Coles වලින් පසුව දැන් ඕස්ට්‍රේලියාවේ Target වෙළද සල් වල සේවකයන්ටත් අඩුවෙන් වැටුප් ගෙවා ඇති බව හෙළි වේ (SBS සිංහල / වාර්තා )

s

Source: ABC Australia

Wesfarmers ආයතනය විසින් ඔවුන්ට අයත් Target හි සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවා ඇති බව පිළිගෙන තිබේ. මීට පෙර එම ආයතනය Bunnings සමාගමේ සේවකයන්ට superannuation අඩුවෙන් ලබා දීමක්ද වාර්තා විය. ඔවුන්ගේ මධ්‍ය වාර්ෂික ගිණුම් හෙළි කිරීමේදී Target සේවකයින්ට හිඟ මුදල් ගෙවීම සදහා ඩොලර් මිලියන 9ක් වෙන් කිරීමක් සිදුව තිබේ. එසේම ඔවුන්ගේ කාර්මික හා ආරක්ෂාව පිළිබද අංශයේ Blackwoods හා King Gee හා Hard Yakka යන සේවකයන්ට superannuation හිඟ මුදල් ගෙවීම සදහා ඩොලර් මිලියන 15ක් ද වෙන් කොට තිබේ. එම අඩුවෙන් ගෙවීම් මීට වසර 10ට පමණ පෙර සිට දැනට සිටින සේවකයින් 2000ට හා හිටපු සේවකයින් 4000කට බලපෑ ඇතැයිද වාර්තා වේ.

කර්මාන්ත  නීතිඥවරු පවසන්නේ මෙසේ විශාල සමාගම් සේවකයන්ට අඩුවෙන් වැටුප් ගෙවීම දැන් බහුලව දක්නට ලැබෙන බවත්, ඒ නිසා මෙම සමාගම් විගණන වාර්තා විමර්ශනය කරමින් එම හිග මුදල් ගෙවීමට කටයුතු කරන බව.

වෘත්තීය සංගම් වල අදහස

ඕස්ට්‍රේලියාවේ විශාලතම වෘතීය සංගම් පවසන්නේ සන්ධාන රජය විසින් නීති වෙනස් කිරීමෙන් පසුව මෙසේ බොහෝ විශාල සමාගම් අඩුවෙන් වැටුප් ගෙවීම සිදු වන බවයි. ඒ නිසා එම සංගම් වලට සේවකයන්ගේ වැටුප් වාර්තා බැලීමට රජය හා නීතිපතිවරයා ඉඩ ලබා දුන හොත් මෙම තත්වය පාලනය කල හැකි බව ඔවුන් පවසනවා. Coles සමාගමේ වැටුප් අඩුවෙන් ගෙවීම හෙළිවීමෙන් පසුව නීතිපති Christian Porter පවසා ඇත්තේ එවන් ආයතන අපරාධ සිදු කල බවට චෝදනා එල්ල කල හැකි ලෙස නව නීති ගෙන එන බවයි.

සමාගම් සිය වැටුප් ක්‍රම වේද වල වැරදි නිසා මෙය සිදුවුවා යයි පැවසීම පිළිගත හැකිද ?

කුඩා සමාගම් එසේ වැටුප් පද්ධතියේ ඇති සංකීර්ණ භාවය නිසා එසේ වැරදි සිදු වූ බව පවසන විට පිළිගත හැකි වුවත් විශාල සමාගම් වලට ඒ සදහා නීතිමය සහය, මානව සම්පත් ආදිය ඇති නිසා එය ඔවුන් ට බේරීමට කාරණයක් නොවන බව නීතිඥ Andrew Jewell පවසනවා. ඒ නිසා මෙය එම සමාගම් විසින් තම වියදම් අඩු කිරීම හා සේවකයන්ට වැඩිපුර ගෙවීම් වැලැක්වීම සදහා කටයුතු කිරීමේදී සිදු වූ බව සිතිය හැකි බව ඔහු පවසයි. Wesfarmers ආයතනය පවසා ඇත්තේ ඔවුන්ගේ අනෙක් සමාගම් වල මෙසේ අඩු වැටුප් ගෙවීමක් හෙළි වී නොමැති බවයි.

Wesfarmers ආයතනයේ වාර්තා කොට ඇත්තේ මෙම අර්ධ වාර්ෂික ගිණුම් හෙළි කිරීමේදී 5.7%ක ලාභ වර්ධනයක් වාර්තා වී ඇති බවයි. එය ඩොලර් බිලියන 1.13ක දල ලාභයක් වේ. එසේම 75% ක ලාභාංශ ද කොටස් හිමියන් වෙත ලබා දීමට Wesfarmers සැරසේ. මේ අතර Wesfarmers ආයතනය coles සමාගමේ ඔවුන්ගේ අයිතීයෙන් 4.9% ක  කොටස් විකිනීමටද තීරණය කොට ඇත. එමගින් තවත් ඩොලර් බිලියන 1ක ආදායමක් ඔවුන් බලාපොරොත්තු වේ.

Source: ABC News
How to listen SBS Sinhala Radio
. Source: SBS Sinhala Radio



Share
Published 20 February 2020 7:12am
Updated 20 February 2020 1:43pm
By Charitha Adikari

Share this with family and friends