2022 ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල 50 අතරට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 10 ක් (SBS සිංහල/ වාර්තා)

ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල සඳහා සලකා බලනුයේ වයස අවුරුදු 50 ට වඩා අඩු විශ්ව විද්‍යාල වේ.

Australia, University of Technology Sydney man taking picture iPhone

University of Technology Sydney Source: Getty Images

ලෝකයේ හොඳම තරුණ විශ්ව විද්‍යාල 50 අතරට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 10 ක් තේරී පත්වී තිබේ.

ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛයෙකු වන Times higher education විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදු කර තිබේ.


Highlights

  • 2022 වසරේ ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල 10 අතරට ඔස්ට්‍රේලියාවේ University of Technology Sydney තේරී පත්ව ඇත.
  • 2022 වසරේ ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල 50 අතරට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 10 ක් තේරී තිබේ.
  • ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල සඳහා සලකා බලනුයේ වයස අවුරුදු 50 ට වඩා අඩු විශ්ව විද්‍යාල වේ.

ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල

ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල සඳහා සලකා බලනුයේ වයස අවුරුදු 50 ට වඩා අඩු විශ්ව විද්‍යාල වේ.

ඒවායේ ඉගැන්වීම, පර්යේෂණ, ජාත්‍යන්තර දැක්ම සහ උසස් අධ්‍යාපන කර්මාන්තය සමඟ ඔවුන්ගේ කටයුතු හරහා එම විශ්ව විද්‍යාල තක්සේරු කරයි.


 

මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත්  කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

මෙම ශ්‍රේණිගත කිරීම නිර්මාණය කර ඇත්තේ ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම හා සමාන ක්‍රමවේදයක් භාවිතා කරමිනි.

නමුත් වයසින් අඩු විශ්ව විද්‍යාලවල මෙහෙවර ලොවට පිළිබිඹු කිරීම සඳහා ඒවාට වැඩි බරක් දීම සඳහා මෙම Young University Ranking හෙවත් තරුණ විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම ක්‍රියාත්මක කෙරේ.
මෙහිදී තක්සේරු කිරීම සඳහා අදාළ විශ්ව විද්‍යාලවල ක්‍රියාකාරීත්වය පහත පරිදි අංශ 5 කින් විමසා බැලෙයි.

  1. ඉගැන්වීම (ඉගෙනුම් පරිසරය)
  2. පර්යේෂණ (පරිමාව, ආදායම සහ කීර්තිය)
  3. උපුටා දැක්වීම් (පර්යේෂණ බලපෑම)
  4. ජාත්‍යන්තර දැක්ම (කාර්ය මණ්ඩලය, සිසුන් සහ පර්යේෂණ)
  5. කර්මාන්තයේ ආදායම (දැනුම හුවමාරුව)
University representatives hold signs as international students arrive at Sydney Airport in Sydney, Monday, December 6, 2021.
University representatives hold signs as international students arrive at Sydney Airport in Sydney, Monday, December 6, 2021. Source: AAP Image/Bianca De Marchi

2022 වසරේ ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල

  1. PSL Research University Paris - ප්‍රංශය
  2. Nanyang Technological University - සිංගප්පූරුව
  3. The Hong Kong University of Science and Technology - හොංකොං
  4. Erasmus University Rotterdam - නෙදර්ලන්තය
  5. Hong Kong Polytechnic University - හොංකොං
  6. Institut Polytechnique de Paris - ප්‍රංශය
  7. University of Antwerp - බෙල්ජියම
  8. University of Technology Sydney - ඔස්ට්‍රේලියාව
  9. Maastricht University - නෙදර්ලන්තය
  10. City University of Hong Kong - හොංකොං

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


2022 වසරේ ලොව හොඳම තරුණ විශ්ව විද්‍යාල 50 අතරට ගිය ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල

  1. University of Technology Sydney
  2. University of Canberra
  3. Queensland University of Technology
  4. University of Wollongong
  5. Griffith University
  6. Western Sydney University
  7. Curtin University
  8. Australian Catholic University
  9. University of South Australia
  10. Deakin University


Share
Published 4 March 2022 10:12am
By Madhura Seneviratne

Share this with family and friends