Facebook කණපිට පෙරළන්න Zuckerberg සූදානම් වෙයි.

Zuckerberg changes Facebook's focus

Zuckerberg changes Facebook's focus Source: AAP

ලොව ජනප්‍රියතම සහ ප්‍රමුඛතම සාමාජ ජාලය ලෙස හැඳින්වෙන Facebook හි මූලික අරමුණ වෙනස් කිරීමට එහි ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg සැරසෙයි.

Facebook සාමාජිකයින් සාමාන්‍ය පුවත් බැලීම සඳහා Facebook  News Feed හි උඩට පහළට යනවාට වඩා තේරුමක් ඇති සමාජ සම්බන්ධතා ගොඩනැගීමට යොමු කිරීම මෙම නව වෙනසේ මූලික අරමුණ වී තිබේ.

කෙසේනමුත්, Facebook හි ගත කරන කාලය මේ හේතවෙන් කෙටි කාලීනව පහල යාමට මේ වෙනස හේතුවනු ඇති බව Zuckerberg  සිය Facebook  ගිණුමේ සටහන් කර තිබුණි.

නමුත් එය Facebook  භාවිතා කරන්නන් ට සහ ව්‍යාපාර වලට දිගු කාලීන යහපත් ප්‍රතිඵල ලඟා කරනු ඇතැයිද ඔහු පවසා තිබේ.


Share
Published 12 January 2018 1:37pm
By Madhura Seneviratne
Source: SBS News


Share this with family and friends