සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු මානසික ගැටළු වලින් පීඩා විඳින බව හෙළිවෙයි. ඔස්ට්‍රේලියාවේදී මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගන්නේ කෙසේද ? (SBS සිංහල වාර්තා)

Mental Health (image representational)

A woman with her head rested on her hand (image representational) Source: Flickr

විවිධ අවස්ථාවන් වලදී මානසික අවපීඩනය සහ කාන්සාව අපගේ දෛනික ජීවිතයට බෙහෙවින් බලපෑම් සිදුකරන ගැටළු බවට පත්ව තිබේ.එවැනි අවස්ථාවකදී ඔබ වෛද්‍යවරයකුගේ සහය ලබාගත යුතුද යන්න පිළිබඳව ඔබ දැනුවත් වීම වැදගත් වේ.

2017 -2018 වසර වලදී සිදුකල සමීක්ෂණ ප්‍රතිපලයන්ට අනුව සෑම ඕස්ට්‍රේලියානුවන් පස් දෙනෙකුගෙන් එක් අයකුම විවිධ මානසික සෞක්‍ය ගැටළු හේතුවෙන්පීඩා විඳින බවට අනාවරණය වී තිබේ. එය සමස්ත ඕස්ට්‍රේලියානු වැසියන්ගෙන් 20% කි.

ඔස්ට්‍රේලියනුවන්ගේ පලමු පරම්පරාවේ හතරෙන් පංගුවක්ම සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ පසුබිම් දරන පුද්ගලයින් වෙයි.


 සවන්දෙන්න SBS සිංහල සේවයට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


කෙසේ වුවද මානසික ගැටළු පිළිබඳව ඉහල දැනුමක් සමාජය තුල පැවතියද බොහෝ පිරිසක් නිසි ප්‍රතිකාර සඳහා යොමු වීමට මැලිකමක් දක්වයි.

මානසික අවපීඩනය හෝ කාන්සාව වැනි ගැටළු සඳහා ප්‍රතිකාර අවශ්‍යනම්, ඔබටප්‍රාථමික සෞඛ්‍ය ජාල සහ ප්‍රවේශ වැඩසටහන් ඔස්සේ මධ්‍යම රජයේ මානසික සෞඛ්‍ය සේවා වෙත පිවිසීමට හැකියාව පවතී.

පවුලේ වෛද්‍යවරයා මගින් සෞක්‍ය ප්‍රතිකාර සැලැස්මකට යොමු වීමේ හැකියාව පවතී.

වෙබ් අඩවිය ඔස්සේ ක්ෂණික සහය පැතීමේ හැකියාව පවතී.
Depression and loneliness
Source: SBS

මධ්‍යම රජයේ මානසික සෞඛ්‍ය සේවා වෙත පිවිසීමට ඔබට අවශ්‍යනම්

ප්‍රාථමික සෞඛ්‍ය ජාල ඔස්සේ හැකියාව පවතී.

මනෝචිකිත්සකයකු / මනෝ වෛද්‍යවරයකු හෝ පවුලේ වෛද්‍යවරයකු ඔස්සේ හැකියාව පවතී.

මානසික සෞක්‍ය සහ සියදිවි නසාගැනීම වැලැක්වීමේ සැලසුම් සඳහා මධ්‍යම රජය මගින් අරමුදල් සපයන අතර Medicare යටතේ පවතින මානසික සෞඛ්‍ය සඳහා වන වැඩපිළිවෙල ඔස්සේ සහන ලබාගැනීම වඩා ඵලදායි ප්‍රවේශයක් ලෙස සැලකේ.

සාමාන්‍ය වෛද්‍යවරයකු මාර්ගයෙන් මානසික සෞක්‍ය ගැටළු සඳහා ප්‍රතිකාර ලබාගැනීමට යොමුවීම අතිශය යෝග්‍ය බව මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ගෝලීය සහ සංස්කෘතික මානසික සෞක්‍ය ඒකකයේ ප්‍රධානී මහාචාර්ය Harry Minas පවසයි.

ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ආගමික විශ්වාස ඔස්සේ මානසික ගැටළු සඳහා සහය පැතීම මගින් පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමු නොවන බවයි.

Multicultural Australia නමින් සංස්කෘතිකමය සහ භාෂාමය වශයෙන් විවිධ පසුබිම් දරන පුද්ගලයින්ගේ මානසික සෞඛ්‍ය සඳහා වැඩසටහනක් ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කොට තිබේ. මීට අමතරව ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර විවධ වධහිංසාවන්ගෙන් දිවි ගලවාගත් පුද්ගලයින් සඳහාද ආධාර සැපයීමේ වැඩපිළිවෙලක් පවතී.

ඔස්ට්‍රේලියාව තුල පවතින සංකීර්ණ මානසික සෞඛ්‍ය පද්ධතිය පිළිබදව තේරුම් ගැනීමට තරමක් අපහසු අතර පුද්ගලයින්ව මානසික අවපීඩනය සහ කාංසාව සඳහා ප්‍රතිකාර වෙත යොමු කිරීමේ මනා දැනුමක් සාමාන්‍ය වෛද්‍යවරුන් සතුව පවතින බව මහාචාර්ය Harry Minas පවසයි.
Mental health
pensive woman in front of the window Source: Getty Images

සාමාන්‍ය වෛද්‍යවරයකු වෙත යොමු වීමේ වැදගත්කම

ඔබට දැනෙන ආකාරය පිළිබඳව සාකච්චාවක් ඔස්සේ මානසික සෞඛ්‍ය සඳහා ප්‍රතිකාර සිදුකිරීමේ සැලැස්ම ඇරඹේ. එහිදී පසුගිය කාලය තුලදී ඔබට කාංසාව සහ මානසික අවපීඩනය කෙතරම් දුරට බලපෑම් සිදුකළේද යන්න පිළිබඳව සරල පිරික්සුම් ලැයිස්තුවක් ඔස්සේ වෛද්‍යවරයා දැනුවත් කිරීම සිදු වේ. මෙමෙ දත්තයන්ට අනුකුලව ඔබ මානසික සෞක්‍ය සඳහා වන විශේෂඥයකු වෙත යොමු කිරීම පිළිබඳව ඔබ සමග සාකච්චා කිරීමෙන් අනතුරුව තීරණය කරනු ලබයි.

මනෝ වෛද්‍ය විශේෂඥයකු හමුවීමට සහ Medicare සහය ලැබීමට සාමාන්‍ය වෛද්‍යවරයකුගේ උපදෙස් අවශ්‍ය වේ

ඔබ සතුව Medicare ප්‍රවේශ පහසුකම පවතී නම් වසරකට 10 වතාවක් මනෝ වෛද්‍ය විශේෂඥයකු / මනෝ චිකිත්සකයකු හෝ සමාජ සේවකයකු හමුවීමේ පුද්ගල ගෝ කණ්ඩායම් appointments ඔස්සේ හැකියාව පවතී.

මෙම සේවාව Medicare ඔස්සේ සැපයුවද සෑම සංචාරයක් සඳහාම සහ විශේෂඥයන් හමුවීම සඳහා ගාස්තු ගෙවිය යුතුය.

ඔබට වසරකට 10 වතාවකට වඩා විශේෂඥයකු හමුවීමට අවශ්‍යනම් ප්‍රථමික සෞක්‍ය ජාල ක්‍රම හරහාද සේවාවන් ලබාගත හැකිය.

ග්‍රාමීය ප්‍රදේශයන්හි සිටින පුද්ගලයින් සඳහා video conference සේවාව ඔස්සේ මානසික සෞක්‍ය සඳහා සේවා ලබාගත හැකිය.

ඔබ කුඩා ප්‍රජාවකට අයත්වුවකු නම් සාමාන්‍ය වෛද්‍යවරයකු වෙත යොමු වීමට වඩා video conference සේවාව මගින් මානසික සෞක්‍ය මද්‍යස්ථාන වෙත යොමු වීමේ හැකියාව පවතින බව මහාචාර්ය Harry Minas පෙන්වා දේ.
mental health, senior patient, doctor counselling
Source: Getty Images

මානසික සෞක්‍ය සේවාවන් සඳහා සෘජුවම සම්බන්ධවීම

ඔබට ක්ෂණික සහයක් අවශ්‍යනම්,සියලුම ප්‍රාන්ත වල සහ ටෙරටරි ආවරණය වන පරිදි පවතින Beyond Blue වෙබ්අඩවිය ඔස්සේ සහය ලබාගත හැකිය.මෙහිදී ඔබට පුහුණු මානසික සෞක්‍ය වුර්තිකයකු හා සම්බන්ධ විය හැකි අතර ඔබගේ රහස්‍යභාවය රැකෙන පරිදි දුරකථන ඇමතුමක් හෝ විද්‍යුත් තැපෑලක් ආධාරයෙන් සහය ලබාගැනීමට හැකියාව පවතී.

ඉංග්‍රීසි භාෂාව ඔබගේ පළමු භාෂාව නොවේ නම් ඒ සඳහා භාෂා පරිවර්තකයකුගේ සහයද නොමිලේ ලබාගැනීමට හැකිය. Medicare සේවාව ඔබ සතුව නොමැති වුවද ඔබට සහය ලබාගැනීමට හැකියාවක් පැවතීම Beyond Blue සේවාවේ විශේෂත්වයකි.

ප්‍රාථමික මානසික සෞක්‍ය පිලිබඳ විස්තර සඳහා පිවිසෙන්න 

මනෝ විද්‍යාඥයින්ගේ නාමාවලිය සඳහා (භාෂාව අනුව) පිවිසෙන්න 

සහය ලබාගැනීමට හෝ වැඩි විස්තර සඳහා පිවිසෙන්න 
Sinhalese
Source: SBS Sinhala



Share
Published 5 June 2020 11:37am
Updated 5 June 2020 12:04pm
By Nipuna Dodangoda

Share this with family and friends