ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අපරාධකරුවන් පිටුවහල් කිරීමට සංශෝධිත පනත් කෙටුම්පතක් (SBS සිංහල/ වාර්තා)

අනතුරුදායක ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණ බව මධ්‍යම රජය පවසයි.

Australian federal government calls for more powers to boot criminals

Australian federal government calls for more powers to boot criminals Source: Gety Images/ SBS

සාපරාධී හැසිරීම්වල යෙදෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන්  වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව නීතියක් සම්මත කරගැනීමට සූදනම් වේ.

ප්‍රචණ්ඩකාරී අපරාධ හෝ බරපතල ලිංගික අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන අපරාධකරුවන් ඉක්මනින් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට මධ්‍යම රජයට ඒ අනුව ක්‍රියා කළ හැකිවේ.


Highlights

  • සංක්‍රමණයින්ගේ චරිත පරීක්‍ෂණ නීතිවල දුර්වලතා මගහැරීම සඳහා නව සංශෝධන සහිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට වත්මන් ලිබරල සන්ධාන රජය සූදානම් වේ.
  • මෙම පනත් කෙටුම්පත හෙට දිනයේදී (16/02) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
  • අනතුරුදායක ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම මෙහි මූලික අරමුණ බව මධ්‍යම රජය පවසයි.

පුරවැසියන් නොවන අපරාධකරුවන් පිටුවහල් කිරීමට නව නීති

ප්‍රචණ්ඩ හෝ ලිංගික අපරාධ සිදු කරන ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ව ඉක්මනින් ඔස්ට්‍රේලියාවෙන් පිටුවහල් කිරීමට මධ්‍යම රජයේ බලතල ශක්තිමත් කිරීම සඳහා මධ්‍යම රජය විසින් තවදුරටත් නීති සම්පාදනය කර ඇත.

අවම වශයෙන් වසර දෙකක සිරදඬුවම් ලැබිය හැකි නම් කරන ලද වරදක් සඳහා ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු නොවන අයෙකුට මධ්‍යම රජයේ හෝ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ අභිමතය පරිදි ඔස්ට්‍රේලියානු වීසා ප්‍රතික්ෂේප කිරීම හෝ අවලංගු කිරීම සඳහා ඉඩ සැලසෙන සංශෝධන මෙම පනත් කෙටුම්පත මගින් හඳුන්වා දෙයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


එම නම් කරන ලද වැරදිවලට ​​පහත අපරාධ ඇතුළත් වේ.

  • ප්‍රචණ්ඩ සහ ලිංගික අපරාධ
  • AVO වැනි පුද්ගලික ආරක්ෂණ නියෝග කඩ කිරීම
  • ගිනි අවියක් භාවිතා කිරීම හෝ ළඟ තබා ගැනීම
  • ඉහත අපරාධවලින් ඕනෑම දෙයක් සඳහා සහාය වීම
Immigration Minister Alex Hawke
Immigration Minister Alex Hawke Source: AAP Image/Lukas Coch
2019 සැප්තැම්බර් සහ 2021 ඔක්තෝබර් මාසවලදී  කම්කරු පක්ෂය සහ Greens පක්ෂය සෙනෙට් සභාවේදී මෙම පනත් කෙටුම්පතේ පෙර අනුවාදයකට (earlier version) විරුද්ධව ඡන්දය ලබාදුන්නේය.

කෙසේනමුත්, අනතුරුදායක ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගෙන් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම සඳහා මධ්‍යම රජය සුළු වෙනස්කම් කිහිපයක් සමඟින් මෙම පනත් කෙටුම්පත හෙට දිනයේදී (16/02) නැවත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි.
ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් යනු ඔස්ට්‍රේලියානුවන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන පුද්ගලයින්ට ප්‍රතික්ෂේප කළ යුතු වරප්‍රසාදයක් බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

මෙම පනත් කෙටුම්පත හරහා "චරිත පරීක්ෂණය" යටතේ ඔස්ට්‍රේලියානු වීසා අවලංගු කිරීමට සහ ප්‍රතික්ෂේප කිරීමට පවතින අභිමත බලතල පුළුල් කිරීමට මධ්‍යම රජය උත්සහ දරන්නේ එනිසා බව ද ඔහු සඳහන් කළේය.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


නව සංශෝධන බලපාන ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්

මෙම නව සංශෝධන පහත සඳහන් ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින් හට බලපාන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke සඳහන් කළේය.

  • අවම වශයෙන් වසර දෙකක සිරදඬුවම් ලැබිය හැකි බරපතල අපරාධ වරදකට වරදකරු වී ඇති පුද්ගලයින්
  • අපරාධයක් සඳහා මාස 12 කට අඩු සිර දඬුවමක් ලබා ඇති පුද්ගලයින්
  • ඔස්ට්‍රේලියානු ප්‍රජාවට අවදානමක් ඇති පුද්ගලයින්


Share
Published 15 February 2022 5:45pm
By Madhura Seneviratne

Share this with family and friends