නිපුණතා සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන්න Northern Territory රජයෙන් නව වැඩසටහනක්. (SBS සිංහල/වාර්තා)

Designated Area Migration Agreement

Source: Getty Images

ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින්ව මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වෙනුවෙන් සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාවේ Northern Territory වෙත නව දොරටුවක් විවෘත කිරීමට සූදානම් වේ.

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක වීමට නියමිතය.


 

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඒ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සහ Northern Territory රජය අතර මේ සම්බන්ධව වන ගිවිසුමට මේ සතියේදී අත්සන් තැබීමට නියමිත බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Designated Area Migration Agreement
Source: SBS
Designated Area Migration Agreement (DAMA)

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය මාස කිහිපය තුළ අවධානය යොමු කරමින් සිටියි.

ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් සූදානම් වෙයි.

මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ දෙවැනි කලාපය ලෙස Northern Territory වාර්තා වෙයි.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින් සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අවම වශයෙන් වසර 5 ක් හෝ ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ තීරණයට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ අනුව ජනගහනය සමානව රට පුරා විසුරුවා හැරීමට හැකිවන අතරම ශ්‍රම හිඟය අඩු කරගනිමින් සියලු කලාප සංවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි රජය විශ්වාසය පල කරයි.
Designated Area Migration Agreement

Northern Territory DAMA වැඩසටහන

Northern Territory හි පවතින ශ්‍රම හිඟය පුරවා එම කලාපය සංවර්ධනය කිරීමේ අරමුණින් Northern Territory DAMA වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

ඒ අනුව DAMA වැඩසටහන හරහා Northern Territory වෙත පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය ලබා දීමටද අවසනයේ කටයුතු යොදා ඇති බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයේ දැක්වෙයි.

මේ වන විට Northern Territory හි ශ්‍රම හිඟය පවතින නිපුණතා (skilled) සහ අර්ධ නිපුණතා (semi-skilled) වෘත්තීන් 117 ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති බව Northern Territory රජයේ ශ්‍රම බලකා සහ පුහුණු කටයුතු පිළිබඳ අමාත්‍ය Selena Uibo පැවසුවාය.

එම වෘත්තීන් 117 පුරප්පාඩු ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් පුරවා ගැනීමට නොහැකි බව පෙන්වීමෙන් පසුව විදෙස් නිපුණතා සංක්‍රමණිකයින්ට එම අවස්ථා ලබා දීමට කටයුතු යොදන බවද ඇය පැවසුවාය.

*********************************************************************

SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීව සහ පසුව online අහන්න

සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )

සජීවීවහෝ පසුව අහන්න SBS Radio Mobile APP - (free download)

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA

SBS සිංහල Facebook පිටුව -

 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


Share
Published 11 December 2018 11:35pm
Updated 14 December 2018 1:30pm
By Madhura Seneviratne

Share this with family and friends