ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි නිපුණතා වීසා අයදුම්පත්, සතියක් ඇතුළත සලකා බැලීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කරයි. (SBS සිංහල/වාර්තා)

Passport

Australian Passport Source: AAP

ඔස්ට්‍රේලියාවේ Temporary Skills Shortage වීසා හෙවත් TSS වීසා (subclass 482) අයදුම්පත් සලකා බැලීම වේගවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබෙනවා.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න -


 

TSS වීසා අයදුම්පත් සලකා බැලීම දැඩි ලෙස ප්‍රමාද බවට ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර සහ සමාගම් බොහෝ පැමිණිලි කර තිබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙම පියවර ගෙන තිබේ.
Temporary Skills Shortage Visa
Source: Department of Home Affairs

TSS වීසා අයදුම්පත් සලකා බැලීම

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ නව වැඩ පිළිවෙලට අනුව TSS වීසා අයදුම්පත් සලකා බැලීම වැඩ කරන දින 5 ක් ඇතුළත අවසන් කිරීමට කටයුතු කෙරෙනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක විවිධ සමාගම් සහ ව්‍යාපාර වලට දීර්ග කාලයක් බලා නොසිට ඉතා ඉකමණින් තමන්ගේ සේවක පුරප්පාඩු පුරවාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ඔස්ටෙලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ ඇමති David Coleman පවසයි.
ඩොලර් මිලියන 50 ක් හෝ ඊට වැඩියෙන් ආයෝජනය කර ඇති ව්‍යාපාර හෝ සමාගම් සඳහා මෙලෙස TSS වීසා හරහා තම ආයතන වලට හෝ ව්‍යාපාර වලට සේවකයින් ලබාගැනීමට හැකියාව පවතියි.

ඔවුන්ට තව තවත් ආයෝජන කරමින් ඔස්ට්‍රේලියාවේ තව තවත් රැකියා උත්පාදනය කිරීමටද අවස්ථාව හිමිවන බවද අමාත්‍ය David Coleman පවසයි.

මේ වන විට මෙම වැඩසටහන සඳහා සුදුසුකම් ලැබූ ව්‍යාපාර සහ සමාගම් 900 ක් පමණ තිබෙන බවත් මේ වසර අග වන විට එම ප්‍රමාණය 2500 දක්වා ඉහළ යනු ඇති බවත් ඔහු විශ්වාස කරයි.
Temporary Skills Shortage Visa
Immigration Minister David Coleman Source: AAP

Temporary Skill Shortage වීසා (Subclass 482)

විදේශීය ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාව තුල රැකියා අවස්ථා උදා  කරදුන් 457 වීසා ඛාණ්ඩය 2018 වසරේ මාර්තු 18 වන දින සිට අහෝසි කිරීමට වතමන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.

ඒ සමගම Temporary Skill Shortage වීසා නමින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව වීසා වර්ගයක් හඳුන්වා දීමට පියවර ගත්තේය.

මෙය තාවකාලික වීසා වර්ගයක් වන අතර එමගින් අදාළ පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ වාසය කිරීමට මෙන්ම තමන්ගේ නිර්දේශිත වෘත්තියමය ක්ෂේත්‍රයට අදාළ අනුග්‍රාහක සේවා යෝජකයෙකු යටතේ පූර්ණ කාලීනව සේවය කිරීමට හැකියාව ලැබේ.
මෙම TSS වීසා හිමියන්ගේ පවුලේ උදවියද ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට හැකියාව පවතියි.

TSS වීසා පහත අයුරින් ප්‍රධාන වර්ග දෙකකට බෙදා ඇත.

  1. Short-term stream
  2. Medium-term stream
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික රැකියා ලැයිස්තුවේ අඩංගු සියලු වෘත්තීන් ඉහත සඳහන් වර්ග දෙකින් එක් වර්ගයකට ඇතුළත් කර තිබේ.

ඒවා පහත පරිදි නම් කර තිබේ.

  1. Short-Term Skilled Occupations List (STSOL)
  2. Medium and Long-Term Strategic Skills List (MLTSSL)
STSOL වෘත්තීන් සඳහා අයදුම් කළ හැකි TSS වීසා අයදුම්කරුවන්ට වසර දෙකක වීසාවක් හිමිවන අතර ඔවුන්ට එය අවසන් වීමට පෙර තවත් වසර දෙකක කාලයකට පමණක් දීර්ග කරගත හැකිය.

එමෙන්ම MLTSSL වෘත්තීන් සඳහා අයදුම් කළ හැකි TSS වීසා අයදුම්කරුවන්ට වසර 4ක වීසාවක් හිමිවන අතර එයින් වසර තුනක් ගතවූ තැන ඔවුන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකිය.
Visa
Source: AAP

ඔස්ට්‍රේලියානුවාසී සේවකයින්ට ප්‍රමුඛස්ථානය

පසුගිය වසරේදී temporary skilled වීසා පද්ධතියට සිදුකළ සංශෝධන නොමග යවන සුළු බව ඔස්ට්‍රේලියානු වානිජ මණ්ඩලය සෙනට් විමර්ශනයේදී චෝදනා කර තිබේ.

ඒ අනුව පෙරපැවති නිපුණතා සංක්‍රමණික පද්ධතිය නැවත පිහිටුවන ලෙස තමන් මධ්‍යම රජයට බල කරන බව ඔස්ට්‍රේලියානු වානිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී James Pearson පැවසීය.
මේ අතර මෙම ක්‍රමය හේතුවෙන් ඔස්ට්‍රේලියානුවාසීන් හට ඇති රැකියා විදෙස් ශ්‍රමිකයින් වෙත හිමීවන බවට විශාල වශයෙන් චෝදනා එල්ල වන්නට විය.

නමුත් මෙම ක්‍රමය යටතේ පළමුව සලකා බැලෙනුයේ ඔස්ට්‍රේලියානුවාසීන් බවත් එනිසා ඔවුන්ට එහිදී කිසිදු අසාධාරණයක් සිදුනොවන බවත් ආගමන කටයුතු පිළිබඳ ඇමති David Coleman පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 22 March 2019 11:23am
Updated 22 March 2019 6:30pm
By Madhura Seneviratne
Source: SBS News, SBS Sinhala program

Share this with family and friends