ඕස්ට්‍රේලියාවේ ජූරිය සතු රාජකාරි සහ ඒ සඳහා කැඳවිය හැකි පිරිස පිළිබඳව SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියාවේ ඡන්ද හිමි නාමලේඛනයේ සිටින සෑම ඕස්ට්‍රේලියානු පුරවැසියෙකුම ජූරි සේවය සඳහා කැඳවිය හැක. මේ හේතුවෙන්, ඔබට ජූරි සභිකයෙකු වීමට කැඳවීමක් ලැබුණහොත් ඒ හා සම්බන්ධ වන කරුනු, විනිශ්චය මණ්ඩල සිදු කරන්නේ කුමක්ද? සහ ඒවා පවතින්නේ කුමන හේතුන් මතද යන දේ පිළිබඳව මෙමගින් පහදිලේ කෙරේ.

jury duty

A lawyer talking to a jury. Source: Getty Images/Chris Ryan

Highlights
  • සාමාන්‍යයෙන් ජූරි සභාවකට ජූරි සභිකයන් 12 දෙනකු සිටියත් ඇතැම් අවස්ථාවල ඊට අඩුවෙන් සිටිය හැකියි
  • විවිධ අධිකරණ බල ප්‍රදේශවල ජූරි සභාව ක්‍රියා කරන ආකාරය වෙනස් වේ
  • සමහර තත්ව මත අපේක්ෂකයෙකු ජූරි සභිකයකු ලෙස කැඳවීමෙන් නිදහස් කළ හැකිය
ජූරි සභාව යනු අපගේ නීති පද්ධතියේ ප්‍රධාන අංගයක් වශයෙන් සැලකේ.

Macquarie නීති විද්‍යාලයේ කථිකාචාර්ය සහ Juris Doctor හි අධ්‍යක්ෂ ආචාර්ය Andrew Burke පවසන්නේ, මෙය නීතිමය ක්‍රියාවලියට ප්‍රජාව සම්බන්ධ කර ගැනීමේ මාර්ගයක් වන බවයි.

Andrew පෙන්වා දෙන්නේ "ජූරි සභිකයන්" යනු ඕස්ට්‍රේලියානු ප්‍රජාතන්ත්‍රවාදයේ කොටසක් වන බවයි.

යමෙකුට බරපතල අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට, එම පුද්ගලයා වැරදිකරුද නැද්ද යන්න තීරණය කිරීමට නීතිඥයෙකු හෝ විනිසුරුවරයෙකු හැර, ප්‍රජාවේ සාමාන්‍ය සාමාජිකයින් 12 දෙනෙකු මගින් මෙම ජූරි සභාව සැදිය හැකි බවත් ඔහු පවසයි.

ජූරි සභිකයන්, ඕස්ට්‍රේලියාවේ ඇතැම් නඩු විභාග සඳහා පමණක් භාවිතා වේ.

Monash University හි නීති පීඨයේ සහකාර මහාචාර්ය Jacqui Horan පවසන්නේ ඕස්ට්‍රේලියාවේ ජූරි සභාවන් සිටින්නේ ඉතා බරපතල නඩු වලදී පමනක් වන බවයි. මිනීමැරුම් නඩු, සන්නද්ධ මංකොල්ලකෑම්, නඩු විභාග සහ ලිංගික අතවර පිළිබඳ නඩු විභාග සඳහා මෙලෙස ජූරි සභාව යොදාගන්නා අතර සොරකම් වැනි බරපතල නොවන අපරාධ නඩු, ජූරි සභාවක් නොමැතිව විනිසුරුවරයෙකු සමඟ පමණක් විභාග කෙරේ.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


ජූරි සභිකයින්ගේ නම්, අහඹු ලෙස ඕස්ට්‍රේලියානු ඡන්ද හිමි නාමලේඛනයෙන් තෝරා ගැනීම සිදු වේ. Charles Sturt University හි අධ්‍යක්ෂ Mark Nolan පැහැදිලි කරන්නේ මෙහිදී සාමාන්‍යයෙන්, එලෙස තෝරාගන්නා පුද්ගලයාට "ඔබව ජූරි රාජකාරි සඳහා කැඳවා ඇත." වශයෙන් ලිපියක් ලැබෙන බවයි.

එහි වෙබ් අඩවියක ලිපිනයක් ඇතුලත් වේ. නඩු විභාගයකට පෙනී සිට ජූරි සභිකයෙකු වීමට කමති නම් එම වෙබ් අඩවියට පිවිස සමීක්ෂණයට සම්බන්ධ විය යුතු වේ.

ඇතැම් අවස්ථා වලදී එම සමීක්ෂණය අතරතුරදී ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වය සම්බන්ධයෙන් හෝ ඔබ මෙම නඩුවට සම්බන්ධ කෙනෙකු හඳුනනවාද නැද්ද යන්න පිළිබඳව ප්‍රශ්න අසන බව Nolan වැඩිදුරටත් පවසයි.
jury lawyer
Source: Getty Images/RichLegg

සාමාන්‍යයෙන් ජූරි සභාවකට ජූරි සභිකයන් 12 දෙනෙකු සිටී. නමුත් ඇතැම් අවස්ථා වලදී අඩු සංඛ්‍යාවක්ද සිටිය හැක.

මහාචාර්ය Jacqui Horan පවසන්නේ බරපතල අපරාධ නඩු වලදී, නඩුවක ජූරි සභිකයින් සංක්‍යාව සෑම විටම සමාන නොවන අතර එය ප්‍රාන්ත සහ ටෙරිටරි මත රඳවා පවතින් බවයි. නමුත් ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශ වල, ඇමරිකාවේ මෙන් සිවිල් නඩු සඳහාද ජූරි සභිකයන් සිටින බව ඇය පවසයි.

උදාහරණයක් වශයෙන් වික්ටෝරියා වැනි ප්‍රාන්ත තුල යමෙකුට සැලකිය යුතු තුවාලයක් සිදු වී ඒ සම්බන්ධයෙන් රෝහලට හෝ වෛද්‍යවරුන්ට නඩු පවරා ඇති අවස්ථාවකදී හය දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් තිබිය හැක.

ඔබ ජූරි රාජකාරියෙන් නිදහස් වන්නේ කෙසේද?

ආචාර්ය Burke පැහැදිලි කරන්නේ, කුඩා දරුවන්ගේ තනි මාපියෙකු හෝ ඔවුන්ගේ නොපැමිණීම මත දැඩි බලපෑමක් එල්ල වන කුඩා ව්‍යාපාරයක් පවත්වාගෙන යන අයෙකු වැනි අපේක්ෂකයෙකු ජූරි රාජකාරියෙන් නිදහස් කළ හැකි අවස්ථා පවතින බවයි

එමෙන්ම "ජූරි පනත" මගින් ඇතැම් ක්ෂේස්ත්‍ර වල පුද්ගලයින් ජූරි රාජකාරිවලින් නිදහස් කරන බවත් Bruke පවසයි. උදාහරණයක් වශයෙන්, නීතීඥයින් ජූරි සභිකයෙකු වීමෙන් නිදහස් කෙරේ. හදිසි වෛද්‍යවරයෙක් හෝ වසංගතයක් අතරතුර හෙදියක් නම් එම පුද්ගලයා ජූරි සභිකයෙකු විය යුතු නැත. සිරගතව සිටින්නේ නම් ජූරි සභිකයෙකු විය නොහැක.
ඒ හා සමානව, යමෙකුට ශ්‍රවණාබාධ තිබේ නම්, ඔවුන්ට බරපතල සෞඛ්‍ය ගැටලු තිබේ නම්, හෝ ඔවුන් වැඩිහිටි පුද්ගලයින් රැකබලා ගන්නෙකු නම් ඔවුන් ජූරි පනත මගින් නිදහස් වේ.

ජූරි සභිකයෙකු කොපමණ කලක් සේවය කරයිද?

ජූරි සභිකයන් සාමාන්‍යයෙන් දින 7ත් 12ත් අතර කාලයක් ගත වන නඩු විභාග සඳහා සේවය කරයි, නමුත් ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් සලකනු ලබන නඩු විභාග වලදී මාස ගණනක්/ වසරක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැක.

විශේෂයෙන් දීර්ඝ නඩු විභාගයක් සඳහා තෝරා ගැනීමේදී, ජූරි සභිකයන්ගෙන් බොහෝ විට ඔවුන්ට කල් තිබේ දැයි කල්තියා අසනු ලැබේ.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


ආචාර්ය Andrew Burke පවසන්නේ නඩු විභාගයේ මුලු කාලයම ඔවුන්ට රැඳී සිටීමට නොහැකි බව ජූරි සභිකයෙකුට හැඟේ නම්, ඔවුන් එය ආරම්භ කිරීමට පෙර පැවසිය යුතු බවයි.

නඩු විභාගය ආරම්භ වීමට පෙර විනිසුරුවරයා, ජූරි සභිකයන්ට කෙටි විස්තරයක් ලබා දෙයි.

එහිදී, ඔබට මෙය කළ නොහැකි බවත් සාක්ෂි සම්බන්ධයෙන් අපක්ෂපාතී වීමට නොහැකි බවත් ඔබ කවුරුන් හෝ සිතන්නේ නම්, ඒ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් පවසන ලෙස දැනුම් දේ.

ආචාර්ය Horan පවසන්නේ ඕස්ට්‍රේලියානු පුරවැසියෙකු ජූරි සභාවක සේවය කිරීම ප්‍රජා රාජකාරියක් වන අතර, එසේ යමෙකු කැඳවීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නිසි ලෙස කටයුතු නොකළ හොත් දඩ නියම කළ හැකි බවයි.
lawyer
Legal System of Australia Source: Getty Images/RichLegg

උසාවිය තුල සිදු වන කාර්යයන්

නඩු විභාගය ආරම්භ වූ පසු, ජූරි සභාව සියලු සාක්ෂිවලට සවන් දිය යුතු බව ආචාර්ය Burke පවසයි.

සියලුම සාක්ෂි සඳහා ජූරි සභාව සිටිය යුතු වේ, එබැවින් සාක්ෂි දෙන සියලුම සාක්ෂිකරුවන්. ඡායාරූප සහ වීඩියෝ, DNA සාක්ෂි සහ තවත් බොහෝ දේ ඔවුන් දකියි. නමුත් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සැලකීමේදී, ඔවුන් උසාවියෙන් පිටත සිටින අතර, එම තර්ක සමථයකට පත් වූ විට, ඔවුන් නැවත උසාවිය තුලට පැමිණේ.

අනතුරුව වැරදිකරු වන හෝ වැරදිකරු නොවන බව තීරණය කිරීමට ක්‍රියාත්මක කළ යුතු නීතිය කුමක්දැයි විනිසුරුවරයා ජූරි සභාවට පැහැදිලි කරයි.

ජූරි සභිකයින් වශයෙන් එම සභාවට බැඳෙන විට, නඩුව ගැන කිසිවෙකු සමඟ කතා නොකිරීමට සහ අන්තර්ජාලය හරහා තොරතුරු සෙවීමට සාමාන්‍යයෙන් ඔවුන්ට උපදෙස් දෙනු ලැබේ.

සියලු සාක්ෂිකරුවන් මගින් සියලු සාක්ෂි අධිකරණයට ලබා දුන් පසු, ලියකියවිලි තිබේ නම්, ජූරි සභාවට එම ලේඛන ලබා දීම සිදු වේ. එමෙන්ම ඔවුන්ට නඩුවේ පිටපත ලබා දීමද සිදු කරන අතර ඒ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියි.

විත්තිකරු, සාධාරණ සැකයෙන් ඔබ්බට වැරදිකරු බවට හෝ එසේ නොවන බවට සඳහන් කිරීමට මෙම ජූරි සභාවට යම් කාලයක් ගත විය හැක.
gavel judge
Source: Getty Images/Thana Prassongsin

තීන්දුවකට එළඹීම

ආචාර්ය Horan පවසන්නේ මෙම තීන්දුව සඳහා වන ජුරි සභාව එකඟ විය යුතු අතර ඇතැම් අවස්ථා වලදී චන්දය 11ට 1ක් වියයුතු බවයි.

එමෙන්ම ඇය පෙන්වා දෙන්නේ ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල මිනීමැරුම් වැනි බරපතල නඩු සඳහා ජූරි සභිකයන් 12 දෙනාම එකඟ විය යුතු අතර, ජූරි සභාවෙන් විනිසුරුවරයා විසින් තීන්දුවක් පිළිගැනීමට ජූරි සභිකයන් 12 දෙනාගෙන් 11 දෙනෙකුට පමණක් එකඟ විය යුතු අවස්ථා තිබෙන බවයි.
කෙසේ නමුත් 11ට 1ක් වශයෙන් වන එකඟතාවයකට පැමිණීමට නොහැකි වුවහොත් නව නඩු විභාගයක් තිබිය යුතු අතර,එය නව නඩු විභාගයකින් සහ වෙනත් ජූරි සභාවකින් නැවත ආරම්භ වේ.

ජූරි රාජකාරිය සඳහා වන ගෙවීම්

ජූරි සභිකයන්ට, ඔවුන්ගේ කාලය සඳහා උසාවියෙන් දීමනා ගෙවනු ලැබේ. එය ඔබ ජීවත් වන ප්‍රාන්තය හෝ ටෙරිටරිය අනුව දිනකට ඩොලර් 40 සිට ඩොලර් 100 කට වඩා වැඩි විය හැක.

දිගු කාලීන කටයුතු වලදී, ජූරි සභිකයින්ට සාමාන්‍යයෙන් වන අපහසුතාවයන් සඳහා වැඩි මුදලක් ගෙවනු ලැබේ.

ඕස්ට්‍රේලියානු ජාතික සේවා යෝජක ප්‍රමිතීන් යටතේ, ජූරි සේවයේ යෙදෙන පළමු දින දහය තුලදී ඔවුන්ගේ සියලුම සේවා යෝජකයින් මගින් ලබාදෙන සාමාන්‍ය වැටුපට, ජූරි ගෙවීම් එක් කිරීම අවශ්‍ය වේ, නමුත් මෙය අනියම් සේවකයින් ආවරණය නොකරයි.

ආචාර්ය Horan පවසන්නේ, මෙය සෑම ජුරි සාමාජිකයකුගේම සේවාදායකයින් සිදු කලයුතු දෙයක් වන අතර ඔවුන් රැකියාවට යන්නේ නම් සාමාන්‍යයෙන් ගෙවනු ලබන මුදලට සමාන වැටුපක් ඔවුන්ට ලබා දීම සිදු කල යුතු බවයි. නමුත් ඔවුන් සැබවින්ම ජූරි සේවයට යාම සිදු වේ.

සෑම ප්‍රාන්තයක්ම සහ ටෙරිටරියක්ම, ජූරි සේවයට සහභාගි වන සෑම දිනකම ඔබට යම් මුදලක් ලබා දෙයි. නමුත් එය සාමාන්‍යයෙන් උපයන මුදලට සමාන නොවේ නම්, ඔබේ ප්‍රධානියාට තවමත් එය ආවරණය කිරීමට සිදු වන බව ආචාර්ය Horan පැහැදිලි කරයි.

මෙහි පවතින අත්දැකීම

බොහෝ පිරිස ජූරි සභාවක සේවය කිරීම ගැන මුලින් බියෙන් පසුවන අතර, ඒ සඳහා සම්බන්ධ වීමෙන් අනතුරුව එම පිරිස බොහෝ විට අත්දැකීම් අගය කරන බවත් ආචාර්ය Horan පවසයි.

විශේෂයෙන්ම සතියක් හෝ දෙකක් වෙනත් කෙනෙකුගේ කාර්යයක් කිරීමට ඔබට සාමාන්‍යයෙන් අවස්ථාවක් ලැබෙන්නේ නැති නමුත් මෙහිදී, පුරවැසියන්ට විනිශ්චයකරුවෙකු වීමට සහ අධිකරණ පද්ධතිය ක්‍රියා කරන ආකාරය දැනගැනීමට හැකියාව හිමි වේ.

එය බොහෝ පිරිස සැබවින්ම අගය කරන අතර ජීවිතයේ එක් වරක් ඉතා සිත් ඇදගන්නා අත්දැකීමක් ලැබූ බව සිතන බවත් ආචාර්ය Horan පවසයි. එමෙන්ම ඔවුන් එම කාර්යය වරක් එය කළ පසු නැවත වරක් කිරීමට පෙළඹෙන බවත් ආචාර්ය Horan පෙන්වා දෙයි.

 

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 14 February 2022 8:44am
Updated 12 August 2022 2:54pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends