නීති විරෝධී සංක්‍රමණිකයින් කොපමණ ප්‍රමාණයක් ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වලදී හරවා යැව්වාද කියා ඔස්ට්‍රේලියානු රජය දන්නේ නැතිලු. (SBS සිංහල/වාර්තා)

asylum seekers

Source: AAP

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වලදී කොපමණ සංඛ්‍යාවක් ඔස්ට්‍රේලියාවේ රැකවරණය සඳහා අයදුම් කළාද, කොපමණ නීති විරෝධී සංක්‍රමණිකයින් ප්‍රමාණයක් නැවත හරවා යැව්වාද පිළිබඳ වාර්තා ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුව තබා නොගන්නා බව වාර්තා වේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වලදී ඔස්ට්‍රේලියාවේ රැකවරණය සඳහා අයදුම් කිරීමේදී ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු දෙපාර්තමේන්තුවේ වගකීම් විරහිත භාවය සහ සිදුවන අත්වැරදීම් පිළිබඳ පළ කළ වර්තාවක මේ බව සටහන්වී තිබුණි.
asylum seekers
Source: Department of Home Affairs

ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වලදී රැකවරණ වීසා ලබා ගැනීම

ඔස්ට්‍රේලියාවේ රැකවරණය සඳහාවූ අරමුණින් යම් පුද්ගලයෙකු හට permanent protection visa හෙවත් ස්ථිර රැකවරණ වීසා සඳහා අයදුම් කිරීමට ඔස්ට්‍රේලියානු ගුවන් තොටුපොළ වල රේගු නිදහස් කිරීමේ කටයුතු වලට පෙරාතුව සිදුකළ හැකිව තිබුණි.
2014 වසරේදී එම නීතිය සංශෝධනය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස අදාළ පුද්ගලයින්ට වසර තුනක හෝ වසර පහක තාවකාලික රැකවරණ වීසා වලට පමණක් අයදුම් කළ හැකිවෙයි.

ඔස්ට්‍රේලියාවේ රැකවරණ වීසා පහත සඳහන් පරිදි ප්‍රධාන වශයෙන් ඛාණ්ඩ දෙකකි.
asylum seekers
Source: AAP

Temporary Protection visa

  • Temporary Protection visa හෙවත් තාවකාලික රැකවරණ වීසා වලට පහත සඳහන් කොන්දේසි අදාළ වේ.
  • වසර 3ක් යනතුරු ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට, රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට හැකිය.
  • jobactive, Medicare සහ Centrelink යනාදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සේවාවන් ලබාගත හැකිය.
  • කෙටි කාලීන උපදේශන සේවාවන් ලබාගැනීමට හැකිය.
  • අදාළ අවශ්‍යතා සැපිරූ විට පැය 510 ක ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් නොමිලයේ ලබාගත හැකිය.
  • අදාළ අවශ්‍යතා සැපිරූ විට මව් රටට හැර ලොව වෙනත් රටවලට ගමන් කළ හැකිය.
asylum seekers
Source: SBS

Safe Haven Enterprise visa

  • වසර 5ක් යනතුරු ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට, රැකියා කිරීමට සහ අධ්‍යාපනය ලැබීමට හැකිය.
  • Skilled and family visas වැනි ඇතැම් ඔස්ට්‍රේලියානු ස්ථිර වීසා සඳහා අයදුම් කළ හැකිය.
  • jobactive, Medicare සහ Centrelink යනාදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සේවාවන් ලබාගත හැකිය.
  • කෙටි කාලීන උපදේශන සේවාවන් ලබාගැනීමට හැකිය.
  • අදාළ අවශ්‍යතා සැපිරූ විට පැය 510 ක ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනයක් නොමිලයේ ලබාගත හැකිය.
  • අදාළ අවශ්‍යතා සැපිරූ විට මව් රටට හැර ලොව වෙනත් රටවලට ගමන් කළ හැකිය.
Australian Border Force
Source: ABF

ගුවන් තොටුපොළ වලින් හරවා යැවීම

ඔස්ට්‍රේලියාවේ රැකවරණය සඳහා අයදුම් කිරීමේ අරමුණින් ඔස්ට්‍රේලියාවට පැමිණි සෞදි අරාබි කාන්තාවන් දෙදෙනෙකු සිඩ්නි ගුවන් තොටුපොළේදී නැවත හරවා යැවූ බව පසුගිය සතියේදී ABC රූපවාහිනියේ Four Corners වැඩසටහනින් වාර්තා කළේය.

අදාළ කාන්තාවන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතන්නේ කුමන හේතුවකටද යන්න පැහැදිලි කිරීමට අසමත් වූ නිසාවෙන් ඔවුන් දෙදෙනාව හරවා යැවූ බව සඳහන්.
යම් හෙයකින් ඔවුන් දෙදෙනා සාධාරණ හේතු ඉදිරිපත් කළා නම් ඔවුන්ට ඇතැම් විට රැකවරණ වීසා සඳහා අයදුම් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

රැකවරණය සඳහා අයදුම් කිරීමට හෝ නීතිඥයෙකු හා සම්බන්ධ වීමට හෝ ඉඩක් නොදී ඊට පෙරාතුව එලෙස රැකවරණය පතා පැමිණෙන පුද්ගලයින් රැඳවුම් භාරයට ගෙන පසුව ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීම ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික පනත උල්ලංඝනය කිරීමක් බව වාර්තා වේ.
asylum seekers
Source: Flickr

සෞදි කාන්තාවන් රැකවරණය පතා පැමිණීම

පසුගිය වසර කිහිපය තුළ ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතා පැමිණි සෞදි කාන්තාවන්ගේ ප්‍රමාණය අවම වශයෙන් 80 ක් පමණ වන බව ABC පුවත් සේවය වාර්තා කරයි.

සෞදි අරාබියේ male guardianship laws හෙවත් පුරුෂ භාරකරීත්වයේ නීති ඊට ප්‍රධාන ලෙස හේතුවී ඇති බව සඳහන්.
රැකවරණය පතා පැමිණෙන පුද්ගලයින් රැකවරණ වීසා සඳහා අයදුම් කිරීමේදී අයදුම්කරු ඔස්ට්‍රේලියාවේ සිටින ස්ථානය නොසලකන බවත් එය අයදුම්පත සලකා බැලීම සඳහා අවශ්‍ය නොවන බවත් එනිසාම එවැනි තොරතුරු තම දත්ත ගබඩාවට ඇතුළත් නොකරන බවත් ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 21 February 2019 1:29pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends