සිඩ්නි වරාය යටින් ඉදි කරන ප්‍රථම භූගත දුම්රිය උමගට සියලු වැඩකටයුතු සූදානම් බව වාර්තා වේ.
මෙම දැවැන්ත ඉදිකිරීම සඳහා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය ඩොලර් බිලියන 2.81 ක් වෙන් කර ඇති බව ද සඳහන්.
මෙම දුම්රිය උමන් මාර්ගය ද්විත්ව උමගක් වන අතර එය කිලෝ මීටර් 15 ක දුරක් සිඩ්නි වරාය සහ සිඩ්නි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය යටින් දිව යන බවද වාර්තා වේ.
2021 වසරේ මැද භාගයේදී ඉදිකිරීම් අවසන් වීමට නියමිත මෙම උමන් මාර්ගය වයඹ දිග සිඩ්නි සහ නිරිත දිග සිඩ්නි ප්‍රදේශ සිඩ්නි මධ්‍යම ව්‍යාපාරික දිස්ත්‍රික්කය හරහා යා කෙරෙනු ඇත.
2024 වසරේදී මෙහි මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට අපේක්ෂිතය.