ඔබත් ලඟඳීම ඉන්ධන මිල අඩුවීමක් බලාපොරොත්තු වෙනවාද? එසේ නොවෙන්න හේතු මෙන්න

A man pumps petrol at a service station in Melbourne, Monday, Aug. 27, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING

A man pumps petrol at a service station in Melbourne, Monday, Aug 27, 2012. (AAP Image/Julian Smith) NO ARCHIVING Source: AAP

Get the SBS Audio app

Other ways to listen

පසුගිය කාර්තුවේ දී ඔස්ට්‍රේලියාව තුල ඉන්ධන මිල 7% කට වඩා ඉහළ ගොස් ඇති අතර ප්‍රධාන සාධක දෙකක් මෙලෙස මිල ගණන් ඉහළ යාමට හේතු වී තිබේ.


Key Points
  • පසුගිය කාර්තුවේදී ඔස්ට්‍රේලියාව තුල ඉන්ධන මිල ඉහල ගිය අතර පෙට්‍රල් ලීටරයක් ​​ඩොලර් 2ක් පමණ වේ
  • සාධක ගණනාවක් තෙල් වෙළඳපොලේ අස්ථාවරත්වය නිර්මාණය කොට තිබේ
  • දුර්වල තත්වයක තිබෙන ඕස්ට්රේලියානු ඩොලරය ඉන්ධන මිල මත පීඩනය ඉහළ දමා තිබේ
ලෝක තෙල් වෙළඳපොල තුල පවතින අස්ථාවරත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල පෙට්‍රල් ඇතුළු ඉන්ධන මිල මාස තුනක් තුළ 7% න් ඉහළ ගොස් තිබේ.

මේ වනවිට දුර්වල තත්වයක තිබෙන ඔස්ට්‍රේලියානු ඩොලරයද මෙම මිල ඉහල යාමට හේතු වී තිබේ.

Australian Institute of Petroleum හෙවත් ඔස්ට්‍රේලියානු ඛනිජ තෙල් ආයතනය මගින් සිදු කල මැනීම් වලදී හෙළිව ඇත්තේ, ඕස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන් සාමාන්‍යයෙන් පෙට්‍රල් ලීටරයකට ඩොලර් 2කට වඩා ගෙවීමක් සිදුකරන බවයි.

පෙට්‍රල් මිල ඉහල යාමට හේතු

මේ වනවිට යුක්රේනය සහ රුසියාව අතර පවතින යුධමය වාතාවරණය සහ දුර්වල තත්වයක තිබෙන ඕස්ට්රේලියානු ඩොලරය ඕස්ටේලියාවේ ඉන්ධන මිල මන දැඩි පීඩනයක් එල්ල කොට තිබේ.

හමාස් සහ ඊශ්‍රායලය අතර යුද්ධමය තත්වයද ගෝලීය තෙල් මිල ඉහළ නැංවීමට සෘජු ලෙසම බලපා ඇති අතර,කෙසේ නමුත් මෙය සැප්තැම්බර් මස උද්ධමන දත්තවලට අදාල නොවන බව බලධාරීන් පෙන්වා දෙයි.
Oil pump at petrol station
Pil Pump at petrol station. AAP/Paul Miller Source: AAP / AAP/Miller

2025 මැද භාගය වන විට උද්ධමනය පහත හෙලීම සඳහා ඕස්ට්‍රේලියානු මහ බැංකුවේ අපේක්ෂිත කාලරාමුවට මේ වනවිට තර්ජනයක් පවතින අතර, ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ සංඛ්‍යාලේඛන වලට අනුව මේ හේතුවෙන් මහ බැංකුව තවදුරටත් දැඩි තීරණ වලට එළඹීමට හැකියාවක් පවතී.

උද්ධමනයේ කාර්තුමය වශයෙන් සියයට 0.9ක වැඩිවීමක් පවතින අතර, එය ඕස්ට්‍රේලියානු මහ බැංකු අනාවැකිවලට තරමක් ආසන්න අගයක් ගනී.

කෙසේ නමුත් මේ හේතුවෙන් පොලී අනුපාත තවත් මාසයක කාලයක්වත් ඒ අයුරින්ම රඳවා තබා ගනු ඇතැයි Commonwealth බැංකු ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරයි.


———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: 

SBS සිංහල Facebook පිටුව: 

SBS Audio App:  හෝ 

වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


———————————————————————————


St George බැංකුවද එම මතයේම සිටින අතර, ඔවුන් පවසන්නේ පොලී අනුපාත තවත් මාසයක කාලයක්වත් එලෙසම පවතිනු ඇති බවයි.

St George බැංකු ආර්ථික විද්‍යාඥ Jarek Kowcza මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ කෙසේ නමුත් උද්ධමන ඉදිරි දැක්මට මේ වනවිට දැඩි අවදානම් පවතින බවයි.

එමෙන්ම මේ වනවිට පවතින ඉහල ඉන්ධන මිලගණන් උද්ධමනය පාලනය කිරීම සඳහා ගැටලුවක්ද වන අතර ඕස්ට්‍රේලියානු ඩොලරයේ පවතින දුර්වලතාවයද ඉහල ඉන්ධන මිලගණන් සඳහා බලපාන බව Jarek කියා සිටී.

ඕස්ට්‍රේලියානු මහ බැංකු ආණ්ඩුකාර Michele Bullock පෙන්වා දෙන්නේ මධ්‍ය කාලීන උද්ධමන අපේක්ෂාවන් තවමත් ස්ථාවරයක පවතින අතර උද්ධමනය 2% සිට 3% දක්වා නැවත පැමිණීමට එසේ තිබිය යුතු බවයි.

ඕස්ට්‍රේලියානු ඉන්ධන මිලගණන් උද්ධමන අපේක්ෂාවන් සඳහා බලපෑම් ඇති කරයි.

සැපයුම් දාම වලට බාධා එල්ල වීම හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී භාණ්ඩ මිල සමඟ ඕස්ට්‍රේලියාවද මේ වනවිට සෙසු බොහෝ රටවල් මෙන් උද්ධමනය සමඟ පොරබදමින් සිටී.

භාණ්ඩාගාරික Jim Chalmers මේ සම්බන්ධයෙන් පෙන්වා දෙන්නේ උද්ධමනය ගෝලීය වශයෙන් සහ ඔස්ට්‍රේලියාව තුල වඩා ස්ථීර බව මේ වනවිට ඔප්පු වන අතර එය කාර්තුමය උද්ධමන සංඛ්‍යාවලින්ද පිළිබිඹු වන බවයි.

මේ හේතුවෙන් ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීම සඳහා නව සැලැස්මක් හරහා රජය ඩොලර් බිලියන 23 ක සහනයක් ලබා දීම සිදුකරන බවත් භාණ්ඩාගාරිකවරයා කියා සිටී.


Share