ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 නවතම ආරාධනා පත්‍ර වටයේ තොරතුරු මෙන්න. (SBS සිංහල/වාර්තා)

Australian Visa

Source: SBS

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි වල ස්ථිර පදිංචිය ලබා ගත හැකි Skilled nominated migration - 190 වීසා සඳහා ACT රැකියා ලැයිස්තුව හරහා අයදුම් කිරීමේ නව නීති ACT රජය පසුගිය වසරේ අග බාගයේදී හඳුන්වා දුන්නේය.


 

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”


 

ඒ අනුව Canberra Matrix නමින් නවතම ලකුණු ක්‍රමයක් පදනම් කරගනිමින් මෙවර ACT 190 වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

2018-19 මුල්‍ය වර්ෂය සඳහා ACT 190 වීසා වැඩසටහන යටතේ 500 කට පමණ 190 වීසා ලබා දීමට සැලසුම් කර ඇති බව සඳහන්.
ACT 190 Visa
Source: www.canberrayourfuture.com.au

Canberra Matrix නවතම ආරාධනා පත්‍ර වටය

Canberra Matrix ක්‍රමය යටතේ නිකුත් කෙරෙන නවතම ආරාධනා පත්‍ර 2019 වසරේ ජනවාරි 03 වන දා නිකුත් කර තිබේ.

ඒ අනුව එම වටයේදී ආරාධනා පත්‍ර 205 ක් නිකුත් කර ඇති බව canberrayourfuture වෙබ් අඩවිය වාර්තා කරයි.

එම අයදුම්පත් සලකා බැලීමේදී Canberra Matrix ලකුණු 70 ත් 115 ත් අතර ප්‍රමාණයක් සලකා බලා ඇති බවද අනාවරණය විය.
මීට පෙර පැවති ආරධනා පත්‍ර වටය ක්‍රියාත්මක වුයේ 2018 වසරේ දෙසැම්බර් 20 වන දිනය.

එහිදී ආරාධනා පත්‍ර 93 ක් නිකුත් කෙරුණු අතර Canberra Matrix ලකුණු 85 ත් 130 ත් අතර ලකුණු ප්‍රමාණයක් සලකා බැලිණි.
ACT 190 Visa
Source: Flickr

ACT 190 වීසා වැඩසටහනට සුදුසුකම් ලැබීම.

ACT 190 වීසා වැඩසටහන සඳහා අයදුම් කිරීමට ඔබ විසින් EOI එකක් හෙවත් expression of interest එකක් යොමු කළ යුතු අතර ඒ සඳහා පහත සඳහන් අවම අවශ්‍යතා ඔබ විසින් සැපිරිය යුතු වේ.

කැන්බරා පදිංචිකරුවන්

  • පසුගිය වසර දෙක ඇතුළත ACT හි ශිෂ්‍ය හෝ තාවකාලික වීසා එකක් දරා සිටිය අයෙකු හෝ තවමත් දරමින් සිටිය යුතු වීම.
  • 2019 ජූලි 01 ට පෙර EOI එක යොමු කළ අයදුම්කරුවන් මාස 12 ක කාලයක් ACT හි පදිංචි වී සිටීම.
  • 2019 ජූලි 01 ට පසු EOI එක යොමු කළ අයදුම්කරුවන් වසර 2 ක කාලයක් ACT හි පදිංචි වී සිටීම.
  • ඔබේ EOI එක යොමු කරන අවස්ථාව වන විට ඔබ අවම වශයෙන් ACT ඇතුළත මාස 3 ක් හෝ රැකියාවක නිරත විය යුතුය.
  • එය ස්ථිර හෝ පූර්ණ කාලීන වීම අත්‍යවශ්‍ය නොවන නමුත් අවම වශයෙන් සතියකට පැය 20 ක් විය යුතුය.
  • ඔබට ACT සේවා යෝජකයින් කිහිප දෙනෙකු යටතේ හෝ ABN එකකට හෝ රැකියා කළ හැකිය.
  • ඔබ ANZSCO Major Occupation Group 1 (Managers) හෝ Group 2 (Professionals) occupation ඛාණ්ඩ යටතේ අයදුම් කරනවානම් ඊට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතු වේ.
  • ACT 190 වීසා ලැබුණු දිනයේ සිට අවම වශයෙන් වසර 2ක් ACT  හි සේවය කරන බවට දිව්රුම් ප්‍රකාශයක් ඔබ විසින් අත්සන් කළ යුතු වේ.
  • ඔබ හෝ ඔබේ යැපෙන්නන් ACT හැර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක වාසය කරනවානම් හෝ සේවය කරනවානම් හෝ ඔබ ACT 190 වීසා සඳහා සුදුසුකම් නොලබයි.
ACT 190 Visa
Source: Getty Images

READ MORE

විදෙස් රටවල සිට අයදුම් කරන්නන්

  • ඔබ ANZSCO Major Occupation Group 1 (Managers) හෝ Group 2 (Professionals) occupation ඛාණ්ඩ යටතේ අයදුම් කරනවානම් ඊට අදාළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සනාථ කළ යුතු වේ.
  • ඔබේ නිර්දේශිත රැකියාව සඳහා ඇති නිපුණතාව සහ අවම මාස 12 ක සේවා පළපුරුද්ද ACT ආර්ථිකයට ගැලපෙන බව සනාථ කළ යුතු වේ.
  • ඔබේ නිර්දේශිත රැකියාව ACT රැකියා ලැයිස්තුවේ "විවෘත" ලෙස දක්වා තිබිය යුතුය.
  • එසේ නොමැතිනම් ACT හි එම රැකියා සඳහා සැලකිය යුතු ඉල්ලුමක් ඇති බව සනාථ කළ යුතුය.
  • ACT 190 වීසා ලබා ඔස්ට්‍රේලියාවට පා තැබූ දින සිට අවම වශයෙන් වසර 2ක් ACT  හි සේවය කරන බවට දිව්රුම් ප්‍රකාශයක් ඔබ විසින් අත්සන් කළ යුතු වේ.
  • ඔබට රැකියාවක් ලැබෙන තුරු ඔබේ සහ ඔබේ පවුලේ වියදම් පියවාගත හැකි තරමේ සැලකිය යුතු ආර්ථික තත්ත්වයක් ඔබට තිබිය යුතුය.
  • ඔබ හෝ ඔබේ යැපෙන්නන් ACT හැර ඔස්ට්‍රේලියාවේ වෙනත් ප්‍රාන්තයක වාසය කරනවානම් හෝ සේවය කරනවානම් හෝ ඔබ ACT 190 වීසා සඳහා සුදුසුකම් නොලබයි.
ACT 190 Visa
Source: AAP

Canberra Matrix ලකුණු ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ACT 190 වීසා හි නවතම ලකුණු ක්‍රමය වන

--------------------------------------------------------------------------------------------------------

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න -

සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38

සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)

93.1fm – Victoria

97.7fm –NSW

105.5fm – Canberra

106.3fm – SA

93.3fm – QLD

96.9fm – WA

සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP    (free download)

SBS සිංහල Facebook පිටුව -

“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”

--------------------------------------------------------------------------------------------------------

Share
Published 14 January 2019 11:31am
By Madhura Seneviratne
Source: SBS Sinhala program

Share this with family and friends