ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි වලින් පස්සේ මිදි වලටත් ඉඳිකටු. (SBS සිංහල/වාර්තා)

Needles found inside in grapes

Source: Flickr

මිලට ගත් මිදි ගෙඩි වල තිබී ඉඳිකටු හමුවීමේ සිදුවීමක් මෙල්බර්න් නුවරින් වාර්තා විය.

Channel 9 පුවත් වාර්තා කළ පරිදි වික්ටෝරියානු ප්‍රාන්තයේ Craigieburn උප නගරයේ වෙසෙන යුවලකට මෙසේ ඔවුන් මිලට ගත් මිදී වල තිබී ඉඳිකටු හමුවී තිබේ.
Needles found inside in grapes
Source: Flickr

සැඟවුණු ඉඳි කටු

Craigieburn උප නගරයේ වෙසෙන Skender Hasa සහ ඔහුගේ බිරිය වන Shams Alsubaiy තම රාත්‍රී ආහාරය ගත් පසු අතුරුපස ලෙස ඔවුන් මිලට ගත් මිදි අනුභව කිරීමට යොමු විය.

එම මිදි කොළ පැහැති මිදි වූ අතර ඔවුන් එය මිලට ගෙන තිබුණේ Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලයේ ඔවුන්ගේ ප්‍රදේශයේ පිහිටි ශාඛවෙනි.

කෙසේහෝ ඔවුන් ඒවා අනුභව කිරීමට ප්‍රථම ඒවා සෝදා ගත් බවත් එක් මිදි ගෙඩියක යම් අමුත්තක් තමන්ට දැනුනු බවත් Shams Alsubaiy පවසයි.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඉන් අනතුරුව ඔවුන් ඒවා කපා බැලීමේදී ඔවුන් මිලට ගත් මිදි වලින් ගෙඩි දෙකක ඉඳිකටු ගසා තිබූ බව දැකගැනීමට හැකි විය.

තමන් ගර්භනී කාන්තාවක් බවත් වාසනාවකට තමන්ට එම මිදි ගෙඩි වල අමුත්තක් තේරී කපා බැලූ නිසා සිදුවන්නට ගිය අනතුරින් බේරෙන්නට හැකිවූ බවත් Shams Alsubaiy පවසයි.

ඉන් අනතුරුව ඔවුන් දෙදෙනා ඒ පිළිබඳව පොලීසියට පැමිණිලි කළ අතර පොලීසිය ඒ පිළිබඳ වැඩි දුර පරීක්ෂණ පවත්වන බව දන්වා සිටියේය.

මේ අතර තමන්ට මේ පිළිබඳව පැමිණිල්ල ලැබුණු බවත් ඒ පිළිබඳ සොයා බලන බවත් Woolworths සුපිරි වෙළෙඳ සැල් ජාලය පවසා ඇත.
Needles found inside in grapes
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ ස්ට්‍රෝබෙරි වලත් ඉඳිකටු..

ඔස්ට්‍රේලියානු වෙළෙඳ පොලට නිකුත් කළ ස්ට්‍රෝබෙරි වල තිබී ඉඳිකටු හමු වීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා විය.

වික්ටෝරියානු, ටස්මේනියා, නොදර්න් ටෙරිටරි, දකුණු ඔස්ට්‍රේලියාව සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත ඒ අතරින් ප්‍රධාන වේ.

ඒ සම්බන්ධ සිද්ධි 100 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණු අතර ස්ට්‍රෝබෙරිවල ඉඳිකටු හමුවීම පිළිබඳ ප්‍රථමයෙන්ම වාර්තා වුයේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙනි.

මේ අතර බටහිර ඕස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් නවසීලන්තයට අපනයනය කළ ස්ට්‍රෝබෙරි වල ද ඉදිකටු හමුවූ බව පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා විය.

මෙම සිදුවීම් වාර්තා වීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ දැඩි අවධානය යොමු කළ අතර ආහාර උවමනාවෙන් දූෂණය කිරීමට එරෙහිව නීති දැඩි කරන්නට ද කටයුතු කළේය.

ඕනෑකමින් ආහාර දූෂණය කිරීම අපරාධ ක්‍රියාවක් බවත් මෙවැනි අපරාධ වලට වසර 10 සිට 15 දක්වා සිර දඬුවම් පනවන ලෙසට නීති සම්පාදනය කිරීමට ප්‍රකාශ කෙරුණු බවත් Northern Territory නියෝජ්‍ය පොලිස් කොමසාරිස් Grant Nicholls පසුගිය වසරේ අග භාගයේදී පැවසීය.

ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාවත් සමග මෙම නව නීති බද්ධ වී ඇති බවද සඳහන්.
Needles found inside in strawberry
Source: AAP

පළතුරු සෘජුව ආහාරයට ගැනීමෙන් වළකින්න.

ඔබ මිලට ගන්නා ඕනෑම පළතුරක් සෘජුව ආහාරයට නොගන්නා ලෙස ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ජනතාවට අවධාරණය කර සිටියි.

විශේෂයෙන්ම ස්ට්‍රෝබෙරි වල ඉඳිකටු හමුවීමේ සිදුවීම් වාර්තා වීමෙන් අනතුරුව මේ පිළිබඳ වැඩි වශයෙන් අනතුරු ඇඟවීම් සිදු කෙරුණි.

කෙසේවෙතත්, ඇට සහිත හෝ ඇට රහිත ඕනෑම පළතුරක් ආහාරයට ගැනීමට පෙර ඒවා සෝදා කපා බලා ආහාරයට ගන්නා ලෙස බලධාරීන් දැනුම් දෙයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 3 January 2019 1:37pm
By Madhura Seneviratne

Share this with family and friends