ඔස්ට්‍රේලියා - ශ්‍රී ලංකා පුරා විද්‍යා පර්යේෂකයින්ට ලංකාවේ වනාන්තරයකින් මානව ඉතිහාසය කළඹන සාක්ෂි හමුවෙයි. (SBS සිංහල /වාර්තා)

Research shows humans tamed Sri Lankan jungle 45,000 years ago.

Source: Flickr

ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාඥන් සමග එක්ව ඔස්ට්‍රේලියානු පුරා විද්‍යා පර්යේෂකයින් ට මානව ඉතිහාසය නැවත ලියන්නට අවස්ථාව ලැබී තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

වසර 45,000 කටත් පෙර ශ්‍රී ලංකාවේ විසූ ආදී මානවයින්ගේ ආයුධ කිහිපයක් සොයාගැනීමට දෙරටේ පුරා විද්‍යා පර්යේෂකයින් එකට එක්ව සිදුකළ පර්යේෂකයින්ට හැකියාව ලැබීම ඊට හේතුව වේ.
Research shows humans tamed Sri Lankan jungle 45,000 years ago.
Source: Flickr

වසර 45,000 කටත් එහා

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර ආශ්‍රිතව වාසය කළා යයි සැලකෙන වසර 45,000 කටත් එහා විසූ මානවයින් භාවිත කළ බවට විශ්වාස කරන ආයුධ කිහිපයක් සොයාගැනීමට ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාඥන් සමග එක්ව ඔස්ට්‍රේලියානු පුරා විද්‍යා පර්යේෂකයින් ට හැකියාව ලැබුණු බව Sydney Morning Herald පුවත් පත වාර්තා කරයි.

ඒ අනුව ශ්‍රී ලංකාව ආශ්‍රිත කලාපයේ ආදිතම මානවයින් සහ ඔවුන්ගේ සංක්‍රමණික රටා පිළිබඳ මේ හරහා අවබෝධයක් ලබාගැනීමට හැකිවන බව ඔවුහු විශ්වාස කරති.

ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා පර්යේෂකයින් සමග Griffith විශ්ව විද්‍යාලයේ මානව පරිනාමය පිළිබඳ ඔස්ට්‍රේලියානු පර්යේෂණ මධ්‍යස්ථානයේ පර්යේෂකයින් මේ සඳහා දායකවී ඇත.

එම කැනීම් හරහා ඇටකටු වලින් සහ පාෂාණ වලින් නිර්මාණය කරන ලද ආයුධ සොයාගැනීමට ඔවුන්ට හැකියාව ලැබී තිබේ.

මෙම ආයුධ ශ්‍රී ලංකාවේ "පාහියන්" ලෙන ආශ්‍රිත පුරා විද්‍යා භූමියෙන් හමුව ඇති බවද සඳහන්.

ශ්‍රී ලංකාවේ ආදිතම මානවයින් විසුවා යයි සැලකෙන මෙම ප්‍රදේශය ලෝක පුරා විද්‍යා කැනීම් වල ප්‍රමුඛතම ස්ථානයකි.
Research shows humans tamed Sri Lankan jungle 45,000 years ago.
Fa Hien cave Source: Flickr

හමුවූ පුරාතන ආයුධ

පාහියන් ලෙන ආශ්‍රිත භූමියේ තිබී මෙලෙස හමුවූ ආයුධ දඩයම් කිරීම සඳහා යොදාගත් ඒවා බව එම පර්යේෂකයෝ පවසති.

විශේෂයෙන්ම වැසි වනාන්තර වල සිටින වඳුරන්, රිලවුන් වැනි සතුන් ඇතුළුව අනෙකුත් ගස් මත ජීවත්වන සතුන්ව දඩයම් කිරීමට මෙම ආයුධ යොදාගන්නට ඇතැයි ඔවුහු විශ්වාස කරති.

මෙම ආයුධ වලින් එකල විසු මානවයින්ගේ විදග්ධතාව මනාව පෙන්නුම් කරන බව Griffith විශ්ව විද්‍යාලයේ පුරා විද්‍යාව පිළිබඳ විශේෂඥ ආචාර්ය Michelle Langley පවසයි.

වැසි වනාන්තර වල සතුන් දඩයම් කිරීම එළිමහන් savannah භූමි වල සතුන් දඩයම් කිරීමට වඩා අසීරු බවත් මෙම ආයුධ වලින් එකල විසූ මිනිසුන්ගේ දියුණු භාවය පෙන්නුම් කරන බවත් ඇය පෙන්වා දෙයි.

මේ අතර එම ප්‍රදේශය ආශ්‍රිතව තිබී වසර 45,000 ක් පමණ පැරණි දඩයමට ලක්වූ වඳුරු අස්ථි කැබලිද හමුවී තිබේ.

වඳුරන් දඩයම් කිරීම එතරම් පහසු කටයුත්තක් නොවන බවත් ඒ සඳහා පුරාතන මිනිසුන් යොදාගත් දියුණු තාක්ෂණය මෙම  හමුවූ ආයුධ වලින් පෙනී යන බවත් ආචාර්ය Michelle Langley පවසයි.

වැසි වනාන්නතර වල මානවයින් ජීවත් වීම සම්බන්ධ දීර්ග ඉතිහාසයක් නොමැති බවට මෙතෙක් බොහෝ දෙනා විශ්වාස කළ නමුත් මෙම සොයාගැනීම් හමුවේ එය බිඳ වැටෙන බවද ඇය පැහැදිලි කළාය.

හමුවූ මෙම ආයුධ හෙල්ල වශයෙන් හෝ ඊතල හිස් වශයෙන් හෝ හාවිතා කරන්නට ඇති බවට පර්යේෂකයෝ සැක පළ කරති.
Research shows humans tamed Sri Lankan jungle 45,000 years ago.
Source: www.nature.com

ශ්‍රී ලංකාවේ ආදිතම මානවයෝ

අදින් වසර හය ලක්ෂයකට පමණ පෙර පුරාතන ශිලා යුගයේදී හෝමෝ ඉරෙක්ටස් මානවයා ශ්‍රී ලංකාවේ විසූ බවට පුරා විද්‍යා සාධක යාපනය අර්ද්ධද්වීපයේ වඩමාරච්චි ප්‍රදේශයෙන් හමුවී ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා පවසා තිබේ.

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු පර්යේෂකයින් සහ ශ්‍රී ලංකා පර්යේෂකයින් එක්ව සිදුකළ මෙම පර්යේෂණයෙන් පවා ඔපු වී ඇත්තේ නූතන මානවයින් වසර 45,000 කට පමණ පෙර ශ්‍රී ලංකාවේ වාසය කර ඇති බවය.

ඔවුන් හටද වර්තාමානයේ වෙසෙන මිනිසුන්ගේ භෞතික ශරීරයට සමාන සිරුරක් තිබූ බව පර්යේෂකයෝ අනුමාන කරති.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 22 February 2019 1:25pm
By Madhura Seneviratne

Share this with family and friends