ඔස්ට්‍රේලියාවේ තරුණ තරුණියන් අනෙකාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කිරීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Young couples admit to stealing money from partner than the mature ones in Australia.

Source: AAP

ඔබේ අතෙහි මුදල් නොමැති වුවහොත් ඔබගේ දෙමාපියන්ගෙන් හෝ නිවසේ සිටින අයකුගෙන් ඔබ අතමාරුවක් කරගැනීම සාමාන්‍ය සිදුවීමකි.

අදාළ පුද්ගලයින්ගෙන් නොඅසා ඔවුන්ගේ මුදල් ගැනීම සාමන්‍යයෙන් සිදු නොකළ යුත්තකි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 


 

නමුත් සමාජයේ ඇතැම් දෙනා එලෙස කිසි ලෙසකින් හෝ අසන්නේ බලන්නේ නැතිව ඔවුන්ගේ මුදල් ලබා ගන්නා බව වාර්තා වේ.
Young couples admit to stealing money from partner than the mature ones in Australia.
Source: AAP

අනවසරයෙන් මුදල් ගැනීම

මෙලෙස තම පවුලේ උදවියගෙන් නොඅසා ඔවුන්ගේ මුදල් ගැනීම හෙවත් සොරකම් කිරීම ඔස්ට්‍රේලියාව තුළ සිදුවන්නේ කුමන අයුරින්ද කියා සමීක්ෂණයක් සිදුකර තිබේ.

Canstar ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඔස්ට්‍රේලියානු සමාජයේ වයස අවුරුදු 18 සිට 70 දක්වා පුද්ගලයින් ඒ සඳහා යොදාගෙන තිබේ.

එහිදී තරුණ වයස් ඛාණ්ඩ වල සිටින සැලකිය යුතු පිරිසක් තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරන බවක් හෙළිවී තිබේ.
Victoria announces economic package for outdoor businesses
Source: Getty Images

සාරාංශය

වයස අවුරුදු 30 ට අඩු යුවළ වලින් 20% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.

වයස අවුරුදු 30 ත් 39 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 18% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.

වයස අවුරුදු 40 ත් 49 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 8% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.

වයස අවුරුදු 50 ත් 59 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 7% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.

වයස අවුරුදු 60 ත් 69 ත් අතර වයසේ පසුවන යුවළ වලින් 4% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.

වයස අවුරුදු 70 හෝ ඊට වැඩි යුවළ වලින් 1% ක් පමණ තම සහකරුවාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කරයි.

මේ අනුව තරුණ වයසේ පසුවන යුවළ අනෙකාගේ මුදල් පසුම්බියෙන් මුදල් සොරකම් කිරීමේ වැඩි සම්භාවිතාවක් වියපත් පුද්ගලයින්ට වඩා ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

----------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - 

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - 

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

----------------------------------------------------------------------------------------------------

Share
Published 20 March 2019 3:50pm
By Madhura Seneviratne

Share this with family and friends