නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කිරීම උනන්දු කිරීමට ඔස්ට්‍රේලියානු රජය වැඩ අරඹයි. (SBS සිංහල/වාර්තා)

Skilled Migration

Source: SBS

නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය කලාප වල ස්ථාපනය කිරීමේ වැඩසටහන් දියත් කිරීම සඳහා ඉදිරි වසර 4 පුරාවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඩොලර් මිලියන 20 ක මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

මෙම ප්‍රතිපාදන පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය සතියේදී අනාවරණය කළේය.
pixabay
Source: Pixabay

ප්‍රාදේශීය සංක්‍රමණික මධ්‍යස්ථානය හා Designated Area Migration Agreement (DAMA)

නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය ප්‍රදේශ වල ස්ථාපිත කිරීම උනන්දු කරවීමේ වැඩපිළිවෙලේ මෙහෙයුම් කටයුතු සිදු කිරීමට ප්‍රාදේශීය සංක්‍රමණික මධ්‍යස්ථානයක් බිහි කිරීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වේ.

ඒ හරහා අදාළ නිපුණතා සංක්‍රමණිකයින්ගේ සුදුසුකම් ඇගයීමකට ලක් කෙරෙන අතර ඔවුන්ට ඒ ඒ ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත වීමට අත් වැලක්ද සැපයෙනු ඇත.
ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය හඳුන්වා දුන් නවතම වැඩසටහන Designated Area Migration Agreement හෙවත් DAMA ලෙස හැඳින්වේ.

මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රථම කලාපය ලෙස වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය වාර්තා වන අතර දෙවැනි කලාපය ලෙස Northern Territory වාර්තා වෙයි.
Skilled Migration
Source: Getty Images

නිපුණතා සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර තහනම්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව පසුගිය ඔක්තෝබර් මස මුලදී මධ්‍යම රජය නිල වශයෙන් දැනුම් දුන්නේය.

දිනෙන් දින ඉහළ යන ඔස්ට්‍රේලියාවේ ජනගහනය සමස්ත රට තුළම මනාව විසුරුවා හැරීම මෙහි මූලික අරමුණ වන බව වාර්තා වේ.

ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින් සහ ජාත්‍යන්තර සිසුන්ගෙන් බහුතරයක් පැමිණ ස්ථාපිත වන්නේ මෙල්බර්න් සහ සිඩ්නි නගර ආශ්‍රිතව බව රජය පවසයි.
ඊට අමතරව බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලද මෑත කාලයේදී සැලකිය යුතු සංක්‍රමණිකයින් සංඛ්‍යාවක් ස්ථාපිත වූ බවද රජයේ දත්ත පෙන්වා දෙයි.

මෙමගින් මෙම ප්‍රධාන නගර වල ජනගහනය ශීග්‍රව ඉහළ යන අතර යටිතල පහසුකම් වලට සාපේක්ෂව වැඩි වන ජනගහනය දැඩි පීඩනයක් එල්ල කරන බවද ඔවුන් පෙන්වා දෙයි.
Skilled Migration
Source: Flickr

නව අන්තර්ජාල වීසා පද්ධතියක්

ඔස්ට්‍රේලියාවේ වීසා නිකුත් කිරීම සම්බන්ධව නව අන්තර්ජාල වීසා පද්ධතියක් නිර්මාණය කිරීම උදෙසා ඩොලර් මිලියන 72.3 ක මුල්‍ය ප්‍රතිපාදන ද මධ්‍යම රජය වෙන් කර තිබේ.
මේ සඳහා ටෙන්ඩර් ක්‍රමය යටතේ සේවා සපයන්නෙකු සොයාගැනීමට මධ්‍යම රජය අපේක්ෂා කරන අතර වසර 10 කට එම ව්‍යාපෘතිය විහිදෙන බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත, සේවය කිරීමට අපේක්ෂිත සහ වාසය කිරීමට අපේක්ෂිත පුද්ගලයින්ගේ වීසා අයදුම්පත්‍ර මෙම නව පද්ධතිය හරහා සලකා බැලෙන බව පැවසේ.

*********************************************************************

!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

 

 සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

*********************************************************************


Share
Published 24 December 2018 3:34pm
Updated 24 December 2018 4:19pm
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends