2022 වසර වන විට ඔස්ට්‍රේලියාව ආසියා පැසිෆික් කලාපය තුල මුදල් නෝට්ටු සහ කාසි භාවිත නොකරන පළමු රට බවට පත්වන බවට අනාවැකි (සිංහල /වාර්තා)

e money

Source: Pixabay

ඕස්ට්‍රේලියානුවන් බොහෝ විට කාසි සහ මුදල් නෝට්ටු භාවිතය වෙනුවට බැංකු කාඩ්පත් භාවිතා කලද මේ වන විට ලොව මුදල් නෝට්ටු සහ කාසි අවම ලෙස භාවිත කරන රට බවට පත්ව ඇත්තේ ස්වීඩනයයි.

ඕස්ට්‍රේලියාවේ සිටින බොහෝ ජනයා මෙම කොරෝනා වෛරසයත් සමග මෙලෙස මුදල් නෝට්ටු සහ කාසි අතපත ගෑමෙන් වැලකිසිටීම සඳහා බොහෝවිට භාවිතා කරනුයේ බැංකු කාඩ්පත් වේ. නමුත් කොරෝනා වෛරස තර්ජනය හේතුවෙන් මෙලෙස මුදල් නෝට්ටු භාවිතය අවම කිරීමේ දැඩි තීරණයකට එළැඹීමට ස්වීඩනය ක්‍රියා කොට ඇති අතර, ස්වීඩනයේ Stockholm නගරයේ ව්‍යාපාර බොහොමයක් මේ වන විට සිය ගනුදෙනු සඳහා නෝට්ටු සහ කාසි අනුමත නොකරන තත්වයට පත්ව තිබේ.

නමුත් මෙම තත්වය බොහෝදෙනා සිතන පරිදි ලෙහෙසි කටයුත්තක් නොවන බව ද, ප්‍රයෝගිකව යම් යම් දුෂ්කරතා වලට මුහුණපෑමට සිදුවන බවද ස්වීඩනයෙන් ලැබෙන ආරංචිමාර්ග අනුව පෙනී යයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ස්වීඩනයේ Royal Institute of Technology හි සහකාර මහාචාර්යවරයකු වන Niklas Arvidsson පවසන්නේ මෙලෙස මුදල් නෝට්ටු සහ කාසි භාවිතය අවම කිරීම ඕස්ට්‍රේලියානුවන්ට නව අත්දැකීමක් නොවුවද ස්වීඩනය මෙම තත්වයට යාමට ගත ඉක්මන් ක්‍රියාකලාපය හේතුවෙන් ඔවුනට අනපේක්ෂිත ප්‍රතිවිපාක අත්විදීමට සිදුව ඇති බවයි.


 

සජීවීව සවන්දෙන්න SBS සිංහල ගුවන් විදුලියට

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)


ස්වීඩනය තුල නෝට්ටු සහ කාසි භාවිතය අවම කිරීම සම්බන්ධයෙන් එරට රජය සහ මහ බැංකුව සැලකියයුතු පියවරක් ගෙන නොමැති අතර එම වෙනස් වීම වෙළදපොල හරහා සිදුවීමට ඉඩහැර තිබේ.එසේම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සඳහා වියදම් දැරීමට සිදුවීම සම්බන්ධයෙන් එරට බැංකුද වැඩි සැලකීමක් නොදක්වා ඇතැයි Niklas Arvidsson පෙන්වා දේ.

ඒ හේතුවෙන් මේ වනවිට ස්වයංක්‍රීය ටෙලෙර් යන්ත්‍ර ස්වීඩනය තුල අවම වීම එරට ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට මහත් ගැටළුවක් වී තිබේ.



SBS සිංහල සේවය

සජීවීව සහ පසුව online අහන්න - 

SBS Radio APP එකෙන් (Free download


ස්වීඩනය තුල වැඩි පිරිසක් මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් තොර වීමට දැඩි කැමැත්තක් දැක්වුවද වැඩිහිටි සහ අබාධිත පුද්ගලයින් මෙම නව ක්‍රමවේදය භාවිත කිරීමට නොහැකිව අපහසුතාවයට පත්ව ඇත.

ජනවාරි මස 1 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි හැකි අවම අයුරින් මුදල් නෝට්ටු සහ කාසි භාවිත කරන ලෙසට ස්වීඩන රජය එරට බැංකු වෙත සඳහන් කොට තිබේ.

Niklas Arvidsson පවසන්නේ ස්වීඩනය එලෙස ශීග්‍රයෙන් භෞතික මුදල් භාවිතයෙන් බැහැර වද්දී ඔස්ට්‍රේලියාව ඒ පිළිබඳව සිය අවධානය යොමුකරමින් එහි ඇති දුර්වලතා මගහැරීමට කටයුතු කලයුතු බවයි.    
AUS dollars
Source: Pixabay

වසර දෙකකදී ඔස්ට්‍රේලියාව මුදල් නෝට්ටු සහ කාසි භාවිතයෙන් බැහැරට

භෞතික මුදල් භාවිතය අවම කිරීම මේ වනවිටත් ඔස්ට්‍රේලියාව තුල ශීග්‍රයෙන් සිදුවෙමින් පවතී. මෙය සනාථ කරමින් 2019 වසරේදී ඕස්ට්‍රේලියාවේ The Reserve Bank සිදුකල සමීක්ෂණයකින් හෙළිව ඇත්තේ දශකයක කාලසීමාවක් තුලදී පාරිභෝගික ගෙවීම් සඳහා මුදල් භාවිතයේ ප්‍රතිශතය 69% සිට 27% දක්වා අඩු වී ඇති බවයි. 
ඕස්ට්‍රේලියානු ඩොලර් 10,000ක් හෝ ඊට වැඩි මුදල් ගෙවීමක් සඳහා භෞතික මුදල් භාවිතය තහනම් කිරීමට මධ්‍යම රජය පසුගිය වසරේදී නීති යෝජනා කළේය. එම නීති උල්ලංඝනය කරන පුද්ගලයින් සඳහා වසර දෙකක සිරදඩුවමක්ද නියම කෙරින.
ඉන්දියාව සහ යුරෝපා මහ බැංකුව සිය ඉහල වටිනාකමක් පවතින මුදල් නෝට්ටු ක්‍රමානුකුලව ඉවත් කිරීමට මෑත වසරවලදී පියවර ගෙන තිබේ. 
Cards and Cash
Source: Pixabay

2022 වසර වන විට ඔස්ට්‍රේලියාව ආසියා පැසිෆික් කලාපය තුල භෞතික මුදල් පරිහරණය නොකරන පළමු රට බවට පත්වන බව අනාවැකි පලවී තිබේ.කෙසේ වුවද තම ආයතනය එම තත්වයට පත්වීම වසර 2026දී සිදු වනු ඇති බව Commonwealth බැංකුව පවසයි.

කෙසේ වුවද ඕස්ට්‍රේලියානු මුදල් නෝට්ටු පරිහරණය මෑත වසර කිහිපය තුලදී ක්‍රමයෙන් ඉහල ගොස් තිබේ.   

ඕස්ට්‍රේලියානුවන් 500,000ක් තවමත් මුදල් නෝට්ටු සහ කාසි පමණක් භාවිතා කරයි
ඕස්ට්‍රේලියානු බැංකු සංගමය මගින් පසුගිය අප්‍රේල් මාසයේදී සිදුකල වාර්තාවකට අනුව තවමත් ඕස්ට්‍රේලියානුවන් 500,000කට වැඩි සංක්‍යාවක් භෞතික මුදල් භාවිතය පමණක් සිදුකරන බවට හෙළිව තිබේ. එම වාර්තාව පෙන්වා දෙන්නේ ඔවුන් බැංකු කාඩ්පතක් භාවිත නොකරන අතර පාස්පොත් ගිණුමක් හෝ ගනුදෙනු ගිණුමක් භාවිත කරන බවයි.
AUS dollars
Source: Pixabay

මේ හේතුවෙන් ඔවුනට අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීමට හෝ දුරකථන මාර්ගයෙන් ගනුදෙනු කිරීමට හැකියාවක් නොපවතින අතර බැංකු කාඩ්පත් ලබාදෙමින් අන්තර්ජාලය ඔස්සේ ගනුදෙනු කිරීම ආරක්ෂාකාරී බවට ඔවුන් දැනුවත් කරන බව ඕස්ට්‍රේලියානු බැංකු සංගමය සඳහන් කොට තිබේ.

වයස්ගත ඔස්ට්‍රේලියනුවන්ගෙන් සැලකියයුතු පිරිසක් තවමත් බැංකු ශාඛාවකින් මුදල් ලබාගැනීම සිදුකරන අතර ඔවුන්ගේ බැංකු ගිණුම් සමග කිසිදු බැංකු කාඩ්පතක් සමබන්ධව නොමැති බව වයස්ගත වුවන්ගේ කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Ian Yates පෙන්වා දේ.

COVID-19 වෛරසය දැඩි ලෙස පැවති සමයේදී ව්‍යාපාර රැසක් මුදල් නෝට්ටු සහ කාසි භාවිතය අත්හැරීම හේතුවෙන් මොවුන් බෙහෙවින් අපහසුතාවයට පත්ව තිබේ.

භෞතික මුදල් භාවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීම පාරිභෝගිකයා සතු කලයුතු කරුණක් වන අතර ඔවුනට අවශ්‍ය පරිදි සේවා සැපයීමට බැංකු සහ අනෙකුත් සැපයුම්කරුවන් කටයුතුකලයුතු බව මහාචාර්ය Niklas Arvidsson පෙන්වා දේ.  

Share
Published 10 June 2020 12:31am
Updated 10 June 2020 9:40am
By Nipuna Dodangoda

Share this with family and friends