ඕස්ට්‍රේලියාවේ කාලගුණය සඳහා බලපාන සාධක පිලිබඳ තොරතුරු SBS සිංහල වෙතින්

ඕස්ට්‍රේලියාවේ කාලගුණය බොහෝ දේශගුණික බලපෑම් මත රඳා පවතී. මේ අතුරින් රට තුල බොහෝ ප්‍රදේශ වල විවිධ වසර වල දේශගුණික තත්ත්ව සඳහා වැඩි බලපෑම් සිදු කරනුයේ, ශ්‍රී ලංකාවේදී අප අත්විඳින මෝසම් තත්වය හා සමාන වූ ඕස්ට්‍රේලියාවේ පවතින එල් නිනෝ (El Niño) සහ ලා නිනා (La Niña) තත්ත්ව වෙයි. කෙසේ නමුත් මෙම තත්ත්ව සෙසු කාලගුණික තත්ත්ව සමග ඒකාබද්ධව ක්‍රියා කරයි.

el nino

Source: Getty Images/JUAN GAERTNER/SCIENCE PHOTO LIBRARY

Highlights
  • El Niño සහ La Niña යන තත්ත්ව මොනවාද සහ ඒවායෙහි උදාසීන තත්ත්ව
  • El Niño-Southern Oscillation (ENSO) යන ඒකාබද්ධව ක්‍රියාත්මක වන වායුගෝලීය සංසිද්ධිය
  • ප්‍රදේශ හෝ ධ්‍රැව දෙකක් අතර මුහුදු මතුපිට උෂ්ණත්වයේ වෙනසක් පවතින Indian Ocean Dipole (IOD) සහ ඕස්ට්‍රේලියාවේ වර්ෂාපතනයට සහ උෂ්ණත්වයට බලපෑම් කළ හැකි දේශගුණික සාධකයක් වන Southern Annular යන ප්‍රධාන සාධක
මෙම El Niño සහ La Niña යන තත්ත්ව ගෝලීය දේශගුණ පද්ධතියේම වූ ස්වභාවික කොටසකි. 

El Niño සහ La Niña යනු El Niño-Southern Oscillation (ENSO) ලෙස හඳුන්වන ස්වභාවික කාලගුණ චක්‍රයක කොටසකි.

දකුණු ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික දේශගුණ විද්‍යා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය Scott Power මේ සම්බන්ධයෙන් සඳහන් කොට සිටින්නේ El Niño-Southern Oscillation (ENSO) යනු විවිධ අවධීන් තුනකින් සමන්විත දේශගුණ පද්ධතියේ, ස්වභාවිකව සිදුවන දෝලනය වන බවයි. මහාචාර්ය Scott Power, Monash විශ්ව විද්‍යාලයේ පෘථිවි, වායුගෝලය සහ පරිසරය පිළිබඳ පාසලේ අතිරේක මහාචාර්යවරයෙකු වශයෙන්ද කටයුතු කරයි.


මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.


එමෙන්ම El Niño-Southern Oscillation යනු ඒකාබද්ධව ක්‍රියාත්මක වන වායුගෝලීය සංසිද්ධියක් වීම හේතුවෙන් El Niño" සහ "La Niña" යන ප්‍රතිවිරුද්ධ අවධීන් දෙක සඳහා සාගරයේ සහ වායුගෝලයේ යම් යම් වෙනස්කම් අවශ්‍ය වන බවත් ඔහු පවසයි.

මෙහිදී “Neutral” හෙවත් "උදාසීන" තත්වයක් යනු අඛණ්ඩව මධ්‍යම තත්වයේ පැවතීමයි.
ENSO diagram
Pacific Ocean – even in neutral state the Western Pacific is warm. Source: Reproduced with the permission of the Bureau of Meteorology.

El Niño සහ La Niña තත්ත්ව

La Niña තත්වය සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් අභ්‍යන්තර නැගෙනහිර සහ උතුරු ප්‍රදේශ හරහා සාමාන්‍යයට ප්‍රමාණයට වඩා වැඩි වර්ෂාපතනයක් ඇතිකිරීම සිදුකරයි. මේ හේතුවෙන් ගංවතුර තත්ත්ව ඇතිවීමද සිදු වේ.

El Niño තත්වය සාමාන්‍යයෙන් උතුරු සහ නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ වර්ෂාපතනය අඩුවීම සඳහා බලපායි.
මහාචාර්ය Power සඳහන් කොට සිටින්නේ පැසිෆික් සාගරය සහ ඊට ඉහලින් ඇති වායුගෝලය සෘතු කිහිපයක් සඳහා neutral 'normal' නොහොත් මධ්‍යස්ථ 'සාමාන්‍ය' තත්වයෙන් වෙනස් වන විට ඒවා ඇතිවන බවයි.

El Niño තත්වය ඇතිවන කාලය තුළදී මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ සාගර ජලය උණුසුම් වීම සිදු වන අතර ඕස්ට්‍රේලියාවට උතුරින් සහ අග්නිදිග ආසියාව අවට සාගර ජලය සිසිල් වීම සිදු වේ.

මහාචාර්ය Power පවසන්නේ සාගරයේ එම වෙනස්වීම්, ඉහළින් ඇති වායුගෝලයට ප්‍රබල බලපෑමක් සිදු කරන අතර සුළං තත්වය දුර්වල වීම හේතුවෙන් වර්ෂාපතනය, අග්නිදිග ආසියාවෙන් මෙන්ම ඕස්ට්‍රේලියාවේ උතුරු දෙස සිට නැගෙනහිර දෙසට ගමන් කරන බවයි.

මේ හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ උතුරු ප්‍රදේශය සහ අග්නිදිග ආසියාව වියළී යාමට නැඹුරු වන අතර ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට වැසි ඇතිවේ.
el nino
During an El Niño event, trade winds weaken, allowing the area of warmer than normal water to move into the central and eastern tropical Pacific Ocean. Source: Reproduced with the permission of the Bureau of Meteorology.

La Niña සහ El Niño තත්වයට ප්‍රතිවිරුද්ධ ENSO අවධිය

මේ වනවිට ඔස්ට්‍රේලියාවට බලපා තිබෙන La Niña තත්වය මීට ප්‍රතිවිරුද්ධ තත්වයක් ගෙන දෙයි. ඕස්ට්‍රේලියාවට උතුරින් සහ අග්නිදිග ආසියාවේ සාගර ජලය උණුසුම් වීම මේ වනවිට සිදුවන අතර ඒ ඔස්සේ වැඩි වර්ෂාපතනයක් ආකර්ෂණය කරන බව මහාචාර්ය Power පෙන්වා දෙයි.

එමෙන්ම ඔහු පවසන්නේ, සාගර ජලය උණුසුම් වීම සිදුවන විට මුහුදු මට්ටමද ඉහල යාම සිදුවන අතර මේ හේතුවෙන් මෙම කාලය තුලදී වැඩි වර්ෂාපතනයක්, ඉහළ මුහුදු මට්ටමක් සහ වඩා මෘදු උෂ්ණත්වයක් අත්දකින බවයි.

“Neutral” හෙවත් "උදාසීන" තත්වයක් යනු අඛණ්ඩව මධ්‍යම තත්වයේ පැවතීම වන අතර මෙහිදී සමකය ආසන්නයේ සාගරය මතුපිට උෂ්ණත්වය සාමාන්‍ය තත්වයට පත්වීම සිදු වේ.
La Nina
During a La Niña event, the Walker Circulation intensifies with greater convection over the western Pacific and stronger trade winds. Source: Reproduced with the permission of the Bureau of Meteorology
මහාචාර්ය Power පෙන්වා දෙන්නේ මෙම තත්ත්ව අතර සිදුවන දෝලනය බොහෝ විට අක්‍රමවත් වන බවයි.

එක් වසරක El Niño තත්වයක් සඳහා ඔස්ට්‍රේලියාව මුහුණ දිය හැකි අතර අනෙක් වසරේදී La Niña හෝ Neutral තත්වයක් සඳහා මුහුණ දීම සිදුවිය හැක. එමෙන්ම ඒ අතරතුරදී තවත් La Niña තත්වයක් ඇතිවිය හැකි බවත් ඔහු පවසයි.

මෙලෙස ඉතා අක්‍රමවත් ලෙස එක් අදියරකින් තවත් අදියරකට වෙනස් වීම සිදුවිය හැකි අතර එම එක් අදියරක් සාමාන්‍යයෙන් මාස 12ක් පමණ පවතී.

සියලුම වසර වලින් අඩක පමණ කාලයක් El Niño Neutral තත්වයක් පැවතිය හැකි අතර තවත් මාස 3ක් පමණ La Niña සහ ඉතිරි මාස 3 El Niño තත්ත්ව තිබිය හැකි බව මහාචාර්ය Power පවසයි.

ENSO තත්ත්ව දර්ශක

ඕස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය මගින් ENSO දර්ශක පරාස පිළිබඳව අධීක්‍ෂණය කර වාර්තා කිරීම සිදු කරයි.

ඒවා නම් -

  • නිවර්තන වර්ෂාපතන ක්‍රියාකාරිත්වයේ කෙටි කාලීන බලපෑම් 
  • මුහුදු මතුපිට සහ ගැඹුරේ ජල උෂ්ණත්වය
  • සාගරයේ තාප අන්තර්ගතය සහ ශක්ති ප්‍රමාණය 
  • පහළ වායුගෝලයේ නිවර්තන කලාපයේ වායු ප්‍රවාහයේ තීව්‍රතාවය හෝ ශක්තිය පිළිබඳ මනින එක පිළිබඳව 
  • වායුගෝලීය වායු පීඩනය 
  • නිවර්තන කලාපවල වලාකුළු ප්‍රමාණය
  • සුළං වල ශක්තිය සහ වායුගෝලයේ ඉහළ සුළං තත්වය 
  • සාගර ධාරා පිළිබඳව
මෙම දේශගුණ දර්ශක, වත්මන් ENSO තත්ව පිළිබඳ තොරතුරු සපයන අතර ඉදිරි මාස සඳහා බලපවත්විය හැකි තත්ත්ව පිළිබඳව අනාවැකි සඳහා භාවිතා කරයි.
storm clouds
Source: Getty Images/Andrew Merry

The Southern Oscillation Index නොහොත් දකුණු දෝලනය දර්ශකය

කාලගුණ විද්‍යා කාර්යාංශයේ දේශගුණ නිරීක්ෂණ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ දේශගුණ විද්‍යාඥ ආචාර්ය Lynette Bettio පවසන්නේ මෙම Southern Oscillation Index නොහොත් දක්ෂිණ දෝලන දර්ශකය මගින් Tahiti ප්‍රදේශය සහ Darwin ප්‍රදේශය අතර මතුපිට වායු පීඩනයේ වෙනස මැනීම සිදු කරන බවයි.

එමෙන්ම මෙය El Niño සහ La Niña තත්ත්ව සඳහා සෘජු ලෙසම බලපානු ලබයි. මෙය ප්‍රබල ලෙස ධන අගයන් හෝ ප්‍රබල ලෙස සෘණ අගයන් ගත්විට El Niño සහ La Niña අවධීන් සමඟ ඕස්ට්‍රේලියානු වර්ෂාපතනයට බලපෑම් සිදු කරන බවත් ආචාර්ය Lynette පවසයි.

ප්‍රදේශ හෝ ධ්‍රැව දෙකක් අතර මුහුදු මතුපිට උෂ්ණත්වයේ වෙනසක් පවතින The Indian Ocean Dipole

2019 වසරේදී ඕස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රදේශ වල හටගත් ලැව්ගිනි අතරතුර Indian Ocean Dipole තත්වයද ක්‍රියාත්මක වීම සිදුව තිබේ.

මෙහි සෘණාත්මක තත්වය මගින් වැඩි වර්ෂාපතනයක් ඇතිකරන බව UNSW හි දේශගුණික විපර්යාස පර්යේෂණ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ සහායක සහ CSIRO අනුබද්ධ ප්‍රධාන විද්‍යාඥයකු වන Agus Santoso පවසයි.
The Indian Ocean Dipole යනු ENSO තත්වයට සමාන දේශගුණික තත්වයක් වන නමුත් එය ඉන්දියානු සාගරය දෙසින් සිදු වේ.

ඉන්දියන් සාගරයේ නැගෙනහිර දෙසින් මුහුද මතුපිට උෂ්ණත්වය ඉහල යන විට මෙම Indian Ocean Dipole හි ධනාත්මක තත්වය හටගනී. මේ අතරතුර ඕස්ට්‍රේලියාවට බටහිර දෙසින් සහ ඉන්දුනීසියාවේ මුහුද සාමාන්‍ය ප්‍රමාණයට වඩා සිසිල් වන අතර එය සිදු වූ විට එය ගිනිකොනදිග ඕස්ට්‍රේලියාව පුරා වියළි තත්ත්වයක් ඇති කරයි.

ඕස්ට්‍රේලියාවේ වර්ෂාපතනයට සහ උෂ්ණත්වයට බලපෑම් කළ හැකි දේශගුණික සාධකයක් වන Southern Annular

මෙම Southern Annular විශේෂයෙන්ම දකුණු ඕස්ට්‍රේලියාවේ වර්ෂාපතනය සඳහා වැදගත් සාධකයකි. මෙය Antarctic Oscillation නොහොත් ඇන්ටාක්ටික් දෝලනය ලෙසද හැඳින්වේ.

මේ ඔස්සේ දකුණු සාගරයේ සුළං පිහිටීම පාලනය කිරීම සිදු කරන අතර ඕස්ට්‍රේලියාවේ දකුණු ප්‍රදේශයේ පිහිටි ටස්මේනියාව වැනි ප්‍රදේශ වලට කුණාටු ගෙන ඒමද සිදුකරයි.


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


විද්‍යාඥ Agus පවසන්නේ මෙහි ධනාත්මක මුහුණුවර අතරතුර සුළං දකුණට ගමන් කිරීම සිදුවන අතර ඕස්ට්‍රේලියාවේ දකුණු කොටසේ වියළි තත්වයක් ඇතිවන බවයි. නමුත් එය ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර කොටසෙන් වැඩි සුළඟක් රට තුලට පැමිණීමට ඉඩ සලසයි.

මෙම සුළං තත්වය එම ප්‍රදේශ සඳහා වර්ෂාපතනය ගෙන ඒමට හේතු විය හැකි තෙතමනයද ගෙන ඒම සිදු කරයි.එමෙන්ම මෙය La Niña තත්වය සමග එක් වූ විට දැඩි වර්ෂාපතනයක් ඇති කළ හැක.

දේශගුණික විපර්යාස

මහාචාර්ය Power පවසන්නේ දේශගුණික විපර්යාස සැලකිල්ලට ගත යුතු බවයි. සිදුවන්නේ කුමක්ද යන්න තේරුම් ගැනීමට නම්, ස්වභාවික විචල්‍යතාවය පමණක් නොව එම දේශගුණික විචල්‍යයන්ට දේශගුණික විපර්යාස මගින් සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳවද අවධානය යොමු කිරීම වැදගත් වේ.

ඔහු අවධාරණය කොට සිටින්නේ El Niño සහ The Southern Oscillation වැනි ස්වභාවික තත්වයන්ට අමතරව මිනිසා මගින් බලහත්කාරයෙන් සිදුකරන දේශගුණික විපර්යාසයන් ද මෙම කාලගුණික සිදුවීම් කෙරෙහි බලපාන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් ඕස්ට්‍රේලියාව අවට ද ඇතුළුව ලොව පුරා දිගු කාලීන උනුසුම් වීම සහ දිගු කාලීන මුහුදු මට්ටම ඉහළ යාම සිදුවන බවයි.

 


ඕස්ට්‍රේලියාවේ ජීවත්වීමේදී සංක්‍රමනිකයෙකු ලෙසට ඔබ දැනගත යුතු වැදගත් අංශ පිළිබඳව ඔබ වෙත තොරතුරු ගෙන එන SBS සිංහල සේවයේ "Settlement Guide" සතිපතා විශේෂාංගය ට සවන්දෙන්න සෑම අඟහරුවාදා දිනකම පෙරවරු 11 සිට


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhalese
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න

Share
Published 26 December 2021 9:10pm
Updated 12 August 2022 2:54pm
By Chiara Pazzano, Nipuna Dodangoda


Share this with family and friends