ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීමට ජනමත විමසුමක් නුදුරු අනාගතයේදී (SBS සිංහල/වාර්තා)

Minister for Indigenous Australians Ken Wyatt at the National Press Club in Canberra

Minister for Indigenous Australians Ken Wyatt at the National Press Club in Canberra Source: AAP

ඉදිරි වසර තුන ඇතුළත ස්වදේශික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීම සම්බන්ධ යෝජනාවක් පිළිබඳව ජනමත විමසුමක් පැවතිය හැකි බව වාර්තාවෙයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


 

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සඳහා වූ අමාත්‍ය Ken Wyatt විසින් ඊයේ දිනයේදී NAIDOC සතිය වෙනුවෙන් කල දේශනයකදී රජය මගින් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීම සම්බන්ධ සැලැස්ම අනාවරණය කළේය.
ස්වදේශික ඔස්ට්‍රේලියානු ප්‍රජාවන්හි සංස්කෘතිය, උරුමය, ඉතිහාසය හා සන්හින්දියාව සැමරීමත් එය අනෙක් ඕස්ට්‍රේලියානුවන් හා බෙදා ගැනීමත් සිදු වෙන NAIDOC සතිය පිළිබඳව දැනගන්න මෙතනින් පිවිසෙන්න
National Press Club හි පැවති දේශනය දී Wyatt මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ වර්ථමාන වාර කාලය තුලදී ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීම සම්බන්ධ ජනමත විමසුම තමන් සූදානම් කරනා බවයි.

එසේම ස්වදේශික ඔස්ට්‍රේලියානු නායකයින්ගෙන් මේ සම්බන්ධව උපදෙස් ගැනීම දැනටමත් ආරම්භ කර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.
Uluru Statement of the Heart
وثيقة أولورو. Source: Twitter / @Harrietmantell

Uluru Statement from the Heart ප්‍රකාශය

2017 වසරෙදී ස්වදේශික ඔස්ට්‍රේලියානු නායකයින් දෙසියපනහකගේ සහභාගීත්වයෙන් පැවැත්වුනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්මේලනයෙහි ප්‍රතිඵලයක් ලෙස Uluru Statement from the Heart ප්‍රකාශය නිකුත් විය. මේ තුලින් පාර්ලිමේන්තුව තුල ස්වදේශික ඔස්ට්‍රේලියානුවන්ගේ නියෝජනයක් ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ඉල්ලා සිටි අතර එවක අගමැතිව සිටි Malcolm Turnbull එම යෝජනාව ප්‍රතික්ෂේප කළේය. මේ තුළින් පාර්ලිමේන්තුව තුල තීරණ ගන්නා ව්‍යවූහය සංකූලතාවයට පත් විය හැකි යැයි යන්න Turnbull මහතාගේ අදහස විය. මෙවැනි පසුබිමක් තුල ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීමට පියවර ගැනීම බොහෝ දෙනාගේ ප්‍රසාදයට ලක් වී ඇත.

නැවත පත් වූ මොරිසන් රජය මේ සම්බන්ධයෙන් ජනමත විමසුමක් පැවැත්වීමට අවශ්‍යය මොඩලය සැකසීම සඳහා ඩොලර් මිලියන 7.3ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත.
මෙම යෝජනා සඳහා සහයෝගය ලබාදීමට කම්කරු පක්ෂය පොරොන්දුවී ඇතත් අමාත්‍ය Ken Wyatt මුහුණ දෙන විශාලතම අභියෝගය වනුයේ තමන්ගේම පක්ෂ සාමාජිකයන්ගේ සහයෝගය ඒ සඳහා ලබා ගැනීමයි.
Uluru Statement from the Heart ප්‍රකාශය තුළින් කරලියට පැමිණි යෝජනා වලට තම පක්ෂ සාමාජිකයින් දෙවසරකට පෙර විරුද්ධ වුවද වර්තමානයේදී එම විරෝධය පහ වී ඇතැයි Wyatt මහතා විශ්වාස කරයි.

එනිසාවෙන් මෙම දුශ්කර කාර්ය සාර්ථක කරගැනීම සඳහා තමා සමඟ එක්වන්නැයි හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

ජනමත විමසුමක් ක්‍රියාත්මක වන ආකාරය

ජනමත විමසුමක් සාර්ථක වීම සඳහා ඊට සමස්ත ඔස්ට්‍රේලියානුවන්ගේම බහුතර කැමැත්ත මෙන්ම ප්‍රාන්ත හා ටෙරටරිහි බහුතර කැමැත්ත අවශ්‍යයි.

මෙම කොන්දේසි නිසාවෙන් දැනට ඔස්ට්‍රේලියාවේ පැවති ජනමත විමසුම් 44 අතරින් සාර්ථක වී ඇත්තේ ජනමත විමසුම් 8ක් පමණි. මෙසේ සාර්ථක වූ එක් ජනමත විමසුමක් වනුයේ 1967 වසරේදී පැවැත්වුනු ස්වදේශික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් ජනසංඛ්‍යානනය තුල හඳුනාගැනීම සඳහා වූ ජනමත විමසුමයි.

දැනට ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීම සම්බන්ධ යෝජනාවට අගමැති Morrison මෙන්ම විපක්ශ නායක Anthony Albanese සහයෝගය දැක්වීම නිසා මෙම ජනමත විමසුම සාර්ථක වනු ඇතැයි Wyatt මහතා විශ්වාස කරයි.

මේ සම්බන්ධයෙන් ABC මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් ස්වදේශික සම්භවයක් ඇති කම්කරු පාක්ෂික සෙනට් සභික Pat Dodson පවසා සිටියේ ස්වදේශික සම්භවයක් ඇති ජනතාවගේද අදහස් විමසා ජනමත විමසුමක් පැවැත්වීම සඳහා සූදානම් වීමට මාස 18ක කාලයක් ප්‍රමානවත් බවයි.
Ken Wyatt
Prime Minister Scott Morrison Minister and Minister for Indigenous Australians Ken Wyatt Source: AAP

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සඳහා වූ අමාත්‍යවරයාගේ දැක්ම

ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුල හඳුනාගැනීම සම්බන්ධ ජනමත විමසුමට අමතරව ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සඳහා වූ අමාත්‍යවරයා වශයෙන් එම ප්‍රජාවන්හි සාමාජිකයන්ගේ මානසික සෞඛ්‍ය දියුණු පිණිස කටයුතු කිරීමට මෙන්ම ඇබොරිජියානු තරුණයන්ගේ සියදිවි නසාගැනීම් අවම කිරීමට පියවර ගැනීමටද ඔහු පොරොන්දු විය.

ස්වදේශික සම්භවයක් ඇති ඔස්ට්‍රේලියානුවන් සියදිවි නසාගැනීමේ සම්භාවිතාව අනෙකුත් ඔස්ට්‍රේලියානුවන්ට වඩා දෙගුණයක් වීම කණගාටුවට හේතුවක් බව ඔහු පැවසුවේය. වැඩිදුරටත් Wyatt මහතා පැවසුවේ සැලකිය යුතු වෙනසක් දැකීමට නම් සමාජ හා සංස්කෘතික සාධකවල බලපෑම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි. එමෙන්ම ඇබොරිජියානු තරුණයන්ගේ හඬට ඇහුම්කන් දිය යුතුයි යන්න ද ඔහුගේ අදහසයි.
The Best Places in Australia to Visit in July.
Source: SBS Sinhala

Share
Published 11 July 2019 7:03am
Updated 12 July 2019 12:34pm
By Gamidu Agampodi

Share this with family and friends