ආගමානුකූලව සිදු කරන "ආහාර නොගැනීම" සහ එය සෞඛ්‍යයට බලපාන ආකාරය SBS සිංහල වෙතින්

අගමානුකූලව සිදු කරන නිරාහාරව සිටීම ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, යුදෙව් ආගම, බුද්ධාගම, හින්දු, තාඕ සහ ජෛන ආගම ඇතුළු ලොව පුරා විවිධ ආගම් සිදු කරයි.

ramadan dinner

Fasting has been used therapeutically since at least the 5th century bce, when Greek physician Hippocrates recommended abstinence from food to some patients. Source: Getty Images/mustafagull

ඕස්ට්‍රේලියාව වැනි බහු සංස්කෘතික රටක ජීවත් වන විට, බොහෝ විට වෙනත් ඇදහිලි හෝ සංස්කෘතීන් අනුගමනය කරන පුද්ගලයින් හමුවීමට ඉඩ පවතී.

වඩා සහජීවනයකින් යුත් සමාජයකට යාමට නම්, සංස්කෘතිකමය හා භාෂාමය වශයෙන් විවිධ වූ (CALD) ප්‍රජාවන්ගේ ආගමික සහ සංස්කෘතික ගුණාංග අවබෝධ කර ගැනීම සහ අගය කිරීම වැදගත් වේ.

විවිධ විශ්වාසයන් හේතුවෙන් නිරාහාරව සිටීම, මෙමගින් එක් ගුණාංගයක් වශයෙන් හැඳින්විය හැක.

Diana Abdel-Rahman සෑම වසරකදීම "ඕස්ට්‍රේලියානු මුස්ලිම් හඬ" ගුවන් විදුලියේ (AMV Radio) "රාමදාන්" පිළිබඳ ගුවන් විදුලි වැඩසටහනක් ඉදිරිපත් කරයි.


Highlights

  • නිරාහාරව සිටීම සෛල පුනර්ජනනයට සහ දිගුකාලීන පැවැත්මට උපකාර කළ හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ.
  • බොහෝ ආගම්වල සහ දර්ශනවල, ශතවර්ෂ ගණනාවක් පුරා කඩින් කඩ නිරාහාරව සිටීම හෝ කැලරි අඩු කිරීම භාවිතා කොට ඇත.
  • ළමුන්, වැඩිහිටියන් සහ ආහාර ගැනීමේ අක්‍රමිකතා ඇති පුද්ගලයින් නිරාහාරව සිටිය යුතු නොවේ.

"ඕස්ට්‍රේලියානු මුස්ලිම් හඬ" ගුවන් විදුලිය යනු කැන්බරා හි රාමසාන් සමයේදී දවසේ පැය 24 පුරා විකාශනය වන ඉංග්‍රීසි භාෂා ගුවන් විදුලි වැඩසටහනකි.

රාමසාන් සමය මුස්ලිම්වරුන්ට, දෙවියන් වහන්සේ හා ඔවුන්ගේ ආගම සමඟ නැවත සම්බන්ධ වීමට කාලයක් වන බව Diana Abdel-Rahman පවසයි.

මෙම කාලයේ වන උපවාසය ඇත්ත වශයෙන්ම ශරීරයට, මනසට සහ ආත්මයට ප්‍රයෝජනවත් වන බවත් ඇය පවසයි.

"රාමදාන්" යනු ඉස්ලාමීය දින දර්ශනයේ නව වන මාසය සඳහා වන අරාබි නාමයයි. චන්ද්‍ර දින දර්ශනයට අනුව දින 29ක් හෝ 30ක් පැවතිය හැකි මෙම මාසය තුළ මුස්ලිම්වරුන් හිරු උදාවේ සිට හිරු බැස යන තෙක් කෑම ගැනීම හෝ බීම සිදු නොකරයි.මෙහිදී ජලය පානය කිරීමද සිදු නොකරයි.
Muslim praying
Fasting is one of the Five Pillars of Islam. Source: Pexels/Monstera

කඩින් කඩ නිරාහාරව සිටීම

රාමදාන් යනු intermittent fasting නොහොත් කඩින් කඩ නිරාහාරව සිටීමේ ක්‍රමවේදයක් වශයෙන්ද හැඳින්විය හැක. intermittent fasting යනු පැය 12 සිට දින කිහිපයක් දක්වා පරාසයක කැලරි නොමැති හෝ අඩු ප්‍රමාණයක් පරිභෝජනය කරන විවිධ ආහාර රටාවන් විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.

ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සහ පර්යේෂණ ශාස්ත්‍රපති, ආහාරවේදි ආචාර්ය Veronique Chachay පවසන්නේ වඩාත් නිශ්චිතව, රාමසාන් කාලය සීමා කළ ආහාර සැපයීමේ ගණයට අයත් වන බවයි - එය කඩින් කඩ නිරාහාරව සිටීමේ ක්‍රමයක් වශයෙන්ද දැක්වේ.

එමෙන්ම සීමිත කාල සීමාවන් සඳහා සම්පූර්ණයෙන්ම ආහාර ගැනීමෙන් වැළකී සිටීම ශරීරයට ප්‍රධාන ප්‍රතිලාභ ගෙන දෙන බවත් ආචාර්ය Veronique පවසයි.

මෙලෙස නිරාහාරව සිටින කාලය තුලදී යම් අවස්ථාවකදී සෛල පුනර්ජනනය කිරීම සඳහා වන යාන්ත්‍රනය ක්‍රියාත්මක වන බවත් ඇය පෙන්වා දෙයි.
intermittent fasting
Source: Getty Images/lacaosa
කෙසේ නමුත් ජලය නොගැනීම හේතුවෙන් කිසිදු ප්‍රතිපලයක් පවතින බවට මේ වනතෙක් ඔප්පු වී නැති අතර ඇය පෙන්වා දෙන්නේ ජලය පානය කිරීම මගින් ශරීරය පිරිසිදු කරන බවයි.

කෙසේ නමුත් ඇය වැඩිදුරටත් සඳහන් කොට සිටින්නේ නිරාහාරව සිටීම මගින් ඉන්ද්‍රියන් තුල පවතින පැරණි සෛල වල අංශු ප්‍රතිචක්‍රීකරණය වන බවයි.

මෙම යාන්ත්‍රනය මගින් සෛලීය අපද්‍රව්‍ය සහ විෂ අඩු කිරීම හේතුවෙන් මේ ඔස්සේ සමස්ත සෞඛ්‍යය වැඩිදියුණු කළ හැකි අතර වයසට යාමද ප්‍රමාද කළ හැකි බව ආචාර්ය Veronique පෙන්වා දෙයි.

මිනිසුන් නිරාහාරව සිටීම කඩින් කඩ සිදු කරන විට මෙම සෛල ප්‍රතිජනන ක්‍රියාවලිය සිදු වන අතර නිරාහාරව සිටින විටදී එක් ආකාරයකට ක්‍රියා කරන සෛලය අහාර ගැනීම ඇරඹු විට තවත් අකාරයකට ක්‍රියා කරයි.

කෙසේ නමුත් මෙවැනි අවස්ථාවකදී සෛලවලට අහාර ලැබීම මගින් අතිරික්තයක් වීම හෝ අපතේ යාමක් වීම සිදු නොවේ.

 


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


 

කෙසේ වෙතත් ආචාර්ය Veronique අවධාරණය කොට සිටින්නේ, යමෙක් නැවත ආහාර ගැනීම ආරම්භ කරන විට, හොඳ ආහාර අනුභව කිරීම වැදගත් වන අතර, සීනි හෝ මේද ආහාර අධික ලෙස පරිභෝජනය නොකිරීමට වගබලාගත යුතු බවයි.

රාත්‍රී කාලයේදී ඉහළ ඉන්සියුලින් ප්‍රමාණයක් ලබාගැනීම සෞඛ්‍යයට අයහපත් වීම මීට ප්‍රධානතම හේතුවයි.

යුදෙව් ආගමද ඉස්ලාම් ආගමේ මෙන්, නිරාහාරව සිටින කාලය තුලදී ජලය ඇතුළු බීම වලින් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම සිදු කරයි.

නිරාහාරව සිටීම හින්දු ආගමේ ද ප්‍රධාන අංගයක් වන අතර එය සුලු සීමා කිරීමේ සිට අතිශයින් වැළකී සිටීම දක්වා ක්‍රියාත්මක වේ. කෙසේ නමුත්, හින්දු ආගමට අනුව ශරීරය සහ මනස පිරිසිදු කිරීම අරමුණු කරගත් සදාචාරාත්මක හා අධ්‍යාත්මික ක්‍රියාවක් වශයෙන් මෙම නිරාහාරව සිටීම හඳුන්වයි.
Ramadan food
Breaking fast in Ramadan. Source: Getty Images/Jasmin Merdan

කැලරි සීමා කිරීම

ඇතැම් ආගම්වල නිරාහාරව සිටීම යනු යම් යම් කාල සීමාවන් තුළ ඇතැම් ආහාර වර්ගවලින් වැළකී සිටීමයි.

නිදසුනක් වශයෙන්, කතෝලිකයන් දින 40ක කාලයක් පුරා සිදු කරන Lent සමයේදී සිකුරාදා දිනවල මස් අනුභව නොකරන අතර ග්‍රීක ඕතඩොක්ස් ක්‍රිස්තියානීන් බොහෝ දුරට කිරි නිෂ්පාදන, බිත්තර සහ මස් සහ ඇතැම් විට ඔලිව් තෙල් සහ මාලු වලින් වැළකී සිටී.

මෙවැනි ආකාරයේ ක්‍රියාවන් කැලරි සීමා කිරීම් නොහොත් calorie restriction (CR) ගණයට අයත් වන බව ආචාර්ය Veronique පවසයි.

මෙම මුලධර්මයන් මත පදනම් වූ දෙයක් වශයෙන් CRON-diet හැඳින්විය හැකි අතර සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට සහ වයස්ගත වීම ප්‍රමාද කිරීමට කැලරි සීමා කිරීම මෙමගින් සිදු වේ.
family dinner
Source: Pexels/Nicole Michalou
ආචාර්ය Veronique පෙන්වා දෙන්නේ මෙමගින් පුද්ගල ශරීරය තමා සතු දෙයින් සහ ලැබෙන දෙයින් බොහෝ දේ කිරීමට ඉගෙන ගන්නා අතර මේ ඔස්සේ ශරීරයේ අතිරික්ත මේද පටක හා සම්බන්ධ සියලුම තත්වයන් සඳහා බලපෑම් සිදු වන බවයි.

මෙමගින් ඇතිවන සමස්ත බලපෑම නම් එය පුද්ගලයින් වයසට යාමේ ක්‍රියාවලිය මන්දගාමී කිරීමයි.

නවීන diets වර්ග

කඩින් කඩ නිරාහාරව සිටීමේ ජනප්‍රිය ක්‍රියාවලිය සඳහා 5:2 diet ඇතුළත් වන අතර, මෙහිදී දිනකට කැලරි 500කට වඩා වැඩි ප්‍රමාණයක් සතියකට දෙවරක් ආහාරයට ගැනීම ඇතුළත් වේ.

5:2 diet හි කර්තෘ, වෛද්‍ය Michael Mosley, Fast 800 සැලැස්ම සමග මෙය යාවත්කාලීන කොට තිබේ, එය දින දෙකක් සඳහා කැලරි 800 ක් සහ ඉතිරි දින පහේ අඩු carb ආහාර වේලක් නියම කරයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


 

වෛද්‍ය Valter Longo විසින් සකස් කරන ලද Fasting Mimicking diet යනු තවත් විද්‍යාත්මක පිටුබලයක් සහිත සැලැස්මකි.

ආචාර්ය Veronique පෙන්වා දෙන්නේ මෙවැනි අයුරින් නිරාහාරව සිටීම මගින් හෝමෝන යථා තත්ත්වයට පත් කිරීමට සහ සෛල අලුත් කිරීම ප්‍රවර්ධනය කළ හැකි බවයි.

මේ අතර නිරාහාරව සිටීමේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබ කැලරි ශුන්‍යයට යාමට අවශ්‍ය නොවන බව Longo කණ්ඩායම පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය Veronique පවසන්නේ සාමාන්‍යයෙන් ලබාගන්න කැලරි වලින් අඩක්වත් අතහැර දැමීම පවා ඔබට ප්‍රතිලාභ ඇති කරන බවයි.

මෙම ක්‍රියාවලිය වසරකට වරක් දෙවරක් හෝ තුන් වතාවක් - දින පහක් සිදු කලයුතු වේ.
child eating
Children should not fast. Source: Pixabay/Jill Wellington

නිරාහාරව සිටීම සෑම කෙනෙකුම සිදු කලයුතු නොවේ

ආචාර්ය Veronique පවසන්නේ අඩු බර ඇති පුද්ගලයින්ට හෝ විවිධ වෛද්‍ය ගැටළු ඇති පුද්ගලයින්ට මෙන්ම ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් ඇති පුද්ගලයින්ට නිරාහාරව සිටීම නිර්දේශ නොකරන බවයි.

Adama Konda, Canberra Islamic Centre හි ඉමාම් වශයෙන් කටයුතු කරයි.

ඔහු පවසන්නේ ළමුන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයින් ඇතුළු ඇතැම් පුද්ගලයින් රාමසාන් සමයේදී නිරාහාරව සිටීම අපේක්ෂා නොකරන බවයි.

එමෙන්ම ඔහු පවසන්නේ යමකුට මෙලෙස නිරාහාරව සිටීම ශාරීරිකව සිදු කල නොහැකි නම් එම පුද්ගලයා හටද නිරාහාරව නොසිටිය හැකි බවයි.

කෙසේ නමුත් සමබර ආහාර වේලක් ලබා ගැනීමේ වැදගත් බව ආචාර්ය Veronique පවසන අතර නව ආහාර පාලන ක්‍රමයක් ආරම්භ කිරීමට පෙර පවුල් වෛද්‍යවරයකු හෝ සෞඛ්‍ය සේවා වෘත්තිකයෙකු සමඟ කතා කිරීම නිර්දේශ කරන බවත් ඇය අවධාරණය කොට සිටී.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 17 April 2022 7:34pm
Updated 12 August 2022 2:55pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends