආයතනයයෙන් සුබ පණිවිඩයක් (SBS සිංහල/ වාර්තා)

Engineers Australia ආයතනය සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට නොමිලේ හා වේගවත් skills assessments හෙවත් කුසලතා ඇගයීම් ලබා දීම ආරම්භ කර තිබේ.

Fast-track skills assessment available for migrant engineers

Fast-track skills assessment available for migrant engineers Source: Getty Images

Engineers Australia ආයතනය සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට නොමිලේ හා වේගවත් skills assessments හෙවත් කුසලතා ඇගයීම් ලබා දීම ආරම්භ කර තිබේ.

2022 පෙබරවාරි 28 සිට 2023 ජූනි 30 දක්වා ක්‍රියාත්මක වන ඔස්ට්‍රේලියාවේ පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය විසඳීම සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ දිරිගැන්වීමේ වැඩසටහනේ කොටසක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.


Highlights

  • ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු වෘත්තියේ යෙදී සිටින පුද්ගලයින් සඳහා ඇගයීම් ක්‍රියාවලිය කළමනාකරණය කරනු ලබන්නේ Engineers Australia ආයතනය විසිනි.
  • 2019 ජනවාරි 1 සිට family, partner, refugee හෝ humanitarian වීසා බලපත්‍රයක් ලබා දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අයදුම්කරුවන් මේ සඳහා සුදුසුකම් ලබයි.
  • ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ කුසලතා පිළිබඳ සාමාන්‍ය ඇගයීමකට සති 16 සිට 18 දක්වා ගත විය හැකි බව Engineers Australia ආයතනය පවසයි.

මේ සඳහා සුදුසුකම් ලබන අයදුම්කරුවන්

2019 ජනවාරි 1 සිට family, partner, refugee හෝ humanitarian වීසා බලපත්‍රයක් ලබා දැනට ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අයදුම්කරුවන්.

ප්‍රමුඛතා රැකියාවක (priority occupation) සුදුසුකම් හෝ පුහුණුව තිබේ නම් සහ Engineers Australia හෝ වෙනත් තක්සේරු කිරීමේ අධිකාරියකින් විධිමත් කුසලතා ඇගයීමක් තවමත් කර නොමැති අයදුම්කරුවන්.
Engineers office at Escondida, Chile
Source: Getty Images

ඉංජිනේරු වෘත්තියට අදාළ Priority occupations

ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු වෘත්තියට අදාළ Priority occupations හෙවත් ප්‍රමුඛ රැකියා ලෙස පහත සඳහන් ඒවා Engineers Australia ආයතනය නම් කර තිබේ.

  • Civil engineers
  • Structural engineers
  • Transport engineers
  • Electrical engineers
  • Geotechnical engineers
  • Mechanical engineers
  • Mining engineers
  • Petroleum engineers

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


ඇගයීම් සඳහා ගතවන කාලය

ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු වෘත්තියේ යෙදී සිටින පුද්ගලයින් සඳහා ඇගයීම් ක්‍රියාවලිය කළමනාකරණය කරනු ලබන්නේ Engineers Australia ආයතනය විසිනි.

ඔස්ට්‍රේලියාවේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ කුසලතා පිළිබඳ සාමාන්‍ය ඇගයීමකට සති 16 සිට 18 දක්වා ගත විය හැකි බව Engineers Australia ආයතනය පවසයි.
කලින් මුදල් ගෙවූ වේගවත් ඇගයීමකට (fast-tracked assessment) රාජකාරී දින 20ක් ගත විය හැක.

නමුත් 2022 පෙබරවාරි 28 සිට 2023 ජූනි 30 දක්වා ක්‍රියාත්මක වන මෙම නොමිලේ ඇගයීම් ලබාදීම රාජකාරී දින 15ක් ඇතුළත සිදුවේ.



Share
Published 2 May 2022 8:16pm
By Madhura Seneviratne

Share this with family and friends