පාස්කු ප්‍රහාරයෙන් පසුවත් 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ලෝක ප්‍රකට 'Lonely Planet' යළිත් තහවුරු කරයි. (SBS සිංහල/වාර්තා)

Sri Lanka

Source: Flickr

2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට ලෝක ප්‍රකට 'Lonely Planet' සංචාරක වෙබ් අඩවිය පසුගිය සතියේදී යළිත් ප්‍රකාශයට පත් කළේය.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download)


පසුගිය අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට විදෙස් සංචාරකයින් යම් බියකින් පසුවිය.
Tourist
Source: Flickr

ලොව හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බව 'Lonely Planet' යළි තහවුරු කරයි

ලොව ප්‍රමුඛතම සංචාරක වෙබ් අඩවියක් සහ සඟරාවක් වන 'Lonely Planet' විසින් 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පසුගිය වසරේ අග භාගයේදී නම් කරන ලදී.

එතැන් පටන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණාත්මකව වැඩි වීමක් දක්නට ලැබිණි.

නමුත්  පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග මේ තත්ත්වය බොහෝ දුරට වෙනස් විය.

බොහෝ රටවල ශ්‍රී ලංකාව සංචාරය කිරීමට අවදානම් ගමනාන්තයක් ලෙස නම් කළ අතර ඒ සඳහා සංචාරක තහනම්ද පනවන්නට කටයුතු යෙදවීය.

නමුත් තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින විට 2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව බවට 'Lonely Planet' පසුගිය සතියේදී යළි තහවුරු කළේය.
Tourist
Source: Getty Images

පාස්කු ප්‍රහාරය සහ ශ්‍රේ ලංකාවේ සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම

පාස්කු ප්‍රහාරය සිදුවී ඊළඟ සතියේදී සංචාරක ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකා හෝටල් වල කාමර වෙන් කිරීම 186% කින් පහත වැටුණු බව 'Lonely Planet' සංචාරක වෙබ් අඩවිය පවසයි.

යුරෝපය ඇතුළු බොහෝ රටවල සංචාරකයින් ශ්‍රේ ලංකාවට සංචාරය කිරීමට සැලසුම් කළ ගමන් අවලංගු කිරීම මෙන්ම පැමිණීමට අපේක්ෂා කළ සංචාරකයින් නොපැමිණීම ද ඊට හේතු විය.

නමුත් තවමත් හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව ඉහළින්ම වැජඹෙන බව 'Lonely Planet' සංචාරක වෙබ් අඩවිය පවසයි.
Tourist
Source: Flickr

ශ්‍රී ලංකාව අංක 1 වීමට හේතු

දිව පිනවන ශ්‍රී ලාංකේය ආහාර පාන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව පත්වීමට ප්‍රබලතම හේතුව වී තිබේ.

විවිධ කුළුබඩු යොදාගනිමින් පිසගන්නා සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය ආහාර මෙන්ම ජාත්‍යන්තරව හැඩගැස්වූ ශ්‍රී ලාංකේය ආහාර පාන නිසා විදෙස් සංචාරකයින්ට ශ්‍රී ලංකාව අමතක නොවන ගමනාන්තයක් වන බව  'Lonely Planet' පවසයි.

එමෙන්ම මන බඳින ස්වභාව සෞන්දර්ය මැදින් දිවයන දුම්රිය ගමන් ද සංචාරකයින් ගේ ඉහළ ජනප්‍රියතාවට පත්ව තිබීම තවත් විශේෂ හේතුවක් විය.

විශේෂයන්ම උඩරට පලාතට දිවයන දුම්රිය මාර්ග විදෙස් සංචාරකයින් අතර අතිශය ජනප්‍රිය වේ.

එමෙන්ම තවමත් නොනැසී පවතින ශ්‍රී ලංකාවේ වනාන්තර, දිය ඇලි, ගංගා - ඇල - දොල මෙන්ම කඳු පන්ති සහ වන සතුන් ඇතුළත් සොබා සුන්දරත්වය ද සංචාරක ආකර්ෂණයේ තවත් සුවිශේෂී නැවතුමක් වේ.

ලොව අංක එකේ ආකර්ෂණීයම සහ සුන්දරතම මුහුදු වෙරළ ගණනාවකින් ලංකාව වටවී තිබීමද මේ සඳහා තවත් ප්‍රබල හේතුවක් බව 'Lonely Planet' පවසයි.
Tourist
Source: Getty Images
2019 වසරේ ලොව හොඳම සංචාරක ගමනාන්ත 10

  1. ශ්‍රී ලංකාව
  2. ජර්මනිය
  3. සිම්බාබ්වේ
  4. පැනමා රාජ්‍යය
  5. කිරිගිස්තානය
  6. ජෝර්දානය
  7. ඉන්දුනීසියාව
  8. බෙලරූස් (බෙලෝ රුසියාව)
  9. São Tomé & Príncipe
  10. Belize
Tourist
Source: SBS Sinhala

Share
Published 5 July 2019 11:15am
Updated 5 July 2019 12:18pm
By Madhura Seneviratne

Share this with family and friends