විදේශීය ඔත්තු සේවා මැදිහත්වීම් වලට ඔස්ට්‍රේලියාව දෛනිකව මුහුණ දීමේ අවදානමක්. බුද්ධි ප්‍රධානියා අනතුරු අඟවයි. (SBS සිංහල/වාර්තා)

Australian Security and Intelligence

Source: Flickr

විදේශීය ඔත්තු සේවා මැදිහත්වීම් වලට ඔස්ට්‍රේලියාව දෛනිකව මුහුණ දීමේ අවදානමක් උද්ගතව ඇති බව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශයේ ප්‍රධානී Duncan Lewis පවසයි.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


ඔස්ට්‍රේලියාව මීට පෙර අත්නොදුටු අත්දැකීමක් ලෙස මෙය හැඳින්විය හැකි බව ඔහු පෙන්වා දෙයි.
Australian Security and Intelligence
Source: AAP

ඔස්ට්‍රේලියාවට ඇති තර්ජන

ඔස්ට්‍රේලියාවට ඇති තර්ජන අතරින් ත්‍රස්තවාදය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.

ඔස්ට්‍රේලියාව කෙරෙහි ත්‍රස්තවාදී තර්ජනය යම් නිශ්චල මට්ටමක පැවතුණද එය අනුමත කළ නොහැකි ඉහළ මට්ටමක පවතින බවත් එය පහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඔහු පැහැදිලි කළේය.

මේ අතර විදෙස් ඔත්තුකරුවන්ගෙන් ඔස්ට්‍රේලියාවට සිදු කෙරෙන බලපෑම අඩු වන සෙයක් පෙනෙන්නට නොමැති බවද ඔහු පැවසීය.

ඔස්ට්‍රේලියාවේ කටයුතු වලට විදේශීය මැදිහත් වීම යටතේ සයිබර් ප්‍රහාර, රහස් ඔත්තු සේවා ක්‍රියාත්මක කිරීම මෙන්ම ඔස්ට්‍රේලියානු දේශපාලන පද්ධතියට සිදුවන නොයෙක් අත පෙවීම් ප්‍රබල උදාහරණ ලෙස දැක්විය හැකි බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.

ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් මෙම විදේශීය මැදිහත්වීම් සිදුවෙමින් පවතින බවත් මේ තත්ත්වය බොහෝ පුද්ගලයින්ට නොපෙනෙන බවත් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
Australian Security and Intelligence
ASIO chief Duncan Lewis Source: AAP

නවීන තාක්ෂණය හමුවේ තර්ජන වෙනස් වන අයුරු

නවීන තාක්ෂණය හමුවේ රටවල ආරක්ෂාව සම්බන්ධව ඇතිවිය හැකි තර්ජන වෙනස් වන බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.

එනිසා සෑම දිනකම කුමක් හෝ අලුතින් සොයාගන්නා බවත් ඇතැම් ඒවා අනෙක් ඒවාට වඩා ඉහළ තර්ජනයක් ඇති කිරීමට සමත් වන බවත් ඔහු පැහැදිලි කළේය.

ගෝලීයකරණය හමුවේ විශාල පරාසයක ප්‍රතිලාභ ලොව රටවලට අත්වී ඇති නමුත් අනෙක් පසින් ගෝලීයකරණය නිසා ඇති දැවැන්ත ආරක්ෂක තර්ජන සඳහා රටවලට මුහුණ දීමට සිදුව ඇති බව ද Duncan Lewis පෙන්වා දුන්නේය.

තාක්ෂණික ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් අපරාධ ක්ෂේත්‍රයට විශාල පිටිවහලක් සැපයීමෙන් අපරාධ වැඩි වීමට මාර්ගය සකස් වී ඇති නමුත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානය අපරාධ සම්බන්ධව නොව ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධව මූලිකව අවධානය යොමු කරන බවද ඔහු පැවසුවේය.
Australian Security and Intelligence
ASIO central office, Canberra, Australia Source: Wikipedia

The Five Eyes intelligence alliance

නවීන තාක්ෂණය හමුවේ ඔස්ට්‍රේලියාවට ඇති තර්ජන පෙරාතුව හඳුනාගැනීමට සහ ඒවාට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ වලට ඇති ප්‍රමුඛතම ශක්තියක් ලෙස The Five Eyes intelligence alliance හැඳින්විය හැකි බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.

මෙම සන්ධානය පිහිටුවීම දෙවැනි ලෝක යුද සමය දක්වා දිව යන අතර ඔස්ට්‍රේලියාව ඇතුළු, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව යන රටවල් මෙම Five Eyes බුද්ධි සන්ධානයට අයත් වේ.

මෙම රටවල් 5 ට මෙන්ම ලෝකය හමුවේ ඇති ආරක්ෂක තර්ජන පිළිබඳ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම මෙන්ම දැනුම බෙදා ගැනීම මෙම සන්ධානයේ මූලික ක්‍රියාවලිය වෙයි.
SBS Sinhalese
Source: SBS Sinhala

Share
Published 5 August 2019 1:01pm
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends