ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන ඇරඹේ

Prime Minister Scott Morrison joins Jane Malysiak (right) as she receives the first COVID-19 vaccine in Australia

Prime Minister Scott Morrison joins Jane Malysiak (right) as she receives the first COVID-19 vaccine in Australia Source: AAP

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත ලබාදීමේ ප්‍රධාන වැඩසටහන අද (22/02) පෙරවරුවේ ආරම්භ විය.

නමුත් ඊයේ (21/02) දිනයේ සිඩ්නි නුවරදී අගමැති Scott Morrison, දෙවන ලෝක යුද්ධයෙන් දිවි ගලවා ගත් පුද්ගලයෙකු ඇතුළු 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට Pfizer කොරෝනා එන්නත ලබා දී නිල වශයෙන් ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණි.

මේ වන විටත් කොරෝනා එන්නත ලබා නොගන්නා ලෙස කොරෝනා එන්නත් විරෝධී ප්‍රචාරයන් සහ විරෝධතාවන් ඔස්ට්‍රේලියාවේ විවිධ ස්ථාන වල ක්‍රියාත්මක වෙන අතර ඒවා නොසලකා හරින ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් ඉල්ලා සිටියි.

තමා පළමුව කොරෝනා එන්නත ලබා ගත්තේ මෙහි ඇති ආරක්‍ෂිත භාවය  පෙන්වීමට බව අගමැති මොරිසන් පැවසීය.

හෝටල් නිරෝධායන සේවකයින්, දේශ සීමා ආරක්ෂණ නිලධාරීන්, disability සහ aged care මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් හා ඒවායේ සේවය කරන පුද්ගලයින්, ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ඔස්ට්‍රේලියාවේ පළමු අදියරේදී කොරෝනා එන්නත ලබාදෙන පුද්ගලයින් අතර වේ.

මෙය ඔස්ට්‍රේලියාවට ඉතා වැදගත් කාල වකවානුවක් වන නමුත් අසීරු කාර්යයන් ඉදිරියේදී පැමිණීමට නියමිත බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය Chris Moy පැවසුවේය.

සියලුම ඔස්ට්‍රේලියානු ප්‍රජාවන් අතර පැතිරෙන කොරෝනා එන්නත පිළිබඳ වැරදි තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට රජය  ප්‍රමුඛතාවක් ලබා දෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පැවසීය.


SBS සිංහල සේවය

ගුවන් විදුලියෙන්  - 93.1 fm VIC / 97.7 fm NSW 

නැතිනම්  රූපවාහිනියේ channel 38 


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන මේ වන විට ආරම්භ වී තිබේ.

ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් හට එහිදී පළමුව එන්නත ලබා දීම අරඹා ඇත.

සිඩ්නි නුවර Westmead, Liverpool සහ Royal Prince Alfred රෝහල් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා එන්නත ලබා දීමේ ප්‍රධාන මධ්‍යස්ථාන ලෙස මේ වන විට සූදානම් කර ඇති අතර ඉදිරි සති තුනක කාලය තුළ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත වැසියන් 35,000 කට පමණ එන්නත ලබා දීමට අපේක්ෂිතය.

හෝටල් නිරෝධායන සේවකයින්, ගුවන් තොටුපොළ වල කොරෝනා පරීක්ෂණ සිදුකරන පුද්ගලයින්, සෞඛ්‍ය සේවකයින්, පිරිසිදු කිරීමේ වෘත්තියේ යෙදී සිටින සේවකයින්, පොලිස් හා ආරක්ෂක අංශ සේවකයින් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ කොරෝනා එන්නත මුලින්ම ලබාදෙන පුද්ගල ඛාණ්ඩ අතර වේ.

කොරෝනා එන්නත ලබා දෙන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාප වල එන්නත්කරණ මධ්‍යස්ථාන ද ඉතා ඉක්මණින් ස්ථාපනය කරන බව වාර්තා වේ.

මේ අතර ප්‍රජාව තුළින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවූ 35 වන දිනය නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද පසු කරයි.


SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download) 


වික්ටෝරියානු ප්‍රාන්තය

මෙම සතිය ඇතුළත කොරෝනා එන්නත් මාත්‍රා 12,000 ක් ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්තය ද සැලසුම් කර තිබේ.

Austin Health, Monash Health සහ Western Health යන කොරෝනා එන්නත්කරණ මධ්‍යස්ථාන හරහා හෝටල් නිරෝධායන සේවකයින්ට, ගුවන් තොටුපොළ වල කොරෝනා පරීක්ෂණ සිදුකරන පුද්ගලයින්ට, සෞඛ්‍ය සේවකයින්ට සහ aged care මධ්‍යස්ථාන වල වාසය කරන හා සේවය කරන පුද්ගලයින්ට එම මාත්‍රා ලබා දීමට කටයුතු කර ඇත.

ඉදිරි මාසය තුළ පුද්ගලයින් 59,000 කට කොරෝනා එන්නත ලබා දීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

COVID-19 වයිරසය ආසාදනය වීමේ වැඩි අවදානමක් ඇති පුද්ගලයින්ට හැකි ඉක්මනින් හා ආරක්ෂිතව කොරෝනා එන්නත් ලබා දීම ප්‍රාන්ත රජයේ ප්‍රමුඛතාව බව වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ සෞඛ්‍ය අමාත්‍ය Martin Foley පැවසීය.


ඔස්ට්‍රේලියාවේ කොරෝනා වයිරසය හා කොරෝනා එන්නත පිළිබඳ සිංහල භාෂවෙන් තොරතුරු .


ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

අද සිට ඉදිරි සති හය ඇතුළත තම ප්‍රාන්තයේ වැසියන් 125,000 කට කොරෝනා එන්නත ලබාදීමට ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.

හෝටල් නිරෝධායන සේවකයින්ට, සෞඛ්‍ය සේවකයින්ට සහ aged care මධ්‍යස්ථාන වල වාසය කරන හා සේවය කරන පුද්ගලයින්ට එන්නත පළමුව ලබාදෙන බව ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත රජයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී Jeanette Young පැවසුවාය.

අදාළ සති හයෙන් පසුව ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ සෙසු ජනතාවට ද එන්නත ලබා දෙන බව ඇය ප්‍රකාශ කළාය.

Share
Published 22 February 2021 10:22am
Updated 22 February 2021 2:24pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends