බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපයටත් අලුතින් Skilled Migrant Visa ලැබෙයි. (SBS සිංහල/වාර්තා)

DAMA

Source: SBS

ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින්ව මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහනේ මූලික අදියරට තවත් කලාපයක් තෝරාගෙන තිබේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -


 

ඒ අනුව බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Kalgoorlie-Boulder නගරය ඇතුළුව Goldfields  කලාපය මෙම DAMA වැඩසටහන සඳහා තෝරාගෙන ඇති බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
DAMA
Source: Google Map

බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය

DAMA වැඩසටහනට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields  කලාපය ඇතුලත් කිරීමෙන් එම කලාපයේ විශාල ආර්ථික සංවර්ධනයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

මෙම තීරණයත් සමග DAMA වැඩසටහනේ මූලික අදියරට එක්වන ප්‍රථම කලාප අතරට Goldfields  කලාපයද එක්වනු ඇත.

මීට පෙර Warrnambool  ඇතුළුව වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය සහ Northern Territory මෙම DAMA වැඩසටහනේ මූලික අදියරට එක් කළ කලාප විය.
ඒ අනුව Goldfields  කලාපයේ ඇති පතල්, ඉංජිනේරු, ඉදිකිරීම්, ළමා සුරැකුම් සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර වල ඇති ශ්‍රම හිඟය පිරවීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

Goldfields  කලාපයේ DAMA වැඩසටහනට ඉහත ක්ෂේත්‍ර වලට අදාළ වෘත්තීන් 73 ක රැකියා ලැයිස්තුවක් සකසා ඇති අතර ඒ හරහා වසරකට නිපුණතා සංක්‍රමණිකයින් 500 කට අනුග්‍රාහකත්වය සැපයීමට සූදානම් බව ඔස්ට්‍රේලියානු ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman ගේ නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

Goldfields  කලාපය විශාල ශ්‍රම හිඟයකින් පීඩා විඳිමින් සිටින බවත් මේ තීරණය හරහා එම අර්බුදය විසඳීමට හැකි බවත් බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය නියෝජනය කරන ලිබරල් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Rick Wilson පැවසීය.

මේ වන විට Goldfields  කලාපයේ විවිධ ක්ෂේත්‍ර වල රැකියා පුරප්පාඩු 1,500 ක් පමණ ඇති බවත් ඒවා ඉක්මනින් පුරවා ගැනීමට මෙය කදිම පියවරක් බවත් Kalgoorlie-Boulder නගර සභාවේ ප්‍රධාන් විධායක නිලධාරී John Walker පැහැදිලි කළේය.
DAMA
Source: SBS

Designated Area Migration Agreement (DAMA)

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.

ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතී.

එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය, Northern Territory සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields  කලාපය වෙයි.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න්, පර්ත්, ගෝල්ඩ් කෝස්ට් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අවම වශයෙන් වසර 5 ක් හෝ ස්ථාපිත කිරීමට මේ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබේ.

ඊට අමතරව ඒ ඒ ප්‍රාදේශීය කලාප වල පවතින ශ්‍රම හිඟය පුරවා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමද මෙහි මූලික ඉලක්කය වී තිබේ.

එමෙන්ම ආර්ථික සංවර්ධනයක් ඇති කරන අතරේම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන පාලනයක් සිදුකිරීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.

DAMA වැඩසටහන යටතේ පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමටද ඉඩ සැලසෙන නමුත් මෙය ආරම්භ කරන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත් කොට නොමැති බවද වාර්තා වේ.

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 8 April 2019 10:33am
By Madhura Seneviratne

Share this with family and friends