සති අන්තයේ පැවති Black Lives Matter විරෝධතාවලින් ඔස්ට්‍රේලියාවේ කොරෝනා අවදානම නැවත හිස එසවිය හැකි බවට රතු එළි (SBS සිංහල/ වාර්තා)

An estimated 10,000 people attended Melbourne's protest on Saturday.

An estimated 10,000 people attended Melbourne's protest on Saturday. Source: AAP

පසුගිය ජුනි 06 වන දින සෙනසුරාදා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවති Black Lives Matter විරෝධතාව නිසා වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය නැවතත් හිස එසවීමක් සිදු විය හැකි බවට වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීහු අනතුරු අඟවති.


සවන්දෙන්න SBS සිංහල සේවයට 

සජීවීවසහපසුව online අහන්න - 


පුද්ගල දුරස්ථභාවය වැනි කොරෝනා නීති කඩ කරමින් පැවති මෙම විරෝධතාව සඳහා දස දහස් ගණනක පිරිසක් සහභාගී විය.
Black Lives Matter
Source: AAP

මෙල්බර්න් Black Lives Matter විරෝධතාව

මෙල්බර්න් Black Lives Matter විරෝධතාව පසුගිය සෙනසුරාදා (06/06) වික්ටෝරියානු පාර්ලිමේන්තුව ඉදිරිපිටදී පැවැත්වුණි.

මේ සඳහා මෙල්බර්න් ඉතිහසයේ නොසිතූ ප්‍රමාණයක විරෝධතාකරුවන් පිරිසක් රැස්වී සිටි බව වාර්තා වේ.

පොලිස් බාරයේදී ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් මරණයට පත්වීමට එරෙහිව මෙම විරෝධතාව ක්‍රියාත්මක කෙරුණි.

ඊට අමතරව අප්‍රිකානු - ඇමෙරිකානු සම්භවයක් සහිත George Floyd  ව පසුගිය දා ඇමෙරිකානු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කිරීමට විරෝධය පෑම සඳහාද මෙම විරෝධතාවය උපයෝගී කර ගැනුණි.

කෙසේවෙතත්, පුද්ගල දුරස්ථභාවය වැනි කොරෝනා නීති මෙහිදී කඩ කිරීමට සිදුවීම නිසාත් ඒ හරහා කොරෝනා ආසාදිතයින් අලුතින් ඇතිවීමට පහසුවෙන් ඉඩ සැලසීමට හැකි නිසාත් මෙම විරෝධතාවට සහභාගී නොවන ලෙස පසුගිය සිකුරාදා (05/06) වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම කොරෝනා අවදානම හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරාම පැවැත්වෙන  Black Lives Matter විරෝධතා සඳහා සහභාගී නොවන ලෙසට ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්ද ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
Protesters participate in a Black Lives Matter rally in Brisbane
Black Lives Matter Protest Source: AAP

Black Lives Matter විරෝධතාවයෙන් කොරෝනා අවදානමක්

පසුගිය සෙනසුරාදා මෙල්බර්න් නුවර පැවති Black Lives Matter විරෝධතාවයෙන් සහ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල පැවති Black Lives Matter විරෝධතා වලින් නැවතත් කොරෝනා වයිරසය ප්‍රජාව තුළ හිස  එසවිය හැකි බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මෙම විරෝධතාව සඳහා ජනතාව සහභාගී වුයේ ඇයිදැයි යන්න තමන්ට වැටහෙන බවත් මේ වන විට එයට සහභාගී වූ පිරිසේ කොරෝනා ආසාදනය වීම පිළිබඳ තවමත් දත්ත නොලැබී ඇති බවත් ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly පවසයි.

විරෝධතාවට සහභාගී වන්නේ නම් මුව ආවරණ පළඳින ලෙස තමන් ඉල්ලීමක් කළ බවත් බොහෝ පිරිස් එය අනුගමනය කර ඇති බවක් දක්නට ලැබුණු බවත් ඔහු පැවසීය.

නමුත් යම් පුද්ගලයෙකු හට කොරෝනා වයිරසය සම්බන්ධ යම් රෝග ලක්ෂණයක් මතු වුවහොත් වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකරගන්නා ලෙස  ඔස්ට්‍රේලියාවේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරී Paul Kelly ඉල්ලයි.

විශේෂයෙන්ම මෙල්බර්න් නුවර පැවති Black Lives Matter විරෝධතාවට ඉතා විශාල ජනකායක් පැමිණ සිටි බැවින් වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසය නැවත හිස එසවීමට වැඩි අවදානමක් ඇති බව වික්ටෝරියා ප්‍රාන්තයේ නියෝජ්‍ය ප්‍රධාන සෞඛ්‍ය නිලධාරීනී වෛද්‍ය Annaliese van Diemen පැවසුවාය.

මේ සම්බන්ධයෙන් නියම දත්ත ලබාගත හැකිවන්නේ සති දෙකක කාලයකින් පසුව බවද ඇය පැහැදිලි කළාය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ පැවති Black Lives Matter විරෝධතා වලට සහභාගී වූ පුද්ගලයින්ට සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයක නිරත වන ලෙස ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය දන්වා සිටියි.
Finance Mathias Cormann and the Black Lives Matter rally in Sydney.
Finance Mathias Cormann and the Black Lives Matter rally in Sydney. Source: AAP

Black Lives Matter විරෝධතාවට පැමිණි පිරිස් ආත්මාර්ථකාමීන්

පසුගිය සති අන්තයේ පැවති Black Lives Matter විරෝධතාවන්ට සහභාගී වූ පිරිස් ආත්මාර්ථකාමීන් සහ තම ආශාවන් පමණක් සන්තර්පණය කිරිමෙහි යෙදුණ පිරිසක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ මුල්‍ය අමාත්‍ය Mathias Cormann පවසයි.

කොරෝනා වයිරසය පැතිරීම සාර්ථකව පාලනය කරමින් පවතින අවස්ථාවක මෙවැනි අන්දමේ මහා පරිමාන ජන ඒකරාශී වීම් හරහා කොරෝනා වයිරසය නැවතත් ඔස්ට්‍රේලියානු සමාජය තුළ ව්‍යාප්ත වීමට ඉතා ඉහළ අවදානමක් ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඇත්තෙන්ම මෙය වගකීම් විරහිත ක්‍රියාවක් බව ඔහු පවසයි.

කෙසේවෙතත්, අදාළ විරෝධතාකරුවන් පෙරට පැමිණියේ සමාජ විෂමතාවයට එරෙහිව බවත් විවිධාකාරයේ හිංසනයන්ට සහ වෙනස්කම් වලට භාජනය වන ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් වෙනුවෙන් හඬක් නැගීම ආත්මාර්ථකාමී වන්නේ කෙසේදැයි ස්වදේශික ඕස්ට්‍රේලියානුවන් පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Linda Burney පවසයි.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 8 June 2020 11:37am
Updated 8 June 2020 11:52am
By Madhura Seneviratne

Share this with family and friends