සියලු ඔස්ට්‍රේලියානුවාසීන්ට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් නවතම පණිවිඩය මෙන්න. (SBS සිංහල/වාර්තා)

මෙම වයිරසයේ විවිධ මාදිලි විවිධ රෝගාබාධ ඇති කිරීමට මෙන්ම මරණයටද හේතුවන බවත් එය පැතිරීමේ වැඩි ඉඩක් ඇති බවත් ලොව පුරා සිටින සෞඛ්‍ය බලධාරීන් හඳුනාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Michael Gannon, SBS පුවත් වෙත පැවසීය.

flu jab

Source: AAP

ඔස්ට්‍රේලියාව තවත් ශීත කාලයකට මුහුණ දීම අභියස සිටින හෙයින් දරුණු උණ සෙම්ප්‍රතිශ්‍යා (flu) රෝගයෙන් ආරක්ෂා වීම උදෙසා එළඹෙන මැයි මස ආරම්භයේ සිටම flu එන්නත ලබා ගැනීමට සියලු ඔස්ට්‍රේලියානු වාසීන් හට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරයි.

2018 වසරේදී ලබා දෙන flu එන්නත හරහා ලොව දරුණුතම උණ සෙම්ප්‍රතිශ්‍යා ආකාරයක් වන Brisbane flu හෙවත් B strain රෝගයෙන් ආරක්ෂාව සැලසෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරයි.

B strain උණ සෙම්ප්‍රතිශ්‍යාව 2008 වසරේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ අගනුවර වන Brisbane හිදී ලොව පළමු වරට හඳුනාගත් අතර ඒ හේතුවෙන් එයට B strain හෙවත් Brisbane flu යන නම් ලැබී ඇත.

මෙම වයිරසයේ විවිධ මාදිලි විවිධ රෝගාබාධ ඇති කිරීමට මෙන්ම මරණයටද හේතුවන බවත් එය පැතිරීමේ වැඩි ඉඩක් ඇති බවත් ලොව පුරා සිටින සෞඛ්‍ය බලධාරීන් හඳුනාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Michael Gannon, SBS පුවත් වෙත පැවසීය.

ඔස්ට්‍රේලියාවේ පමණක් නොව ලොව පුරාම ඉන්ෆ්ලුවන්සා එන්නත් වැඩසටහන ඉතා ඉහළ පිරිවැයක් ගන්නා නමුත් එය ලොව ඇති දරුණුතම වයිරස් මාදිලි ඉලක්ක කරගෙන ක්‍රියාත්මක වන බවත් වෛද්‍ය Michael Gannon වැඩි දුරටත් පැවසීය.

උණ සෙම්ප්‍රතිශ්‍යා රෝගයේ කුමන මාදිලියක් වුවද මාරාන්තික බැවින් ඒ සඳහා නිර්දේශිත එන්නත් සැවොම ලබා ගත යුතු බවද ඔහු සිහිපත් කර සිටියේය.

එන්නත් වර්ග 2ක්.

ඔස්ට්‍රේලියාව තුළ උණ සෙම්ප්‍රතිශ්‍යා රෝගයට එරෙහිව ලබා ගත හැකි එන්නත් වර්ග 2ක් ඈති බව ඔස්ට්‍රේලියාවේ ඖෂධාගාර සංසදයේ ක්වීන්ස්ල්නත ශාඛාවේ සභාපති මහාචාර්ය Trent Twomey පවසයි.

මේවා මගින් Brisbane flu වලට මෙන්ම තවත් මාදිලි තුනකට එරෙහිව ප්‍රතිශක්තිය සැපයෙන බව ඔහු පවසන අතර එම එන්නත් වර්ග A සහ B යනුවෙන් හැඳින්වෙන බවද ඔහු සඳහන් කළේය.
flu jab
Source: SBS

Flu එන්නත ලබා ගත යුත්තේ කවුරුන්ද?

මහලු වියෙහි පසුවන පුද්ගලයින්, නිධන්ගත රෝග ඇති පුද්ගලයින්, ප්‍රතිශක්තිය හීන කෙරෙන ඖෂධ ලබා ගන්නා පුද්ගලයින්, ගර්භනී මව්වරුන්, ඇබෝර්ජීනියානු සහ ටෝරස් දූපත් වාසීන් මෙන්ම ඇතැම් ළමුන් ඛාණ්ඩ සඳහා Flu එන්නත ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අනුග්‍රහයෙන් නොමිලයේ ලබා දෙන බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Michael Gannon පවසයි.

නමුත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන අනෙක් සෑම අයෙකුම මෙම එන්නත ලබා ගැනීම අතිශය වැදගත් බවත් එය ඉතා ඉහළ මට්ටමේ සමාජ වගකීමක් බවත් ඔහු පවසයි.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 12 April 2018 10:54pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends