මේ ඕස්ට්‍රේලියානු මැතිවරණය casual රැකියා කරන ඔබට බලපාන්නේ මෙසේයි ...(SBS සිංහල /වාර්තා)

fruit

Source: Getty

ඔස්ට්‍රේලියාව තුල අනියම් (casual ) සේවකයන් මිලියන 2.6ක් පමණ සිටින බවට වාර්තා වනවා. බොහෝ පුද්ගලයන් එසේ casual සේවා සදහා යොමු වන්නේ කැමැත්තකින් නොවේ.
එළබෙන ඔස්ට්‍රේලියානු මැතිවරණයෙන් මේ සදහා පිලියමක් ලබා ගත හැකිද ? ප්‍රධාන පක්ෂ දෙකම පවසා ඇත්තේ බලයට පත් වුව හොත් රැකියා වැඩි කරන බවයි.
අග්‍රාමාත්‍ය Scott Morrison පවසන්නේ ඉදිරි වසර 5 ඇතුලත පුර්ණ කාලීන රැකියා මිලියන 1.25ක් , කුඩා ව්‍යාපාර වලට බදු සහන ලබා දීම මගින් ඇති කරන බවට පවසා තිබේ. කම්කරු නායක Bill Shorten පවසා ඇත්තේ ද කුඩා ව්‍යාපාර විසින් වයස අවුරුදු 25 ට අඩු, වයස 55ට වැඩි, හා දරුවන් ඇති අය , උපස්ථායකයන් රැකියා සදහා ගන්නවා නම් ඔවුන්ට බදු සහන ලබා දෙන බවයි.
එසේම casual සේවකයන්ට , තම සේවාදායකයන්ගෙන් පුර්ණ කාලීන අවස්ථා ඉල්ලා සිටීමෙ හැකියාවද මෙවර මැතිවරණයේදී තීරණය විය හැකියි

Casual සේවා පුර්ණ කාලීන කිරීමට ඇති අයිතිය

වසර 2017 ජුලි සිට Fair work ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද්දේ 85 modern award යටතේ සිටින සේවකයන් වසරක් නිතර සේවා මුර වල නිරත වේ නම් ඔවුන්ට ස්ථිර වීමට ඉල්ලුම් කල හැකි බවයි.එමගින් casual සේවකයන්ගේ ශ්‍රම සුරා කෑම හා අවන්හල්, සිල්ලර හා නිෂ්පාදන සේවා වල සේවකයන් ගේ ආරක්ෂාව පිණිස කටයුතු කෙරේ

බොහෝ කාලයක් casual සේවයේ යෙදෙන සේවකයන්ට මෙය සාධාරණ අවස්තාවක් වුවත් ඔවුන්ට පුර්ණ කාලීන සේවයභාර නොගෙන සිටිය හැකියි

ඔබේ රැකියා ස්ථානය ඔබේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහොත් ඔබට Fair Work ආධාර පැතිය  හැකියි

මෙය වෙනස් වන්නේ කෙසේද ?

මේ වසර මුලදී රැකියා අමාත්‍ය Kelly O'Dwyer ප්‍රකාශ කලේ casual සේවකයන්ට වැඩි අයිතීන් ලබා දීමට කටයුතු කරන බවයි. 85 modern awards යටතේ වැඩ කරන සේවකයන්ට මෙය බලපානවා. මෙය දැනට ඇති පනත සංශෝධනය  කිරීමක් වේ

සන්ධාන රජයේ යෝජනා

මෙම පුර්ණ කාලීන වීම සදහා ඉල්ලුම් කිරීමේ අයිතිය ,Modern award 85 හැරුණු කොට පහත සේවා කොන්ත්‍රාත් යටෙතේ සිටින සේවකයන්ටත් ලබා දීමට සන්ධාන රජය යෝජනා කොට තිබේ.

  • වෙනත් modern award සදහා 
  • enterprise agreements සදහා
  • award හෝ agreement නොමැති සේවකයන්ට

කම්කරු පක්ෂයේ පොරොන්දු

casual සේවය සදහා ශක්තිමත් නීතිමය පදනමක් ඕස්ට්‍රේලියාවේ නොමැති නිසා එය ලබා දීමට කම්කරු පක්ෂය බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ACTU ආයතනය පවසන්නේ තම ඉදිරි මාස වල වැඩ මුර කල්තබා දන්නා සේවකයන් casual ලෙස සලකා අපයෝජනය නොකිරීම කෙරේ කටයුතු කරන බවයි.

එසේම මාස 12ක් එලෙස සේවය කිරීමෙන් පසුව ස්ථිර පත්වීම් ලබා ගත හැකි ලෙස නීති වෙනස් කිරීමටත් යෝජනා වී තිබේ 

 

Source: ABC

SBS සිංහල ගුවන්විදුලිවැඩසටහන

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානුවේලාවෙන්)

සජීවීව සහ පසුවonline අහන්න  වෙබ්පිටුවෙන්  

සජීවීවරූපවාහිනියෙන්අසන්න - Channel 38(ඕස්ට්‍රේලියාවේපමණි )

සජීවීවහෝපසුව අහන්න SBS Radio Mobile APP -

(free download) - select radio 2 to listen live

සජීවීවගුවන්විදුලියෙන්

(ප්‍රාන්තසඳහාfm තරංගමාලා)

93.1fm – VIC / 97.7fm –NSW / 105.5fm – ACT / 106.3fm – SA /

93.3fm – QLD / 96.9fm - WA / 105.7fm - TAS / 100.9fm - NT


Share
Published 6 May 2019 8:51pm
Updated 6 May 2019 10:38pm
By Charitha Adikari

Share this with family and friends