ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපොළ වලට නව පොලිස් නීති පනවයි. නීතිවලට යටත් නොවන පුද්ගලයින්ට දැඩි දඬුවම්. (SBS සිංහල/වාර්තා)

Airport Security

Source: AFP

ඔස්ට්‍රේලියාවේ සියලු ගුවන්තොටුපොළ ආශ්‍රිතව පනවා ඇති නව පොලිස් බලතල වලට අනුකූල නොවන ඕනෑම ගුවන් මගියෙකු හට ඩොලර් 4,200 ක් දක්වා වූ දඩයක් පැනවීමට හෝ රැඳවුම් භාරයට ගැනීමට නියෝග පැනවීමට හෝ ඔස්ට්‍රේලියානු පොලීසියට දැන් බලතල හිමිව තිබේ.

ගුවන්තොටුපොළ වල ආරක්ෂාව සම්බන්ධව ඔස්ට්‍රේලියානු රජය ගෙන ඇති නව ක්‍රියාමාර්ග යටතේ පොලීසියට මෙම බලතල හිමිව ඇති බව The Age පුවත්පත සඳහන් කරයි.
Airport Security
Source: AAP

නව බලතල

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපොළ වල සිටින මහජනතාවගේ ආරක්ෂාවට තර්ජනයක් වේවි යැයි සැක කෙරෙන ඕනෑම පුද්ගලයෙකුගේ අනන්‍යතාව තහවුරු කරගැනීමට ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රය හෝ වෙනත් අනන්‍යතා සහතිකයක් ඉල්ලා සිටීම, සැකකාර පුද්ගලයින් ගුවන් තොටුපොළ පරිශ්‍රයෙන් ඉවත් කිරීම හෝ එම පුද්ගලයින්ට පැය 24 ක් දක්වා ගුවන් තොටුපොළ පරිශ්‍රයට ඇතුල් වීම තහනම් කිරීම මෙම නව බලතල වලට අදාළ වේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මෙම බලතල වලට අභියෝග කරන පුද්ගලයින්ට හෝ මේවාට යටත් නොවන පුද්ගලයින්ට හෝ ඩොලර් 4,200 ක් දක්වා වූ දඩයක් පැනවීමට හෝ රැඳවුම් භාරයට ගැනීමට නියෝග පැනවීමට හෝ ඔස්ට්‍රේලියානු පොලීසියට බලය හිමිව ඇත.

මෙම නව බලතල හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ගුවන් තොටුපොළ ආරක්ෂාව ඉහළ නැංවීමට හැකියාව  ලැබෙන අතරම අපරාධකරුවන්ව නීතියේ රැහැනට හසුකරගැනීමට මාර්ග විවෘත වන බව ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Peter Dutton පැවසීය.
Airport Security
Source: AAP

නීති ක්‍රියාත්මක කිරීම

ඔස්ට්‍රේලියාවේ ගුවන්තොටුපොළ වල පොලිස් නීති වලට යටත් නොවුණහොත් ඔස්ට්‍රේලියාවේ අපරාධ නීතිය යටතේ අදාළ පුද්ගලයාට ඩොලර් 4,200 ක දඩයක් ගෙවිය යුතුවේ.

එමෙන්ම, පොලීසිය තොරතුරු විමසන විට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කළ හොත් මාස 12 ක් දක්වා පොලිස් රැඳවුම් භාරයේ තබා ගැනීමටත් පොලිස් කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරුණහොත් එම කාලය වසර 2ක් දක්වා දීර්ග කිරීමටත් නව නීති  අනුව පොලීසියට බලතල හිමිවේ.
Airport Security
Source: AAP

අනන්‍යතා සහතික

ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී ඔබේ අනන්‍යතාව සහතික කිරීමට ඔස්ට්‍රෙලියානු රජයේ අනන්‍යතා ලිපි ලේඛන හෝ ගුවන් ගමන් බලපත්‍ර වැනි අනෙකුත් පුද්ගලික අනන්‍යතා සහතික හෝ හැඳුනුම්පත් මෙන්ම ලියකියවලි ඔබට ඉදිරිපත් කළ හැකි බව ඔස්ට්‍රේලියානු රජය පවසයි.

ඔබට ඒ කිසිදු ලියවිල්ලක් නොමැතිනම් ඔබේ නම සහ අනෙකුත් විස්තර පොලීසියට සැපයිය හැකිවේ.

ඔස්ට්‍රේලියානු ගුවන්තොටුපොළ වෙත මෑත කාලයේදී දිගින් දිගටම එල්ල වෙමින් පවතින ත්‍රස්ත තර්ජන හේතුවෙන් මෙවැනිවූ දැඩි නීති ගෙනඒමට සිදුව ඇති බව ගුවන් තොටුපොළ ආරක්ෂක බලධාරීන් පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 20 September 2018 10:10am
Updated 20 September 2018 12:52pm
By Madhura Seneviratne

Share this with family and friends