ලංකාවේ පරණ ක්‍රිකට් නැවත පණ ලබමින් ක්‍රිකට් උපන් රටේදීම ශ්‍රී ලංකාව ප්‍රබල එංගලන්තය පරාජය කරපු හැටි. (SBS සිංහල/වීඩියෝ)

ICC Cricket World Cup 2019

Source: ICC/ Facebook

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ඊයේ (21/06) පැවති තරගයෙන් ලකුණු 20 ක විශිෂ්ඨ ජයක්  අත්කරගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිතවූ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 232 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක ලබගත්තෝය.

ජයග්‍රාහී ලකුණු 233 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 212 කට දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.

ශ්‍රී ලංකා - එංගලන්ත තරහය පිළිබද  ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට ගෙන එන තරග සමාලෝචනය පහතින්.

ICC Cricket World Cup 2019
Source: SBS Sinhala



Share
Published 22 June 2019 7:17am
By Madhura Seneviratne

Share this with family and friends