Feature

ඔස්ට්‍රේලියාව තුළ ඔබේ භාෂාවෙන් ලබා ගත හැකි මානසික සෞඛ්‍ය සේවාවන් මොනවාද?

ඉංග්‍රීසි භාෂාවට අමතරව වෙනත් භාෂාවන් කථා කරන පිරිස් ඔස්ට්‍රේලියාව තුළ වාසය කරති. ඇතැම් විට එවැනි පුද්ගලයින් හට මානසික සෞඛ්‍ය සහය සේවාවන් තමන්ගේ මව් භාෂාවෙන් ලබාගැනීමට අවශ්‍ය වේ. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් තමන්ගේ මව් භාෂාවෙන් මානසික සෞඛ්‍ය සහය සේවාවන් ලබාගත හැකි අයුරු පිළිබඳ SBS මාධ්‍ය ආයතනය මෙසේ තොරතුරු සම්පිණ්ඩනය කරන ලදී.

Mental health

pensive woman in front of the window Source: Getty Images

කොරෝනා වසංගතය හේතුවෙන් හටගත් මානසික සෞඛ්‍ය අභියෝග වලදී, මානසික අවපීඩන සහ කාංසාව වැනි අවස්ථා වලදී, bipolar, post-traumatic stress, පෞරුෂය පිළිබඳ ගැටළු මෙන්ම සයිකෝසියාව වැනි මානසික රෝගී තත්ත්ව වලදී තමන්ගේ මව් භාෂාවෙන් මානසික සෞඛ්‍ය සහය සේවාවන් ලබා ගැනීමට සංක්‍රමණික ප්‍රජාවන්ට අවශ්‍ය වේ.

එවැනි සේවාවන් විවිධ භාෂාවන් ගෙන් ඔස්ට්‍රේලියාව පුරා ක්‍රියාත්මක වන අතර ඒවායෙන් බොහොමයක් ප්‍රාන්ත හා ටෙරිටරි මට්ටමින් ක්‍රියාත්මක වේ.

බොහෝ වෙලාවට මෙම සංවිධාන සඳහා තමන්ගේම භාෂා පරිවර්තකයින් නොමැත.

එනිසා ඔවුන් Translating and Interpreting Service - TIS  නැමති ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අරමුදල් සැපයු භාෂා පරිවර්තන සේවාව භාවිත කරයි.

ඒ හරහා භාෂා 150 කට අධික සංඛ්‍යාවක් සඳහා දුරකථනය ඔස්සේ හෝ අදාළ ස්ථානයට පැමිණ හෝ භාෂා පරිවර්තන සේවාවන් ලබා දෙයි.

ජාතික මට්ටමින්, Mental Health in Multicultural Australia (MHiMA) ආයතනය ඇතැම් භාෂා වලින් තොරතුරු සපයයි  

එහි මෙහෙයුම් කටයුතු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් නවත්වන ලද නමුත් එහි වෙබ් අඩවිය තවමත් ක්‍රියාත්මකය.

එහි ඇති මානසික සෞඛ්‍ය ඇගයීම් පිළිබඳ සිදුකළ හැකි ද්‍රව්‍ය සහ පරිවර්තනය කළ තොරතුරු වලට තවමත් පිවිසිය හැකිය.

Forum of Australian Services for Survivors of Torture and Trauma (FASSTT) යනු වධ හිංසා වලින් සහ ක්ෂතිය තත්ත්වයෙන් (Trauma) බේරී විදෙස් රටවලින් ඔස්ට්‍රේලියාවට පැමිණි පුද්ගලයින් සමග කටයුතු කරන ඔස්ට්‍රේලියාවේ විශේෂ පුනරුත්ථාපන ඒජන්සි 8 ක් මගින් නිර්මාණය වූ සංසදයකි.

FASSTT ආයතනයෙන් සේවය ලබන බොහෝ දෙනා ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ සරණාගතයින් ලෙස හෝ ඔස්ට්‍රේලියාවේ රැකවරණය පතන්නන් ලෙසය.

ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරිටරියකම එක් FASSTT ආයතනයක් බැගින් පිහිටුවා තිබේ 


රාජ්‍ය නොවන ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන මානසික සෞඛ්‍ය සහන සේවා සපයන ආයතන

Lifeline - 13 11 14

Beyond Blue - 1300 22 4636

Suicide Call Back Service -  1300 659 467

Kids Helpline - 1800 55 1800

MensLine Australia - 1300 78 99 78


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය

NSW Mental Health Line

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය සේවා දුරකතන සේවාව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වෙසෙන ඕනෑම අයෙකුට විවෘත වේ.

එය සතියේ දින හතේම දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මකය.

මෙහි සේවාව 1800 011 511 යන දුරකතන අංකයෙන් හෝ  යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

Transcultural Mental Health Centre (TMHC)

විවිධ සංස්කෘතිකමය සහ භාෂාමය පසුබිමක් සහිත පුද්ගලයින් හට මානසික සෞඛ්‍ය සේවා ලබාදීම ප්‍රාන්තය පුරා පැතිරුණු මෙම සේවාවෙන් ලබාදෙයි.

මේ හරහා සායනික උපදේශනය සහ ඇගයීම්, මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය, සම්පත් වර්ධනය කිරීම සහ මානසික සෞඛ්‍ය සේවා පිළිබඳ අධ්‍යාපනය ලබා දීම හා පුහුණුව ලබා දීම වැනි කටයුතු TMHC හරහා සිදු කෙරේ

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මානසික සෞඛ්‍ය සේවාවන් සමග සම්බන්ධ පුද්ගලයින් හා පවුල් සඳහා ද්වි භාෂා වෛද්‍ය හමුවන් භාවිතා කර TMHC මගින් නොමිලයේ සේවාවක් ලබාදෙයි.

එම සේවාව ලබාගැනීමට තමන්ගේ ප්‍රදේශයේ මානසික සෞඛ්‍ය කණ්ඩායමෙන් නිර්දේශයක් අවශ්‍ය බව ද පැවසේ.

TIS මගින් භාෂා පරිවර්තනය කිරීම  යන වෙබ් අඩවිය ඔස්සේ සිදු කළ හැකිය.

Treatment and Rehabilitation of Torture and Trauma Survivors හි සේවාවන්  (STARTTS)

ඒ ඒ සංස්කෘතියට අදාළව මානසික ප්‍රතිකාර සහ උපකාර STARTTS මගින් සපයයි.

එමෙන්ම සරණාගතයින්ගේ ඇති බිය දුරු කර ඔස්ට්‍රේලියාව තුළ ඔවුන්ගේ ජීවිත යළි නගා සිටුවීමට  වෙබ් අඩවිය හරහා සිදු කෙරේ.

STARTTS හි සේවකයින් කතා නොකරන භාෂාවන් සඳහා භාෂා පරිවර්තක සේවාවන්   ලබා ගැනීමට තීරණය කර තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තය

Foundation House for Survivors of Torture

ඉංග්‍රීසි, අරාබි, බුරුම, හකා-චින්, ඩාරි, ඩින්කා, Karen, පර්සියානු, Swahili, දෙමළ සහ Tigrinya යන පසුබිමක් සහිත සරණාගතයින්ට හෝ සරණාගතයින්ට සමාන පසුබිමක් ඇති පුද්ගලයින්ට මෙම සංවිධානය නොමිලේ සේවාවන් සපයයි.

මෙම සේවාවන් වෙත ප්‍රවේශ වීමේ නිර්ණායක ඔබ සපුරාලන්නේ දැයි මෙම වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකිය.

මෙහි සේවකයින් කතා නොකරන භාෂාවන් සඳහා භාෂා පරිවර්තක සේවාවන්   ලබා ගැනීමට තීරණය කර තිබේ.

විවිධ භාෂාවලින් මානසික සෞඛ්‍ය තොරතුරු පිළිබඳ නාමාවලියක් වික්ටෝරියා ප්‍රාන්තය සතුව ඇත.

එය වික්ටෝරියානු රජයේ මුලපිරීමක් වන අතර සංස්කෘතික මධ්‍යස්ථානය විසින් පවත්වාගෙන යනු ලබන්නකි.

ඒ හරහා පරිවර්තනය කරන ලද සෞඛ්‍ය තොරතුරු විශාල එකතුවකට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය:  

තවත් වික්ටෝරියානු සංවිධාන දෙකක් මානසික සෞඛ්‍යය පිළිබඳ පුහුණුව ලබා දෙන නමුත් පුද්ගලයන්ට සෘජුව සහය ලබා නොදෙයි.

Action on Disability in Ethnic Communities (ADEC)

බහු සංස්කෘතික පසුබිම්වලින් පැමිණෙන පුද්ගලයින්ට මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට Transcultural Mental Health Access Program (TMHAP) වැඩසටහනක් ADEC යට ඇතුළත් වේ.

මානසික සෞඛ්‍ය ගැටලු සහ මානසික සෞඛ්‍ය හා සත්කාරක සේවා වෙත ප්‍රවේශ විය හැකි මාර්ග පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඔවුන් ජනවාර්ගික ප්‍රජාවන් සමඟ කටයුතු කරයි.

සංස්කෘතිකමය වශයෙන් ප්‍රතිචාර දක්වන ආකෘති සහ ජනවාර්ගික ප්‍රජාවන් සම්බන්ධ කර ගැනීමේ උපාය මාර්ග සංවර්ධනය සම්බන්ධ මානසික සෞඛ්‍ය සේවාවන්ට ද ඔවුන් සහය වේ.

Victorian Transcultural Mental Health (VTMH)

මීට පෙර මෙය හැඳින්වුයේ Victorian Transcultural Psychiatry Unit (VTPU) ලෙසය.

VTMH යනු සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධාකාර (CALD) පාරිභෝගිකයින් සහ රැකබලාගන්නන් සමඟ කටයුතු කරන වෘත්තිකයින් සඳහා සායනික මානසික සෞඛ්‍ය සේවා සහ මනෝ චිකිත්සක ආබාධිත උපකාරක සේවාවන් සඳහා සහාය වන වික්ටෝරියානු ප්‍රාන්තයේ ඒකකයය.

වෘත්තිකයින් සඳහා විමසීම් සේවාවක්, සේවා සහ ප්‍රජා සංවර්ධනය, අධ්‍යාපනය, පාරිභෝගික හා රැකබලාගන්නන් වෙනුවෙන් වැඩසටහන් මේ සඳහා ඇතුළත් නමුත් තනි පුද්ගලයන්ට සෘජුවම සේවා සපයන්නේ නැත.  

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය

Queensland Transcultural Mental Health Centre (QTMHC)

QTMHC යනු ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය පුරා ක්‍රියාත්මක විශේෂඥ සේවාවකි.

සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින්ට සංස්කෘතිකමය වශයෙන් ප්‍රතිචාර දක්වන මානසික සෞඛ්‍ය රැකවරණය සහ සහාය ලබා දීමට මෙය ක්‍රියාත්මක වේ.

මෙය පරිවර්තන උපදෙස්   ලබා දෙන අතරම දේශීය මානසික සෞඛ්‍ය සම්බන්ධීකාරකවරුන් හරහා වෘත්තිකයන්ට ප්‍රවේශ වීම ද  ලබා දෙයි.

Queensland Program of Assistance to Survivors of Torture and Trauma (QPASTT)

ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට පෙර වධහිංසාවට ලක්වූ හෝ සරණාගතයින් සම්බන්ධ කම්පනයන්ට ලක්වූවන්ගේ සෞඛ්‍ය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම සඳහා නම්‍යශීලී හා සංස්කෘතිකමය වශයෙන් සංවේදී සේවාවන් QPASTT හරහා සපයයි.

ඔවුන් උපදේශනය ඇතුළුව දිවි බේරාගත් අයට නොමිලේ මානසික හා සමාජීය සහාය ලබා දෙයි.

World Wellness Group

බ්‍රිස්බේන් හි පිහිටි World Wellness Group සඳහා සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධාකාර ප්‍රජාවන් සඳහා වැඩසටහන් මාලාවක් ඇතුළත් වේ:

බහු සංස්කෘතික මනෝවිද්‍යාත්මක චිකිත්සක වැඩසටහන: බ්‍රිස්බේන් උතුරු සහ දකුණු කලාපවල සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ පසුබිම්වල පුද්ගලයින්ට ලබා දෙයි. ඔවුන් මෘදු හා මධ්‍යස්ථ මානසික රෝග ඇති පුද්ගලයින් සඳහා සංස්කෘතිකමය වශයෙන් ආරක්ෂිත හා සංවේදී ව්‍යුහාත්මක මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් සපයයි.

සරණාගතයින් සහ රැකවරණය පතා පැමිණි පුද්ගලයින්ගේ සෞඛ්‍යය: දිගු කාලීන සෞඛ්‍ය අසමානතාවය අවම කිරීම සඳහා අවදානම් සහිත පුද්ගලයින්ට සංස්කෘතිකමය වශයෙන් ආරක්ෂිත, පරිපූර්ණ, පවුල් කේන්ද්‍රීය හා ඒකාබද්ධ සත්කාර සපයයි.

ජාත්‍යන්තර සිසුන්ට සෞඛ්‍ය සේවා: සංස්කෘතිකමය වශයෙන් විවිධ පසුබිම්වල සිටින පුද්ගලයින් සඳහා සෞඛ්‍ය සේවා පිළිබඳ විශේෂඥයින් වශයෙන් විවිධ සංස්කෘතික පසුබිම්වලින් පැමිණි විදේශීය ශිෂ්‍ය සෞඛ්‍ය ආවරණයක් (OSHC) සහිත ජාත්‍යන්තර සිසුන්ට මෙය භාවිතා කළ හැකිය:

Culture In Mind යනු බ්‍රිස්බේන් නගර කලාපයේ වෙසෙන වයස අවුරුදු 18 ට වැඩි සංස්කෘතික හා භාෂාමය වශයෙන් විවිධ වූ පුද්ගලයින්ට මානසික - සාමාජීය සහාය ලබා දෙන ප්‍රජා මූලික වැඩසටහනකි.

Harmony Place

Harmony Place යනු රාජ්‍ය නොවන ප්‍රජා මූලික බහු සංස්කෘතික සංවිධානයක් වන අතර එය සංස්කෘතික හා භාෂාමය විවිධ  පසුබිම්වල සිටින පුද්ගලයින් සඳහා සංස්කෘතිකමය වශයෙන් සංවේදී මානසික සෞඛ්‍ය සේවාවන් සපයයි.

සංක්‍රමණිකයන් සහ ඔවුන්ගේ දරුවන්, සරණාගතයින්, රැකවරණය පතා පැමිණි පුද්ගලයින්, නිපුණතා සංක්‍රමණිකයන් සහ ඔවුන්ගේ සහකරුවන් ඇතුළු වයස අවුරුදු 12 ට වැඩි පුද්ගලයින් සමඟ ඔවුන් කටයුතු කරයි.

සංස්කෘතිකමය වශයෙන් විවිධ වූ බ්‍රිස්බේන් හෝ ගිනිකොණ දිග ක්වීන්ස්ලන්ත කලාප වන Logan, Ipswich සහ Gold Coast වෙත විශේෂයෙන් අවධාරණය කරමින් ඒවා ක්වීන්ස්ලන්තය පුරා ක්‍රියාත්මක වේ.

Mental health line

1300 MH CALL (1300 642255) යනු ක්වීන්ස්ලන්ත වැසියන් සඳහා වන රහස්‍යභාවය සුරකින මානසික සෞඛ්‍ය දුරකථන සේවාවක් වන අතර එය මහජන මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛ සම්බන්ධතාවය ලබා දෙයි.

TIS සේවාවෙන් භාෂා පර්වර්තන සේවාවන් ලබාගත හැකිය.

Northern Territory

MHACA (Central Australia)

මානසික රෝගී තත්වයෙන් පෙළෙන වයස අවුරුදු 18 ට වැඩි පුද්ගලයින් සඳහා  MHACA සේවාවන් ලබා ගත හැකිය.

කලින් වෙන් කරවාගත් වේලාවන් සඳහා භාෂා පරිවර්තක සේවාවන් ලබා ගැනීමට හැකි අතර චීන, උර්දු, අයරිෂ් සහ හින්දි කතා කරන සේවකයින් අඩංගුවේ.

TeamHealth (Darwin)

TeamHealth විසින් මානසික සෞඛ්‍ය ගැටළුවක් ඇති හෝ මානසිකව අවදානමට ලක්විය හැකි Northern Territory හි දේශීය ජනතාවට සේවා සහ සහාය සපයයි.

TIS සේවාවෙන් භාෂා පර්වර්තන සේවාවන් ලබාගත හැකිය.

Melaleuca Refugee Centre

ලාභ නොලබන මෙම සංවිධානය සරණාගත හා සංක්‍රමණික පසුබිම්වලින් පැමිණි පුද්ගලයන්ට සහ පවුල්වලට උසස් පුද්ගල කේන්ද්‍රීය මානුෂීය සේවාවන් සපයයි.

ඔවුන් පවුල්, වැඩිහිටියන්, ළමුන් සහ තරුණයින් සඳහා නොමිලේ සේවාවන් සපයයි.

The Northern Territory Mental Health Coalition (NTMHC)

NTMHC යනු Northern Territory පුරා ප්‍රජා කළමණාකරන මානසික සෞඛ්‍ය සේවාවන් සඳහා ප්‍රමුඛතම ස්ථානයයි.

Northern Territory Mental Health Line: 1800 682 288

Mental Health Line හරහා රාජ්‍ය මානසික සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශ විය හැකි අතර අවශ්‍ය විටෙක පරිවර්ථන සේවාවන්ද භාවිත කරයි.

බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Association for Services to Torture and Trauma Survivors (ASeTTS)

අරාබි ඩින්කා, Caren සහ Kirundi භාෂා ඇතුළත් සේවාවන් සමඟ වධහිංසාවෙන් හා කම්පනයෙන් දිවි ගලවා ගත් සරණාගතයින්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට උපකාර කිරීම සඳහා ASeTTS විසින් පරිපූර්ණ සේවාවන් සපයයි.

West Australian Transcultural Mental Health Centre

මෙම සේවාව ලබා ගත හැක්කේ Royal Perth රෝහල තුළ සහ රෝගීන් රෝහලෙන් නිදහස් කිරීමෙන් පසු සැසි තුනක් සඳහා පමණි.

භාෂා පරිවර්තකයන් පෞද්ගලිකව හෝ දුරකථනයෙන් ලබා ගත හැකිය:

ටස්මේනියා ප්‍රාන්තය

Phoenix Centre

සංක්‍රමණික සම්පත් මධ්‍යස්ථානය තුළ Phoenix Centre  ක්‍රියාත්මක වන අතර වධහිංසා හා කම්පනයෙන් දිවි ගලවා ගත් පුද්ගලයින් සඳහා විශේෂඥ සේවාවන් සපයයි.

එය උපදේශන සේවා සහ පුළුල් පරාසයක පුහුණු වැඩසටහන් මෙන්ම පුද්ගලයන්ගේ සහ ප්‍රජාවන්ගේ සෞඛ්‍යය හා යහපැවැත්මට සහාය වන ව්‍යාපෘති සපයයි.

Phoenix Centre සතුව Hobart සහ Launceston මූලික කරගත් කාර්ය මණ්ඩලයක් සිටින අතර ටස්මේනියා ප්‍රාන්තය  පුරා සේවාවන් සපයයි.

ටස්මේනියානු රජයේ මානසික සෞඛ්‍ය සේවාවන් මගින් නේවාසික රෝගීන්ට සහ ප්‍රජාව තුළ දැඩි මානසික සෞඛ්‍ය තත්වයන් ඇති පදිංචිකරුවන්ට සෘජුවම රජයේ සායන මගින් හෝ ප්‍රධාන ධාරාවේ සෞඛ්‍ය සේවා සපයන්නන්, පෞද්ගලික විශේෂඥයින්  මගින් සේවා සපයයි.

එමෙන්ම පවුලේ වෛද්‍යවරුන් වැනි පහසුකම්ද ඒ හරහා සපයයි.

මානසික සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශ වන්නේ කෙසේද යන්න පිළිබඳ තොරතුරු සඳහා පිවිසෙන්න:  හෝ අමතන්න 1800 332 388

Australian Capital Territory (ACT)

Companion House, Assisting Survivors of Torture and Trauma

උපදේශන සේවා සැපයීම සහ රැකවරණය පතා පැමිණි පුද්ගලයින් සහ සරණාගතයින් සමඟ වැඩ කිරීමට සහායක සේවකයින්ගේ සහාය ඇතිව, Companion House හි අරමුණ වන්නේ ඔස්ට්‍රේලියාවේ ජනතාවගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට, දුෂ්කර ජීවන තත්වයන් කළමනාකරණය කිරීමට සහ අතීත කම්පනවල බලපෑම් දුරු කිරීමට මිනිසුන්ට උපකාර කිරීමය.

උපදේශකයින් අලුතින් පැමිණි පුද්ගලයින් සහ දිගු කාලීන පදිංචිකරුවන් සමඟ වැඩ කරන අතර වැඩිහිටියන්, ළමුන් සහ තරුණයින් සමඟ වැඩ කිරීමට විශේෂඥයින් සිටියි:

ACT රජයට මානසික සෞඛ්‍ය අර්බුද සේවාවක් ඇති අතර එම සේවාව 1800 629 354 හෝ 02 6205 1065 යන  දුරකථන අංක වලින් ලබා ගත හැකිය.

නැතිනම්  වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය

Relationships Australia

Personal Education and Community Empowerment (PEACE) සේවාව විවිධ පසුබිම්වලින් පැමිණි බහු සංස්කෘතික ප්‍රජාවන්ට සේවය කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

ඔවුන්ගේ වීසා තත්ත්වය කුමක් වුවත්, පුද්ගලයන්ට, පවුල්වලට සහ ප්‍රජාවන්ට PEACE උපකාරක සේවාවන් සපයයි:

Survivors of Torture and Trauma Assistance and Rehabilitation Service, STTARS

STTARS යනු සරණාගතයින් සහ සරණාගතයින් වැනි පසුබිම්වල සිටින පුද්ගලයින්ට ඔවුන්ගේ සුවය සහ සුව කිරීමේ ක්‍රියාවලියට සහාය වීම සඳහා උපදේශනය ලබා දෙන විශේෂිත සේවාවකි.

මෙහි සේවාවන් නොමිලේ වන අතර ඔස්ට්‍රේලියාවේ කොපමණ කාලයක් වාසය කළද මේ සඳහා ප්‍රවේශ විය හැකිය.

STTARS සේවාවන් සඳහා පොරොත්තු ලේඛනයක් ඇත.

නමුත් එය කළමනාකරණය කරනු ලබන්නේ triage ආකාරයෙන් වන අතර ඉහළම අවශ්‍යතා ඇති අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

STTARS සේවාව නොමිලේ, ස්වේච්ඡාවෙන්, රහස්‍යව සහ සුදුසුකම් ලත් උපදේශකයින් සහ පරිවර්තකයන් සමඟ සපයනු ලැබේ.

ළමුන් සහ තරුණයින්, පවුල් සහ සරණාගතයින් සඳහා ඔවුන් සතුව විශේෂ වැඩසටහන් ඇත.
Sinhalese
Source: SBS Sinhala

Share
Published 11 June 2020 3:08pm
Updated 12 August 2022 3:21pm
By SBS/ALC Content, Madhura Seneviratne
Source: SBS


Share this with family and friends