ඔබට මේ වසරේදී PTE ඉංග්‍රීසි පරීක්ෂණය නිවසේ සිටම සිදු කිරීමට අවස්ථාව (SBS සිංහල/ වාර්තා)

ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය මැන බැලීමේ ලොව ප්‍රකට පරීක්ෂණයක් වන PTE ඉංග්‍රීසි පරීක්ෂණය PTE Academic Online නමින් නිවසේ සිටම සිදු කිරීම සඳහා වන වෙන්කරවාගැනීම් 2022 ජනවාරි මස 11 වැනිදා සිට විවෘත වේ. කෝවිඩ් තත්වය මත හඳුන්වා දුන් මෙම PTE Academic Online පරීක්ෂණය පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

PTE Online

Source: Pexels / Greta Hoffman

පරීක්ෂණ අපේක්ෂකයින් හට සිය නිවසේ සිටම PTE ඉංග්‍රීසි පරීක්ෂණය සඳහා මුහුණ දීමට වන වෙන්කරවාගැනීම් 2022 ජනවාරි මස 11 වැනිදා සිට විවෘත වන බව ලොව ප්‍රමුඛ පෙලේ අධ්‍යාපන සමාගමක් වන Pearson සමාගම පවසයි.

ලොව පුරා විශ්ව විද්‍යාල සිය ගණනක් ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය පැහැදිලි කිරීමට අවශ්‍ය සිසුන් සඳහා පිළිගත් පරීක්ෂණ ලැයිස්තුවට PTE Academic Online එක කොට තිබේ ඇත.


Highlights

  • PTE Academic Online යනු
  • PTE Academic Online හඳුන්වාදීමට බලපෑ හේතු
  • PTE Academic සහ PTE Academic Online අතර වෙනස
  • PTE Academic Online හි ඇති ආරක්ෂාව
  • PTE Academic Online මුහුණ දීමේදී දැනගත යුතු දේ

PTE Academic Online යනු

මෙය සාමාන්‍යයෙන් සිදු කරන PTE ඉංග්‍රීසි පරීක්ෂණයම වන අතර මේ සඳහා අන්තර්ජාලය හරහා දුරස්ථව සහභාගී වීමට හැකියාව පවතී. මේ අනුව ඔබට මෙම පරීක්ෂණය සඳහා නිවසේ සිට කාර්යාලයක හෝ වෙනත් ඕනෑම පුද්ගලික ස්ථානයක සිට සම්බන්ධ වීමට හැකියාව හිමි වේ.

PTE Academic Online හඳුන්වාදීමට බලපෑ හේතු

මේ වනවිට පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් අපේක්ෂකයින් හට සාමාන්‍ය පරිදි මෙම PTE ඉංග්‍රීසි පරීක්ෂණ සඳහා පෙනී සිටීමට එම මධ්‍යස්ථාන වෙත ප්‍රවේශ විය නොහැකි විය. මේ හේතුවෙන් අන්තර්ජාලය හරහා සිදු කරන PTE Academic Online පරීක්ෂණය ඔස්සේ, ආයතන වලට ආරක්ෂිතව සහ විශ්වාසදායී ලෙස තම සිසුන්ගේ ඉංග්‍රීසි කුසලතා තක්සේරු කිරීමට හැකියාව හිමිවේ.
Hundreds of Universities sign up to PTE Academic Online, with numbers increasing rapidly.
Hundreds of Universities sign up to PTE Academic Online, with numbers increasing rapidly. Source: Pexels / Ketut Subiyanto

PTE Academic සහ PTE Academic Online අතර වෙනස

මෙය සාමාන්‍යයෙන් සිදු කරන PTE ඉංග්‍රීසි පරීක්ෂණයම දුරස්ථව සිදු කල හැකි ලෙස සැකසු අනුවාදනයකි. නමුත් මෙම පරීක්ෂණය, එම පරීක්ෂණය සඳහා පෙනී සිටින අපේක්ෂකයාගේ පරිඝනකය හරහා සිදු වේ.

මෙහිදී එම පරීක්ෂණය සඳහා පෙනී සිටින අපේක්ෂකයා හට ඒ සඳහා අවශ්‍ය උපකරණ පවතී නම් පරීක්ෂණය සඳහා බාධාවක් නොවන ඕනෑම ස්ථානයක සිට මේ සඳහා පෙනී සිටිය හැක.


ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය:  

SBS සිංහල Facebook පිටුව: 

SBS Radio App:  හෝ  වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.


කෙසේ නමුත් පරීක්ෂණ මධ්‍යස්ථාන වල පවතින පරිසරය අපේක්ෂකයා හට සහ පරීක්ෂකයා හට යහපත් වීම හේතුවෙන් එම මධ්‍යස්ථාන හරහා සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් තවමත් වැඩි තක්සේරුවක් පවතී.

PTE Academic Online පරීක්ෂණය Pearson සමාගම සතු ආරක්‍ෂිත OnVUE මෘදුකාංගය භාවිතයෙන් අපේක්ෂකයාගේම බ්‍රවුසරය හරහා සිදු කරයි. මෙම තාක්ෂනය සම්බන්ධයෙන් මේ වනවිට ලොව පුරා ඉහල විශ්වාසයක් පවතින බව එම ආයතනය පවසයි.

PTE Academic Online හි ඇති ආරක්ෂාව

OnVUE විසින් ලබාදෙන ආරක්‍ෂක විශේෂාංග ඔස්සේ මෙම පරීක්ෂණය ආරක්ෂිතව සිදු කිරීමට අපේක්ෂකයාට අවස්ථාව උදා වේ. PTE Academic Online පරීක්ෂණය සිදු කරන සමස්ත කාලය පුරා මේ ඔස්සේ අපේක්ෂකයා සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සිදු කරයි.
Hundreds of Universities sign up to PTE Academic Online, with numbers increasing rapidly.
Hundreds of Universities sign up to PTE Academic Online, with numbers increasing rapidly. Source: Pexels / EKATERINA BOLOVTSOVA
මේ සඳහා පහත දැක්වෙන ආරක්ෂණ උපක්‍රම භාවිත කෙරේ,

  • OnVUE පරීක්‍ෂණයේ කොටසක් ලෙස, අපේක්ෂකයින් විසින් රජය විසින් නිකුත් කරන ලද හැඳුනුම්පත් ඡායාරූප ලබාදීම අවශ්‍ය වේ. මෙම හැඳුනුම්පත් කෘතිම බුද්ධිය (AI) මගින් පරීක්ෂා කිරීම සිදු කරයි.
  • විභාග අපේක්ෂකයා, සිය කාමරයේ ඡායාරූප ඉදිරිපත් කළ යුතු වේ. අනතුරුව පරීක්ෂණ නිලධාරියකු එම ඡායාරූප සහතික කිරීම සිදු කරයි.
  • පරීක්ෂණ සිදුවන කාලය පුරා කෘතිම බුද්ධිය මගින් සහ වෙබ් කැමරා ඔස්සේ මිනිස් කටයුතු නිරීක්ෂණ ය කිරීම සිදු වේ. මෙහිදී යම් සැක කටයුතු අවස්ථාවකදී පරීක්ෂණය අවලංගු කිරීමට පරීක්‍ෂකවරයා හට හැකියාව පවතී.
  • කෘතිම බුද්ධිය (AI) මගින් අතිරේක ආරක්ෂාවක් ලබාදෙන අතර එමගින් අපේක්ෂකයාට අමතරව එම කාමරයේ තවත් පිරිස සිටීද, අපේක්ෂකයා කාමරයේ නොසිටීද යන තොරතුරු පිළිබඳව නිරතුරුවම අවදානයකින් පසුවේ.
  • මෙහිදී පවතින ආරක්‍ෂිත උපක්‍රමයක් මගින් පරීක්ෂණය ආරම්භ වීමට පෙර අපේක්ෂකයාගේ පරිගණකය අගුලු දැමීම සිදු කරන අතර ඒ ඔස්සේ අපේක්ෂකයා හට තම පරිඝනකයේ වෙනත් ලිපිගොනු හෝ අන්තර්ජාලය වෙත ප්‍රවේශ වීම වළකයි.
  • අවශ්‍ය නම් වෛද්‍ය හේතූන් මත පමණක් විභාග අපේක්ෂකයාට විවේකයක් ලබාගත හැක.

Image PTE Academic Online මුහුණ දීමේදී දැනගත යුතු දේ

මෙම පරීක්ෂණය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් පහත කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම වැදගත් වේ.

  • විභාගය අතරතුර තමන්ට බාධාවක් නොවන නිහඬ, පුද්ගලික ස්ථානයක් සොයා ගැනීම 
  • විශ්වාසදායක පරිඝනකයක් භාවිත කිරීම 
  • රැහැන්ගත හෙඩ්සෙට් එකක් භාවිත කිරීම (Bluetooth තාක්ෂනය සහිත හෙඩ්සෙට් භාවිත කල නොහැක)
  • වෙබ් කැමරාවක් තිබීම 
  • ශක්තිමත් අන්තර්ජාල සම්බන්ධතාවයක් තිබීම
Pearson සමාගම මේ වනවිට වසර ගණනක් තිස්සේ අන්තර්ජාලය හරහා විභාග සිදු කිරීම කොට තිබේ. PTE Academic Online පරීක්ෂණය තුලදී අපේක්ෂකයා යම්කිසි අයුරක සැක උපදවන ක්‍රියාවක් සිදු කළහොත් එවැනි අවස්ථාවකදී අනතුරු ඇඟවීමක් සිදු කරයි. එවැනි අවස්ථා පහත පරිදි වේ,

  • තවත් පුද්ගලයකු පරීක්ෂණය සිදුකරන කාමරය තුලට පැමිණීම 
  • දෑත් මගින් මුඛය හෝ මුහුණ ආවරණය කිරීම 
  • වෙබ් කැමරාවෙන් පිටතට තම මුහුණ හෝ ශරීරය යොමු කිරීම 
  • සැක උපදවන පරිදි දෑස් හැසිරවීම 
  • පරීක්ෂණය සඳහා අවශ්‍ය නොවන වස්තූන් තිබීම
එමෙන්ම පරීක්ෂණය අවලංගු කිරීම සඳහා යොමු වන අවස්ථා පහත පරිදි වේ.

  • විභාග උපදෙස් වලට අවනත නොවීම 
  • අපේක්ෂකයාට අමතරව වෙනත් පුද්ගලයකු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම 
  • අපේක්ෂකයාට අමතරව වෙනත් පුද්ගලයකු පරිඝනකය ඉදිරියේ අසුන් ගැනීම 
  • පරීක්ෂණය සඳහා අනවශ්‍ය ද්‍රව්‍ය වෙත ප්‍රවේශ වීම 
  • වෙබ් කැමරාවෙන් පිටතට යාම 

Share
Published 10 January 2022 12:52pm
By Nipuna Dodangoda

Share this with family and friends