2019 ලෝක කුසලාන තරගාවලිය : කටමැත දෙඩූ එංගලන්තයට අමතක නොවන පාඩමක් උගන්වමින් ශ්‍රී ලංකාව තීරණාත්මක ජයක් ලබයි.

ICC Cricket World Cup 2019

Source: Getty Images

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 27 වන තරගය ලෙස ඊයේ (21/06) Leeds හිදී ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 20 ක විශිෂ්ඨ ජයක් අත්කරගත්තේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිතවූ පන්දුවාර 50 අවසානයේ කඩුලු 9 කට ලකුණු 232 ක් රැස් කිරීමට ඔවුන් සමත් විය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 85 ක් ලබාගත් අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 49 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 46 ක ලබගත්තෝය.

ජයග්‍රාහී ලකුණු 233 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 47 කදී ලකුණු 212 කට දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය.
මෙම තරගයේ කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක එකක් විය.

එහි තීරණාත්මක බව පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.
ICC Cricket World Cup 2019
Source: Facebook

ශ්‍රී ලංකාවේ පසුපෙළ නැවතත් ශක්තිමත් වෙයි, නමුත්....

මෙම තරගයේ ශ්‍රී ලංකාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වන දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවාර 3 ඇතුළතදී ලකුණු 3 කට දැවී යාමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මැද පෙළ ශක්තිමත්ව ඉනිම ගොඩනගන ආකාරයක් අපට දක්නට ලැබුණි.

එහිදී කලකට පසු ඇන්ජලෝ මැතිව්ස් සංයමයෙන් යුතුව අගනා ඉනිමක් ක්‍රීඩා කළ අතර සිය පළමු ලෝක කුසලාන තරගයේම සුපිරි දස්කම් දක්වන්නට අවිශ්ක ප්‍රනාන්දු සමත් විය.

කුසල් මෙන්ඩිස් ද ලකුණු අතරට පැමිණීම ඉතා හොඳ ලකුණක් විය.

සමස්තයක් ලෙස මෙම තරගයේදී ශ්‍රී ලංකාවේ පිතිකරණය පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.
ICC Cricket World Cup 2019
Source: Getty Images Europe

ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය

ශ්‍රී ලංකාව සතුවුයේ ලකුණු 232 ක් වැනි සාපේක්ෂව ඉතා අඩු ලකුණු සංඛ්‍යාවක් වුවද ශ්‍රී ලංකා පන්දු යවන්නන් මෙම තරගයේදී නිසි ලෙස ක්‍රියාත්මක වීමෙන් තරගයේ ජය ශ්‍රී ලංකාව දෙසට හරවා ගැනීමට ඔවුන් සමත් විය.

විශේෂයෙන්ම ලසිත් මාලිංග එංගලන්ත ඉනිමේ දෙවැනි පන්දුවේදී ම Jonny Bairstow ව දවා ගැනීම ශ්‍රී ලංකාවේ මානසිකත්වය මුලදීම ශක්තිමත් කිරීමට රුකුලක් විය.

මාලිංග මෙහිදී කඩුලු 4 ක් බිඳ දමමින් ලෝක කුසලාන තරගාවලියක කඩුලු 50 සීමාව ඉක්මවූ අතර ලෝක කුසලාන තරගාවලියක වැඩිම කඩුලු ලබාගත් සිව්වන ක්‍රීඩකයා බවට ද පත්විය.

මාලිංගට අගනා සහයක් ලබාදෙමින් ධනංජය ද සිල්වා, නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන ද පන්දුවෙන් දස්කම් පෑමට සමත් විය.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ප්‍රබල එංගලන්තය පරාජය කිරීමට ශ්‍රී ලංකා පන්දු යැවීමේ බලඇණිය දායකත්වය පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැවසුවේ මෙවැනි අදහසකි.
ICC Cricket World Cup 2019
Source: AFP

ප්‍රසාද ලකුණු සටහන

මේ තරගය අවසන් වීමත් සමග 2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සමස්ත ප්‍රසාද ලකුණු සටහන පවතින්නේ පහත අයුරිනි.
ICC Cricket World Cup 2019
Source: Google

ඊළඟ තරග වලට ශ්‍රී ලංකාව කෙසේ සූදානම් විය යුතුද?

ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළඟ තරගය දකුණු අප්‍රිකාව සමග එළඹෙන ජුනි 28 වන දින පැවැත්වේ.

එමෙන්ම ශ්‍රී ලංකාවට තවත් තරග 3ක් ඉතිරිව ඇති අතර අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාවට පිවිසීමට එම තරග කෙතරම් තීරණාත්මක ද යන්න පිළිබඳ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න SBS සිංහල සේවයට පැහැදිලි කළේ මේ අයුරිනි.
ශ්‍රී ලංකාව මීළඟට තරඟ වදින්නේ දකුණු අප්‍රිකාව සමඟය. එය මෙම ජුනි 28 වන දා ඕස්ට්‍රේලියානු (නැගෙනහිර සම්මත - AEST) වේලාවෙන් රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි. එම තරඟය අවසන්වූ සැනින් තරඟය පිලිබඳ සමස්ත සමාලෝචනයක් අපගේ අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ ගෙන ඒමට SBS සිංහල ගුවන් විදුලිය සුදානම්.

පිවිසෙන්න අපගේ වෙබ් අඩවියට www.sbs.com.au/sinhalese

නැතිනම් අපගේ Facebook පිටුවට www.facebook.com/sbssinhalese
ICC Cricket World Cup 2019
Source: SBS Sinhala

Share
Published 22 June 2019 5:18am
By Madhura Seneviratne

Share this with family and friends