ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජනගහනයේ ශීග්‍ර වර්ධනයක්. ඇබෝර්ජීනියානුවරුන්ද මුස්ලිම් වෙයි. (SBS සිංහල/වාර්තා)

Australia's population grows by 1.6 per cent

Australia's population grows by 1.6 per cent Source: AAP

මුස්ලිම් ජනගහනය සහ මුස්ලිම් ජනතාව පිළිබඳ පසුගිය කාලවකවානුවේ පටන් ලෝකයේ දැඩි ලෙස සාකච්ඡා වන්නට පටන් ගෙන තිබේ.

පසුගියදා සිදුවූ නවසීලන්තයේ Christchurch ප්‍රහාරය මෙන්ම පාස්කු ඉරිදා ඉස්ලාම් අන්තවාදීන් විසින් ශ්‍රී ලංකාවට එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් මෙම කතා බහ තවත් තීව්‍ර වන්නට විය.


 

SBS සිංහල සේවය සජීවීව හෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP  (Free download)


 

මුස්ලිම් ජනතාව සහ ඉස්ලාම් ආගම මෙන්ම ඉස්ලාම් අන්තවාදය පිළිබඳව ඔස්ට්‍රේලියාව තුළද මෑත කාලීනව බහුල ලෙස සාකච්ඡාවට බඳුන් වෙමින් පවතී.

එළඹෙන මැයි 18 වන දින පැවැත්වෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය ඉලක්ක කරගෙන ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඔස්ට්‍රේලියාවේ බහු සංස්කෘතික සහ බහු ආගමික පසුබිමට සහය දක්වන්නේ කෙසේද යන මාතෘකාව යටතේ මුස්ලිම් ජනතාව සහ ඉස්ලාම් ආගම පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කර තිබේ.
Muslim population
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ප්‍රධාන ආගම්

ඔස්ට්‍රේලියාව යනු බහු සංස්කෘතික, බහු ආගමික රටකි.

බහු සංස්කෘතිය අතින් ලොව අංක එකේ රට ලෙසද ඔස්ට්‍රේලියාව හඳුන්වයි.

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක ආගම් අතර ක්‍රිස්තියානි, බුද්ධාගම, ඉස්ලාම්, හින්දු ආගම, ෂීක් ආගම සහ යුදෙව් ආගම ප්‍රධාන වේ.

බ්‍රිතාන්‍යයන් විසින් ඔස්ට්‍රේලියාවේ ජනාවාස පිහිටුවාගැනීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවේ බහුතරයක් අදහන ආගම බවට පත්වුයේ ක්‍රිස්තියානි ආගමය.
නමුත් 2016 වසරේදී අවසන් වරට පැවති ඔස්ට්‍රේලියානු ජන සහ නිවාස සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ ආගමික විවිධත්වය වෙනස් වෙමින් පවතින බවට සාක්ෂි ලැබුණි.

කිසිදු ආගමක් අදහන්නේ නැති පිරිස ඔස්ට්‍රේලියාවේ ඉහළ ගොස් ඇති අතර එය 6,933,708 ක් ලෙසට වාර්තා විය.

2006 වසරේ එම ප්‍රතිශතය 19% ක්ව පැවති අතර 2016 දී එය 30% දක්වා ඉහළ ගොස් තිබේ.
Muslim population
Source: AAP

ඔස්ට්‍රේලියාවේ මුස්ලිම්වරුන් කොපමණ සිටීද?

2016 වසරේදී පැවැත්වූ ඔස්ට්‍රේලියාවේ අවසන් ජන සංගණනයට අනුව ඔස්ට්‍රේලියාව තුළ ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින් 604,200 සිටින බවත් එය සමස්ත ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් 2.6% පමණ වන බවත් අනාවරණය වී තිබේ.

2011 දී එම ප්‍රමාණය 476,290 ක් ලෙස වාර්තා වූ අතර වසර 5 කදී ඉස්ලාම් ආගම අදහන පුද්ගලයින් 27% කින් වර්ධනය වී ඇත.


 

SBS සිංහල Facebook පිටුව -


 

ඔස්ට්‍රේලියාවේ විශාලතම මුස්ලිම් ජනගහනයක් ඇති ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය හැඳින්වෙන අතර එය 3.58% ප්‍රතිශතයකි.

ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම මුස්ලිම් ජනගහනයක් ඇති ප්‍රාන්තය වන්නේ වික්ටෝරියානු ප්‍රාන්තයය. එහි මුස්ලිම් ප්‍රතිශතය  3.32% කි.
Muslim population
Source: AAP

ඔස්ට්‍රේලියාවේ මුස්ලිම්වරුන් වර්ග

ක්‍රිස්තියානි ආගම අදහන කතෝලිකයින් වර්ග ගණනාවක් සිටින ලෙසම ඉස්ලාම් ආගම අදහන මුස්ලිම්වරුන්ද වර්ග කිහිපයක් සිටිති.

ඒ අතරින් Sunni සහ Shia  වරුන් ඉතා ජනප්‍රියය.

ඔස්ට්‍රේලියාවේ මුස්ලිම් ජනගහනයෙන් හරි අඩකටම හිමිකම් කියනුයේ ලෙබනන් හෝ තුර්කි සම්භවයක් ඇති මුස්ලිම්වරුන්ය.
Muslim population
Source: Wikipedia

ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයින් අතරත් මුස්ලිම්වරු

ඔස්ට්‍රේලියාවේ ස්වදේශිකයින් ලෙස හැඳින්වෙන ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් අතරද මේ වන විට සැලකිය යුතු මුස්ලිම්වරුන් සිටින බව පසුගිය ඔස්ට්‍රේලියානු සංගණන දත්ත වාර්තා කරයි.

2016 වසරේ ඔස්ට්‍රේලියානු සංගණන දත්ත වලට අනුව ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් අතර මුස්ලිම්වරුන් 1,140 ක් සිටින බව හෙළිවී ඇත.

එම පුද්ගලයින් කාලයත් සමග ඉස්ලාම් ආගම වැළඳ ගෙන ඇති බව සඳහන්.
Muslim population
World Muslim population by percentage Source: Wikipedia

ලෝකයේ මුස්ලිම් ගහනය

මේ වන විට ලෝකය පුරා මුස්ලිම් ජනගහනය බිලියන 1.8 ක් පමණ වන බව ලෝක ප්‍රකට Pew පර්යේෂණායතනය වාර්තා කරයි.

වසර 2060 වන විට ලෝකයේ මුස්ලිම් ගහනය බිලියන 3 දක්වා වර්ධනය වන බවද ඔවුන් පවසයි.

ලොව දෙවනියට අදහන ආගම ලෙස ඉස්ලාම් ආගම හැඳින්වේ.

මැදපෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාප පරයා ලෝකයේ වැඩිම මුස්ලිම් ගහනයක් වාසය කරන කලාපය ලෙස ආසියා - පැසිෆික් කලාපය පෙරට විත් තිබේ.

ලෝකයේ මුස්ලිම් ගහනයෙන් බහුතරයක් වාසය කරනුයේ දකුණු ආසියානු කලාපයේ බවත් ලොව මුස්ලිම් ගහනයෙන් තුනෙන් එකක් දකුණු ආසියානු සම්භවයක් ඇති පුද්ගලයින් බවත් හෙළිවී තිබේ.

මාලදිවයින, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, බංග්ලාදේශය යන දකුණු ආසියානු රටවල ඉස්ලාම් ආගම ප්‍රධාන ආගම වේ.

ඉන්දියාවේ දෙවැනි විශාලතම ආගම වන්නේද ඉස්ලාම් ආගමය.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න SBS Radio APP (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 7 May 2019 1:26pm
Updated 7 May 2019 1:48pm
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends