ඔස්ට්‍රේලියාවේ රජයේ රෝහල් සඳහා සිදුකරනු ලබන වියදම් ප්‍රමාණය ඉහළට. (SBS සිංහල/වාර්තා)

Public hospitals

Source: AAP

ඔස්ට්‍රේලියාවේ රජයේ රෝහල් සඳහා සිදුකරනු ලබන වියදම් ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව නවතම වාර්තාවකින් අනාවරණය කරයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ රජයේ රෝහල් වල ඇඳන් සංඛ්‍යාව සහ සේවක මණ්ඩලය ඉහළ දැමීම සඳහා මේ වියදම් සිදුකර ඇති බව එය පෙන්වා දෙයි.
Public hospitals
Source: AAP

ඔස්ට්‍රේලියාවේ රජයේ රෝහල් සඳහා වියදම්

2017/18 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ රජයේ රෝහල් සඳහා ඩොලර් බිලියන 71 ක මුල්‍ය ආයෝජනයක් සිදුකර ඇති බව සෞඛ්‍ය හා සුබසාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

ඊට පෙර වසරට වඩා එම ආයෝජන ප්‍රමාණය 3.3% කින් වැඩිවී ඇතැයිද සඳහන්.

එහිදී ප්‍රධාන වශයෙන් රෝහල් ඇඳන් සහ ස්වක මණ්ඩලය ඉහළ නැංවීම කෙරෙහි මූලික අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් 2017/18 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ රජයේ රෝහල් සඳහා සිදුකළ ඩොලර් බිලියන 71 ක මුල්‍ය ආයෝජනයෙන් 62% ක මුදලක් වැයවී ඇත්තේ සේවක වැටුප් ගෙවීම් සඳහාය.
Public hospitals
Source: AAP

රෝගීන් වැඩිවීම සහ රෝහල් සේවක මණ්ඩලය ඉහළ නැංවීම

2017/18 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු රජයේ රෝහල්වලට ඇතුළත්වූ රෝගීන් සංඛ්‍යාව 2.1% කින් ඉහලගොස් ඇති බව සඳහන්.

ඊට සාපේක්ෂව පූර්ණ කාලීන රෝහල් සේවකයින් ගේ ප්‍රමාණය 1.1% කින් ඉහළ දමා ඇති බවත් එය සංඛ්‍යාත්මකව 373,234 ක් වූ බවත් සඳහන්.

ඉන් 42% ක් හෙදියන් බවත් 12% සෞඛ්‍ය නිලධාරීන් බවත් වාර්තා වේ.

2017/18 මුල්‍ය වර්ෂය වන විට ඔස්ට්‍රේලියානු රජයේ රෝහල් 693 ක ඇඳන් 62,000 ක් පැවති බව වාර්තා වේ.

2013/14 වසරේ සිට ඔස්ට්‍රේලියානු රජයේ රෝහල් වල ඇඳන් ප්‍රමාණය සාධනීය මට්ටමක පවතින බවත් සඳහන්.

ඔස්ට්‍රේලියානු රජයේ රෝහල් සඳහා සපයන මුල්‍ය ප්‍රතිපාදන වලින් 92% ක් ම ලැබෙනුයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයෙන් බවත් වාර්තා වේ.
Public hospitals
Source: Flickr

2017/18 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු රජයේ රෝහල් වල මුල්‍ය ප්‍රතිපාදන සැකෙවින්

සම්පූර්ණ මුල්‍ය සැපයීම - ඩොලර් බිලියන 71

පූර්ණ කාලීන සේවකයින් - 373,234

ඇඳන් - 62,000

2016/17 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියානු පුද්ගලික රෝහල් වල මුල්‍ය ප්‍රතිපාදන සැකෙවින්

සම්පූර්ණ මුල්‍ය සැපයීම - ඩොලර් බිලියන 15.6

පූර්ණ කාලීන සේවකයින් - 64,500

ඇඳන් - 34,300
Public hospitals
Source: SBS Sinhala

Share
Published 4 July 2019 11:42am
By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends